ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වෙත පිවිසීමට හැකිවන පරිදි ඔහු සම්බන්ධයෙන් පනවා තිබූ ඇප කොන්දේසි වෙනස් කිරීමට ඔස්ට්‍රේලියා අධිකරණය නියෝග කළේය.
කළුබෝවිල ශික්ෂණ රෝහලට බාහිරින් රැගෙන එන නාඳුනන හා අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු (06) දා සිට එහි මෘත ශරීරාගාරයෙන් තාවකාලිකව භාර නො ගැනීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇතැයි කළුබෝවිල ශික්ෂණ රෝහල පවසයි.
Read Moreහෝමාගම ප්‍රදේශයෙන් සිදුවූ වෙඩි වෙඩි තැබීමකට සහ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටී ’’අතුරුගිරියේ ජෙරම්’’ නමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
Read Moreයල කන්නය සඳහා මඩපොහොර හෙවත් TSP පොහොර ගොවීන් වෙත නොමිලයේ බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැම්ණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි.
Read Moreවෙද නලාව කර වටා දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙමින් රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
Read Moreදික්ඕවිට ලෙල්ලම ආසන්නයේ තාවකාලික කුටියක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 12 ක් වටිනා මාළු දැල් 55 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය පවසයි.
Read Moreඉදිරියේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් මහනුවර නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ සූදානමක් පිළිබඳව ලද තොරතුරකට අනුව මහනුවර නාගරික සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද හදිසි පරීක්ෂාවකදී රුපියල් ලක්ෂ 15 ක් වටිනා පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විනාශ කිරීමට පියවර ගෙන තිබේ .
Read Moreශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.
Read Moreරූමත් සම්භාහන සේවිකාවගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනෙක් සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
Read Moreකදුරට ජනතා බලය නමින් වතුකරයට නව වෘත්තිය සමිතියක් පිහිටුවිමේ සමාරම්භක උත්සවය අද (05දා) දින හැටන් පෞද්ගලික උත්සව ශාලාවකදි සිදු කෙරිණ.
Read Moreවිදෙස් සංචාරකයින්ගේ සහභාගීත්වයෙන් පැවති බක්මහ උළෙලක් අද (5දා)අකුරළ ප්‍රදේශයේදී පැවැත්විණ. රටවල් රැසකම විදෙස් සංචාරකයින් මේ බක්මහ උළෙලට සහභාගිවී සිටියහ.
Read Moreඇල්ල බල්ලකෙටුව නාවෙළගම මැතිවරණ නිවාස යෝජනා ක්‍රමය ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ අඹු සැමි යුවලකට මුණුබුරෙකු විසින් 04 දින රාත්‍රි තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
Read Moreබත් පාර්සල්, කොත්තු හා ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රි සිට සියයට 20කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
Read Moreශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය සිදු නොකරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් හා ශ්‍රී ලංකා සුරාබදු නිළධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පැවසීය.
Read Moreතණමල්විල පොලිස් වසමට අයත් ගල්වලයාය පාර අසලදී ඉකුත් (04) වෙනිදා කුරියර් සේවකයෙකුට පහරදී බියගන්වා ඔහු ලඟ තිබූ රුපියල් අසූදහසක් වටිනා මුදල් සහ දේපළ මංකොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳව තණමල්විල පොලීසිය පරීක්ෂණ පවත්වයි. පැමිණිලිකරු හඳපානාගල වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි විසිදෙහැවිරිදි අයෙකු වන අතර ඔහු ඉකුත් 04 වෙනිදා තම සමාගමට ලැබුණු පාර්සල් 38 බෙදාදීමට ගොස් එයින් 33 අයිතිකරුවන්ට ලබාදී ඒ සඳහා මුදල් රුපියල් හැටදහසක්ද ලබාගෙන ඇත.
Read Moreතණමල්විල මාර්ගයේ නුුුගේයාය ප්‍රදේශයේදි 04 දින රාත්‍රි 9.30ටපමණ සිදුවු රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිගොස් දරුවෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක නවසීලන්තය සමත්විය.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී ලකුණු 141ක් රැස් කළේය.
Read More2023 IPL තරගාවලියේදී ආබාධයකට ලක්වූ කේන් විලියම්සන් වෙනුවට ශ්‍රී ලංකා සීමිත ඕවර නායක දසුන් ශානක බඳවා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තීරණය කර තිබේ.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අනුව නැකතට පැළයක් - ජාතික රෝපණ නැකත මෙවරත් සැමරීමට කටයුතු යොදයි.
Read Moreරුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේදී සාකච්ඡා කෙරිණි. එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය.
Read More“රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ චක්‍ර ලේඛය යටතේ ඉස්සෙල්ලාම විදේශ සංචාරයක යෙදුනේ මම. රුසියාවට ගියේ. පැය 9ක් කොළඹ සිට මොස්කව් වලට ඉකොනොමි ක්ලාස් එකේ තමයි ගියේ.මොකද දැන් ඇමතිවරුන්ට කියලා තියෙන්නේ ආර්ථික පංතියේ යන්න කියලා. ආර්ථික පංතයේ පැය 9ක් ඉදගෙන යන කොට හොඳයි. ඒක ඉතින් හැම කෙනාම කැප කිරීම් කරන්න ඕන. මම ඉතින් යාම් ඊම් දෙකම පැය 9 බැගින් කැප කිරීම් කළා.”
Read Moreපළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.04.03 දින අරලියගහ මන්දිරයේදී රැස්විය.
Read More2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනා කරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුරු පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreඅලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
Read Moreලංකා ධීවර සංස්ථාවේ සභාපති ලෙස දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ඩී.වී උපුල් මහතා පත් කෙරිණි. එම පත් කිරීමට අදාල ලිපිය අද (04දා) දින ධීවර අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඩී.වී. උපුල් මහතා වෙත ප්‍රදානය කරන ලදි.
Read Moreසිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය සමයට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව අද සිට ලබන 17 දා තෙක් මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය.
Read Moreඅනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා 2022.07.20 දින පවත්වනු ලැබූ රහස් ඡන්දය විමසීමේදී භාවිතයට ගනු ලැබූ ඡන්ද පත්‍රිකා විනාශ කරනු ලැබූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (04) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read More