ක්ලබ් වසන්ත ඝාතන සිදුවිමට බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්රී අත්අඩංගුවට
ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් පානදුර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු හා රියදුරුට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්රීවරයකු වන අමල් සිල්වා නමැත්තා පානදුර පින්වත්ත නිවසේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ලොකු පැටි නැමැත්තාගේ උපදෙස් මත එම නවාතැන් පහසුකම් ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී ඇත.
දින 25ක කාලයක් සැකකාර වෙඩික්කර සහ රියදුරුට නවාතැන් පහසුකම් ලබා දී ඇතැයි සැකකරුගෙන් ආනාවරනය වී ඇත.
සැකකාර මන්ත්රීවරයාගේ පානදුර පින්වත්ත දෙමහල් නිවස පුරා පැයකට අධික කාලයක් පරික්ෂා කිරීමටද පොලිසිය මගින් පියවර ගැනීමෙන් අනතුරුව හිටපු මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.ඒම පුද්ගලයාගෙන් ප්රශ්න කර ප්රකාශ ලබා ගැනීමට නියමිතය.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
