saravita-anim2

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2026 අප්‍රේල් මස 08 වන බදාදා

Latest News - timelapse 416 hours ago

LATEST

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකිණීමට යයි

calendar_today 2026 ජන 02 - 19:02 remove_red_eye - 711  

රුහුණු මහා කතරගම දේවාලය සතුව ඇති රත්තරන් සංචිතයෙන් 70%ක් පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව කතරගම බස්නායක නිළමේ තිලිණ මදුසංක මහතා පවසයි.

පසුගිය 2022/2023 මහ කන්නයේ වි වගාකළ ගොවින්ට ලබාදිමේ අරමුණින් ආනයනය කොට තිබු MOP පොහොර තොගයෙන් පොහොර මෙට්‍රික්ටොන් (බණ්ඩි පොහොර) 14,400ක් ඉකුත් වර්ෂයේ (2025) අප්‍රේල් මස අවසන්වනවිටත් ජාතික පොහොර සමාගමේ ගබඩාවල භාවිතයට නොගෙන ඉතිරිව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවත්,Clean Sri Lanka වැඩසටහනත් යටතේ ක්‍රියාත්මක වන Star garment pvt ltd මූල්‍ය දායකත්වය ඇතුව Dream Destination ව්‍යාපෘතියට අනූව නවීකරණය වූ පළමු දුම්රිය ස්ථානය ලෙස තල්පේ දුම්රිය ස්ථානය අද (02) දිනයේ දී නවීකරණය කර ජනතා අයිතියට පත්කෙරුණ.

Read More

මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම ඉකුත් වර්ෂයේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 2826.5 දක්වා සියයට 12.3කින් වැඩිවි ඇති බව ශ්‍රිලංකා මහබැංකුව පවසයි. 2024 වර්ෂයේ මුල් මාස 11ට සාපේක්ෂව 2025 වර්ෂයේ මුල්මාස 11 තුලදි කෘෂිකර්මික අපනයන ආදායම සැලකිය යුතු අයුරින් වැඩිවි ඇත.

Read More

මඩකලපුවේ මූලස්ථාන පොලිස් කොට්ඨාශය බල ප්‍රදේශයේ කල්ලඩි ප්‍රදේශයේ එල්ලී මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

Read More

ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි රථවාහන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 1746ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.

Read More

වත්මන් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සීයයට සීයක්ම පාතාලය අපි අවසන් කරනවා.

Read More

ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව ගෑස් මිලෙහි වැඩිවීමක් අවශ්‍ය වුවද රට තුළ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම සඳහන් කරයි.

Read More

චීනයේ BYD, ලොව විශාලතම විදුලි වාහන (EV) අලෙවිකරු ලෙස එලොන් මස්ක්ගේ ටෙස්ලා අභිබවා යාමට නියමිත අතර, එය වාර්ෂික අලෙවිය සඳහා තම ඇමරිකානු ප්‍රතිවාදියා අභිබවා ගිය පළමු අවස්ථාව මෙයයි.

Read More

තමා තවමත් වර්ගවාදි අපහාවලට එරෙහිව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් ඕස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා පැවැසීය.

Read More

නායයෑමේ අවධානමක් හේතුවෙන් වසර 6ක් තිස්සේ වසා දමා තිබූ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පොලිසිය ඉදිරිපිට කොටස අදියර කිහිපයක් යටතේ ආරක්ෂිත පැති බැමි ඉදි කර මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු (01) දින එම මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කෙරිණ.

Read More

දකුණු ස්විට්සර්ලන්තයේ තානායමක තැබෑරුමක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 40 ක් පමණ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් 115 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය ’’බරපතල’’බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසඳුම් යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ සඳහා විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීමේ නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.

Read More

මාවනැල්ල, කෝන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි දනාගම වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඉඩම් ආරවුලක් හේතුවෙන් තම ඥාතීන් සිව්දෙනෙකුට ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් ඇති අතර ඉන් තිදෙනෙකු මිය ගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.

Read More

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද (2) දින නිකුත් කරන කිරීමට නියමිතය.

Read More

නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට ඊයේ (01දා) රාත්‍රී කාලයේ යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට නවගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ අනුව කිලෝ 12.5 මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 4,250කි. කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ මිල රුපියල් 65 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 1,710 කි.

Read More

පුනරුදයට මග වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය ප්‍ර දේශවල ජීවන තතත්වය උසස් කරමින් ජාතික ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සදහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම 2026 ජනවාරි 01 දින සිට ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම 2025 වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 673ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2025 වසර තුල සිදුකල වැටලීම්වලදී පාරිභෝගික නීති කැඩූ වෙළෙදුන් 1300 කට නඩු පවරා රුපියල් තුන් කෝටි හැටපන් දහසක දඩ මුදලක් අයකර ගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී උදය නාමල්ගම මහතා සඳහන් කරයි.

Read More

අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට (ශ්‍රී ලංකා CERT) 2025 දී පැමිණිලි 12650 කට වඩා ලැබී තිබේ. මෙය පෙර වසර හා සසඳන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බව එම ආයතනය සදහන් කර සිටී.

Read More

ශ්‍රි ලංගම රුහුණු ප්‍රා දේශිකය විසින් ඉකුත් වසරේ (2025) අවසන් දින දෙක තුලදි රුපියල් දෙකෝටි හැටලක්ෂයක ( 26,000,000) ආදායමක් උපයාගැනිමට හැකිවු බව රුහුණු ප්‍රා දේශිකයේ ප්‍රධාන කළමණාකරු උපුල් චන්දන මහතා පවසයි.

Read More

මහ බැංකුවේ නිල විදෙස් සංචිතය 2025 ඔක්තෝබර් මාසයේ අවසානයට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේදී සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් වූ අතර එය මාස 3.6ක ආනයන ආවරණයට ප්‍රමාණවත් විය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී සියයට 2.1හි නොවෙනස්ව පැවති බව මහ බැංකුව නිවේදනය කරයි. 2025 දෙසැම්බර් මාසයේ දී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මිල ගණන් සැලකිය යුතු ලෙස මාසිකව ඉහළ ගියද, හිතකර සංඛ්‍යානමය පදනම් බලපෑම මෙයට ප්‍රධාන වශයෙන් සහාය වූ බවද මහ බැංකුව පෙන්වා දෙයි.

Read More

නිව්යෝක් නගරසභා මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂ සොහ්රාන් මනී එම ධුරයේ අද (01) දිවුරුම් දුන්නේය.

Read More

යක්කලමුල්ල ප්‍රා දේශිය සභාවේ සේවය කරණු ලබන නිලධාරින් තිදෙනෙකු සදහා ඇගිලි සලකුණු යන්ත්‍රයේ පැමිණිම පිටවිම සනාථ කරගැනිමකින් තොරව නිවාඩු දින වැටුප් වශයෙන් රුපියල් එක්ලක්ෂ, හතලිස්තුන්දහස්,තුන්සියඅසුතුනක (143,383) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින්නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ගාලු පාරේ අම්බලන්ගොඩ ගොඩගමදී මෝටර් රථයක් අද (1දා) උදෑසන පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ පොල් ගසකට වැදී එහි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

අලුත් අවුරුදු උදාවේ රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙකු, අණ නොතකා ධාවනය වූ බිමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් අද (01) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහ, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන යන අයගේ සහභාගීත්වයෙන් (31) දින නාවලපිටිය සමෘද්ධි බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසර පරිහරණය පිළිබඳ සුවිශේෂි කරුණු කිහිපයක් මෙහිදි සාකච්ඡා විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.