ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ.
අයි.එම්.එෆ්. විවාදයේදී එයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මනෝරාජිකව අදහස් පළ කළද, මහ පොළොවේ යතාර්ථය වෙනස් බවත්, ඒ අනුව අවසානයේ ජයගනු ලබන්නේ, මහපොළොවේ යතාර්ථය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreමෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් කිසිවෙකු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බැවින් මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එක්ව අනුමැතිය ලබාදීම සිදුකරන ලෙස ඉල්ලීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreආර්ථික අර්බූදය හමුවේ රනිල් සූත්‍රය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සිදු වන්නේ ආර්ජන්ටිනාවට සිදුවූවාක් මෙන් අර්බූදයෙන් ගොඩ ඒමට නොහැකි වීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read Moreමෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයට එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreකොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) උදෑසන කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා එකගතාවය දක්වා ඇත.
Read Moreශ්‍රී ලංකාවේ තරුණ ගොවි සමාගමක් විසින් ප්‍රථමවරට ඉදි කර ඇති Potato Chips නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට බණ්ඩාරවෙළ කහත්තේවෙල ප්‍රදේශයේ අවසන් කර තිබේ. කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි මහත්වරුන් පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු සිදු කරනු ලබයි.
Read Moreමාතර ඇලවේල්ල ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (25) රාත්‍රි ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreකොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදිකෙරේ.
Read Moreයාපනය පූතූර් මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍ය සේවයේ නිරත වෛද්‍යවරයෙකුට එල්ල වූ ජීවිත තර්ජනයක් හේතුවෙන් එම බෙහෙත් ශාලාවේ දෛනික ප්‍රතිකාර කටයුතු නවතා දැමීමට ඊයේ (25) දින සිට පියවර ගෙන ඇත.
Read Moreරුපියල් විස්සක් වූ විට කිලෝවක මිල වට්ටක්කා ග්‍රෑම් 250 රු.5 ක් වැනි ඉතා කුඩා මිල පවතින බවද පෙන්වා දෙන ගොවීන් ආර්ථික සංවර්ධනය පිළිබඳව කතා කරන යුගයක මෙතරම් එළවළු පලතුරු පරිහානියට ලක් වන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.
Read Moreරංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරගයක් වසර පහක පමණ කාලයක සිට පවත්වා නැතැයි දඹුලු ක්‍රීඩාලෝලී හූ පවසති.
Read Moreඅද සවස 2න් පසුව දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැම්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50 ක් අඩංගු මුදල් බන්ඩලය අතුරුදන්වීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
Read Moreපසුගිය වසරේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් ආසාදිතයින් 85ක් වාර්තා වි ඇති බව ඉකුත්දා පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදි අනාවරණය විය.
Read Moreඋප්පැන්න සහතිකයක් නොමැති වීමේ හේතුව මත මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ක්‍රම වේදයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.
Read Moreසංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබදව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි අවධානය යොමුවිය. මෙම කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදි රැස්විය.
Read Moreකටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට ඊයේ සවස හදිසියේම ඇති වූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානා තුනක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
Read Moreජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreවෘත්තිකයන්ගෙන් අයකරන බදු පිළිබඳව ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් කිරීමෙන් පසුලැබෙන තීරණ මත දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණය කරන බව විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
Read Moreමෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම සිසුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය අනුව උසස් පෙළ කිරීමට ලබාදෙන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බව ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreබත්තරමුල්ල නගරයට බස් පර්යන්තයක් ඉදිකිරීම සදහා බත්තරමුල්ල කඩුවෙල මාර්ගයට ආසන්නයෙන් හදුනාගෙන ඇති ඉඩම කඩිනමින් නිදහස් කරදෙන ලෙස බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා අද (25) අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
Read Moreමෙරට අත්‍යාවශ්‍ය ඖෂධ ප්‍රමාණය 383 ක් වන අතර, ජිවිත ආරක්ෂක ඖෂධ ප්‍රමාණය 14 කි. එම ජිවිතාරක්ෂක ඖෂධ ප්‍රමාණය කිසිදු අඩුවකින් තොරව අඛණ්ඩව රට තුළ පැවැති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වනවිට එම ඖෂධ සියල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇතැයි ද කීය.
Read Moreතම බිරිඳගේ ඇඳුම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක්, ආරවුලක් දක්වා දිව දුරදිග ගොස් සිත් තැවුලට පත්ව සියදිවි හානි කරගත් සිවිල් ආරක්ෂක සෙබළකු ගේ සිරුරක් ඊයේ ( 24දා) සොයා ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
Read Moreබංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සඳහා අද (25දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read More24 වන දා උදේ 9 30ට පමණ ගාල්ල රත්ගම ප්‍රදේශයේ සිට සිතුල්පව්ව විහාරස්ථානය වැද පුදා ගැනීමට කතරගම දෙස සිට ගිය බස් රථයකට දළ ඇතෙකු පහර දී බස් රථයේ තිබු බැතිමතුන්ගේ සියලුම ආහාර පැහැරගැනීමේ සිද්ධියක් වාර්තා වේ
Read Moreමැයි මස පළමුවැනිදා සිට රුපියල් මිලියන 200කට වැඩි වටිනාකමක් සහිත ප්‍රසම්පාදන කටයුතු විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreයාල ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ තඹරව ප්‍රදේශයේ ගල් ගුහාවක් තුළ වයස මාස තුනක පමණ කොටි පැටවුන් දෙදෙනෙකු මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තාවේ.
Read Moreඅලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More