saravita-anim2

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3381 hours ago

LATEST

මංගල දිනයදා ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ මනමාලිය

calendar_today 2023 මැයි 27 - 18:20 remove_red_eye - 1208  

මංගල දිනයදා ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ තරුණියක් පිළිබඳ තොරතුරු වැලිගම මදුරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙරට සිටි කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ ජයන්ත ධනපාල මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

Read More

මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන්කෙරේ. එම මුදල් ලබාදෙන්නේ පුහුණුවන කාල සීමාව තුල එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ පුහුණු දීමනාව ගෙවීමටය.

Read More

අහංගම පොලිස් වසමේ මීගහගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු අතර ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙකු (පුතා) එල්ල කළ පොලු පහරකින් පුද්ගලයෙකු (බාප්පා) මියගොස් තිබේ.

Read More

නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා බැරලයක් ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පෙරේදා (25 දා) පස්වරුවේ එම සැකකරු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීම හේතුවෙන් එම නිලධාරියා කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර ඇති බවත්, පහර දීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඇටවීරගොල්ලෑව පොලිසිය පවසයි.

Read More

උතුරු, උතුරු - මැද, වයඹ හා නැගෙනහිර පළාත්වල හා මොණරාලගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පවසයි.

Read More

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළ සිරුර ඊයේ (26දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

අවිස්සාවෙල්ල පොලිස් වසමේ තල්දූව මං සන්ධියේදී අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

Read More

කොළඹ නගර සභාවේ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයට පත්කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Read More

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 51 දෙනෙකු රවටා රුපියල් කෝටි දෙක හමාරකට අධික මුදලක් වංචාකළ බවට සැකපිට දකුණු කොරියානු ජාතිකයෙකු අද (26දා) පෙරවරුවේ කොට්ටාව ප්‍රදේශයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්විය.

Read More

මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද (26) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

ලෝක වෙළද මධ්‍යස්ථානයෙන් කඩකාමර ලබා ගැනීමෙන් රු. මිලියන 16කට ආසන්න ඇප මුදලක් අහිමි වීම පිළිබද වාර්තාවක් කැදවයි අධිකාරි‍ය සදහා ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී වැඩි ලංසුවට යාම නිසා රු මිලියන 36ක අලාභයක්

Read More

ඩො. මි. 10 කට තක්සේරු කර තිබූ මැණික් පොකුරම ඉන් අනතුරුව ඩො. 10,000 කට ආසන්න මුදලකට තක්සේරු කිරීම පිළිබදව කොප් කමිටුවේදී දැඩි අප්‍රසාදයට ලක්විය.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය හරහා ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මාසයේදී ඉහළ දමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

සාපෙල නැවත සම්ක්ෂණ ප්‍රතිඑල තවමත් නෑ පසුගිය වසරේ පැවැති සමාන්‍ය පෙළ විභාලයට අදාලව නැවත සම්ක්ෂණ අයදුම්පත් යොමු කර තිබෙන පිිරිස්වෙත මෙතෙක් ප්‍රතිඑල නිකුත කර නොමැති බව එම පිරිස් පෙන්වා දෙති.

Read More

පසුගිය සති කිහිපය පුරාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් ගේ අවධානයට ලක් වූ ලෝකයේ රටවල් 195 සහ එහි අගනුවරවල් හිස් සිතියමක ලකුණු කරන සිගිත්තා වන අවුරුදු 05ක් වූ නුවරඑළියේ කලානේෂන් හර්ෂිත් ඊෙය් (25) දින ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය .

Read More

2021 මහ කන්නයේ සිට මෙරට ගොවීජනතාවට ලබා දීමට ආනයනය කරන ලද කාබනික හා රසායනික පොහොර සඳහා ණය වශයෙන් අතිවිශාල මුදලක් අදාල පොහොර සැපයුම්කරුවන්ට ගෙවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුව තිබු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

Read More

අනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂා කිරීමේ වැඩ සටහනක් ඊයේ (25 දා) අනුරාධපුර නගරයේ දී පැවති අතර එහිදී පරීක්ෂාවට ලක් කෙරුණු පාසල් බස් රථය 106ක ප්‍රමාණයකින් බස් රථ 65ක් ළමුන් ප්‍රවාහනයට නුසුදුසු බව අනාවරණය විය.

Read More

මහවැලි අධිකාරියේ සේවාවන් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එම අධිකාරියේ යල් පැන ගිය ‘මෙහෙවර ප්‍රකාශනය සහ ප්‍රධාන කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් විරෝධය කළේය.

Read More

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එම්.තිසල් මංජිත් පියුමන්ත සහ එම්.සයුමි විමංසා පියුමන්ති මෙවර කිරුකිස්ථානයේ පැවැත්වෙන බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් චෙස් කණ්ඩායම සදහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් තෝරා ගෙන ති‌බේ.

Read More

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

Read More

මන්නාරම ප්‍රධාන පාලම මතදී පෙරේදා (24දා) ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටීමෙන් එක්අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලැබූ බවට මන්නාරම පොලීසිය පවසයි.

Read More

බුත්තල පොලිස් වසමට අයත් වගුරුවෙල වැවේයාය ප්‍රදේශයේ පදිංචි යුදහමුදා සෙබලෙකු අතුරුදහන්වී ඇතැයි සෙබලාගේ පියා විසින් බුත්තල පොලීසියට පැමිණිලිකර ඇත.

Read More

ගෝලීය භූ දේශපාලන හැසිරීම හමුවේ කලාපයේ භූමිකාව හැඩගැස්වීම සඳහා ආසියානු රාජ්‍යයන් හඬක් නැඟීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

2021 මහ කන්නයේ වී වගාවට නැනෝ දියර පොහොර ආනයනය නිසා යම් දූෂණයක් සිදුවී ඇත්ද යන්න සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කරයි.

Read More

වතු කම්කරුවන්ට ස්ථිර ලිපින ලබා දීම පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා සොයා බලමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින දැනුම් දුන්නේය.

Read More

අපොස සාමාන්‍ය පෙළ -2022 (2023) විභාග ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයන්ට ලබා නොදී රඳවාගැනීම සිදු නොකළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පවසයි.

Read More

සංචාරක වීසා බලපත්‍රයක් මත මැලේසියාවට ගොස් එහිදී රැකියාවක නිරතවූ බව කියන 44 හැවිරිදි කාන්තාවක පසුගිය 23 වන දින රාත්‍රියේ එරට තට්ටු ගොඩනැගිල්ලකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව වාර්තාවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.