මතුගම සැරයන් අල්ලස් දැලේ
- 30 08 2024
- 08:45
- {{hitsCtrl.values.hits}} views
- ..
මතුගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරයන් වරයෙකු මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවවේ නිළධාරින් ව්සින් අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියට අනුයුක්තව මතුගම අධිකරණයේ ආරක්ෂක රාජකාරි නියුතු සැරයන් වරයෙකු බව පොලිසිය කීය.
සැකකාර සැරයන් වරයාව අත්අඩංගුවට ගනු ලැබූ නිළධාරීන් විසින් ඉදිරි විමර්ශන කටයුතු සදහා ඊයේ (29) රාත්රි 10 වනවිට මතුගම පොලිසියට රැගෙන විත් සිටී බවද නිළධාරියා වැඩිදුරටත් පැවසීය .
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු යතුරු පැදියක් මුදාහැරීම සදහා සහාය වී මුදල් අල්ලසක් ලබාගැනීමට යාමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
සැකකාර සැරයන් වරයා ඊයේ (29) උදෑසන සිට අද (30) උදෑසන 6 දක්වා රාජකාරි නම්කර සිට ඇති බවද සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
