සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මහ නාහිමිවරුන්ට පිළිගන්වයි
සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්රකාශනය මල්වතු අස්ගිරි මහනාහිමි වරුන්ට බාර දුන්නේය .
ජනාධිපති අපේක්ෂක සජිිිත් ප්‍රේමදාස මහතා අද (29) සවස මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් මල්වතු අස්ගිරි මහා විහාරයන්ට ගොස් ඒ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය මහා නා හිමිවරුන්ට පිළිගැන්වීම සිදුකළේය .
මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන්ටත් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන්ටත් එහිදී ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගැන්වීම සිදු කළ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, සුජීව සේනසිංහ, වසන්ත යාපා බණ්ඩාර, අර්ජුන රණතුංග, ඉමිතියාස් බාකිර් මාකර්, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .
ෂේන් සෙනෙවිරත්න


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
