saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3343 hours ago

LATEST

ක්‍රිකට් ආයතනය රු. ලක්ෂ 1000ක් ළමයි වෙනුවෙන් පිනට දෙයි

calendar_today 2023 අගෝ 21 - 11:10 remove_red_eye - 449  

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 1000ක පරිත්‍යාගයක් සිදුකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට සමාගාමීව මෙම ප්‍රධනය සිදුවිය.

වව්නියාව පූන්තොට්ටමු ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකදී ඊයේ (20) දින පුද්ගලයින් දෙදෙනකු අතර වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ පහර දී ගැනීමකදී එක් අයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

Read More

මේ මොහොත වන විට අප රටේ භයංකාර ආර්ථික සමාජීය විනාශයක් සිදු වෙමින් පවතින බවත් මේ මොහොත වන විට පවුල් 60000කට ආසන්න ප්‍රමාණයකට පිරිසුදු පනීය ජලය අහිමිවී ඇති බවත් හෙක්ටයාර ලක්ෂ ගණනින් වගා බිම් නියගය නිසා විනාශවී ඇති බවත් එසේම ගොවි ජනතාව ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවගේ ජීවනේපාය අහිම වෙමින් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා 08/21 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

Read More

එහිදී වනිඳු හසරංග ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අවසන් මහ තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකරන ලෙස ඉල්ලා සිට ඇති අතර ඒ අනුව මැතිව්ස් අවසන් මහ තරගයේදී පන්දුවාර දෙකක් යොමු කිරිමට කටයුතු කෙරිණි. ඔහුට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් තම පන්දුවාර දෙකේදි ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 11ක් පමණි.

Read More

දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත්කරමින් ලංකා ප්‍රිමියර් ලීග කිරුණ තමන් සතු කර ගැනිමට නුවර කණ්ඩායම සමත්විය.

Read More

මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්‍රමුඛ ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බවත් වැදගත් තීන්දු තීරණ රැසක් ගනිමින් එහි ප්‍රවර්ධනය වෙනුවෙන් රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ පොන්ගල් පූජාවක් පැවත්වීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුලු පිරිසක් ඇතුලු වීමේන් එහි කුරුන්දි විහාරයේ දායකයින් සමග ඇති වූ උණුසුම් තත්වය පාලනය කල බවට මුලතිව් පොලීසිය පවසයි.

Read More

නාවික හමුදාව මඟින් දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ත්‍රීකුණාමලය වරාය ඇතුලත සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ මුහුදු සංචාර යළි ඇරඹීමේ නියමු ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 19 වන දින ත්‍රීකුණාමලය වරාය පරිශ්‍රයේ දී නිල වශයෙන් ආරම්භ කෙරිණි.

Read More

ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට (21) සහ අනිද්දා (22) දිනවලට අදාළ වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල

Read More

මොරවැව ගුවන් හමුදා කදවුරේ මූලික පුහුණුව හදාරමින් සිටියදි යුධ අභ්‍යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා ඊයේ (20) පස්වරුවේ කැලේ අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි.

Read More

ස්පයිස් ජෙට් ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා 08/20 පස්වරුවේ සිට ආරම්භ කළේය.

Read More

කාන්තා පාපන්දු ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී එංගලන්තය ගෝල 1 -0 ක් ලෙස පරාජයට පත්කරමිනි.

Read More

කන්ද උඩරට ඇසළ පෙරහැර නැරඹීම සඳහා අති විශාල විදේශිකයන් පිරිසක් මෙවර පැමිණීමට නියමිත බැවින් වාර්තාගත ඉහළ මිළ ගණන් වලට පෙරහැර නැරැඹීමේ ආසන අලෙවි වෙමින් පවතින බව ආසන අලෙවිකරුවෝ පවසති .

Read More

වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034 ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරකීමේ ජාතික ව්‍යාපාරය සමගි ජනබලවේගයේ එක්ව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයට ජනතාවගේ අත්සන් ගැනීම බණ්ඩාරගම දී සිදු කෙරුණා.

Read More

නොසැලකිලිමත් ලෙස ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළක් හෙට (21) දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා ඊයේ (19) නියම කළේය.

Read More

ස්කූටරය කින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රී එල්ල කරන ලද වෙඩි පහරක් දෙහිවල ඕබන් පෙදෙස ක්‍රීඩා පිටිය අසල නිවසක් ඉදිරිපිට දියණිය සමඟ රැඳී සිටි පුද්ගලයෙකුට වැදි ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි.

Read More

අපි ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය කරලා දිනාගත් රට භාරදුන්නේ පහත් දේශපාලකයන්ට. ඒ නිසා අද රටේ තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. යුධහමුදාවේ මාණ්ඩලික ප්‍රධානි වරයෙක් මීට පෙර මෙහෙම කතා කරල නෑ. මම මෙතනට ආවේ යමක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මට රට ගැන ඇත්තේ රට ගැන කණගාටුවක්, මොකද දැන් මේ රට අනාගතයක් නැති රටක් වෙලා.

Read More

සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ අග්බෝ හස්තියා පිරිත් නූල හොඩයෙන් ගෙන, තම අසාධ්‍ය පාදයේ පටලා ගත් අවස්ථාව, විරල අවස්ථාවක් බවත් සොබාදහම යනු බුදු දහම බවත් පූජ්‍ය වන වාසී රාහුල හිමිපාණන් පැවසූහ.

Read More

ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන්ම සේවාවන් සැපයීමේ දී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහිම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රාජ්‍ය බදු යාන්ත්‍රණය ඉහළ නංවාලීම සඳහා දේශීය ආදායම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Read More

මෙරට ජාතික ආරක්ෂාව පිළිබද සමාලෝචනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නව ආර්ථික ප්‍රවනතා මෙන්ම දේශගුණික විපර්යාස ඇතුළු සියලු සාධක කෙරෙහි එහිදී අවධානය යොමු කෙරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය සිදුකරනු ලබන මත සමීක්ෂණය අනුව ඡන්ද දායකයන් ඡන්දය භාවිත කිරීමේදී සියයට 30ක් කිසිම පක්ෂයක් සහාය නොදක්වන බවට ප්‍රකාශ කර තිබේ.

Read More

ජංගම දුරකතනයක් භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් අද (19දා) මිය ගොස් ඇත‍.

Read More

ආනයන සීමා ලිහිල් කිරීමෙන් දේශියව නිෂ්පාදනය වන ආදේශන භාණ්ඩ ආරක්ෂා කර ගැනීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

පසුගිය 16 දා කොලොන්න පොලිස් වසමේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකුට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ පැහැරගෙන ගොස් ඇති බවට කොලොන්න පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණ බව පොලස් මූලස්ථානය කියයි.

Read More

හම්බන්තොට - නව පොල්පිටිය 220 ක්V අධි වෝල්ටීය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ අවසන් වැඩ කටයුතු සිදුකෙරෙමින් පවතින හෙයින්, හම්බන්තොට - නව පොල්පිටිය ‍රැහැන් මාර්ගය අවට කලාපය තුල සරුංගල් යැවීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නේ යැයි ලංවිම නිවේදනය කරයි.

Read More

මහනුවර ඇසළ උත්සවය හේතුවෙන් එළැඹෙන 26 දා දින සිට 31 දා දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දුම්රිය කාලසටහන පහත පරිදි වෙයි.

Read More

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.