මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ කාන්තාවක් වසර තුනකට පසු අත්අඩංගුවට
පානදුර පින්වත්ත ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පොලීසිය මගහැර සිටි කාන්තාවක හෙරෝයින් මිලිග්‍රෑම් 2200ක් සමග රත්මලාන බංගලාව පාරදී ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකාරිය රත්මලාන ගාලුපාර පදිංචිව සිටින වයස අවුරුදු (46) ක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු බවටත් හෙලිවී ඇතැයිද පොලීසිය පැවසීය.
යුක්තිය මෙහෙයුමට සමගාමීව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය නිලධාරීන් විසින් රත්මලාන බංගලාව පාර සිදුකල විශේෂ මෙහෙයුමේදී සැකකාරිය පරීක්ෂාවට ලක්කල විට සගවාගන සිටි හෙරෝයින් තොගය සොයා ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය
ඒ අනුව සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලබාගත් සත්දින රැදවුම් නියෝග මත සිදුකල විමර්ශනයට අනුව මෙම කාන්තාව 2021 වසර ජුලී 18 දින පානදුර පින්වත්තේදී පුද්ගලයින් අට දෙනෙකු සමග සාමුහිකව පොලු මුගුරු වලින් ගසා තියුණු ආයුධවලින්ද පහදීමෙන් එම ප්‍රදේශයේම පදිංචිව සිටි (45) වියැති පුද්ගලයකු ඝාතනය කල සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බවටද අනාවරණය වී ඇතැයිද පොලීසිය පැවසීය.
සැකකාරිය මෙදින පටන් ප්රදේශර හැල පලාගොස් සැගව සීට ඇතී අතර මෑත කාලයේදී නැවත පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතුව සිටින අතර අලෙවීර සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමීන් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි .
එච් එම් ධර්මපාල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
