saravita-anim2

2025 මැයි මස 26 වන සඳුදා

2025 මැයි මස 26 වන සඳුදා

Latest News - timelapse 3297 hours ago

LATEST

බිරිඳට ඉන්සියුලින් අධි මාත්‍රාවක් දී ඝාතනය කිරීමට තැත්කළ වෛද්‍ය සැමියා අත්අඩංගුවට

calendar_today 2023 මැයි 01 - 13:29 remove_red_eye - 1004  

තම බරිඳට ඉන්සියුලින් අධි මාත්‍රාවක් ලබාදී ඝාතනය කිරිමට තැත්කළ වෛද්‍ය වෘත්තියේ යෙදෙන සැමියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

දකුණු කොරියාවේ පැවැත්වෙන ලෝක සාම සම්මේලනයට සහභාගීවීම සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) සිට දිවයිනෙන් බැහැරට යන බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය අංශය පවසයි.

Read More

ඉන්ධන මිල අඩුවීමේ සහනය පාරිභෝගික භාණ්ඩ හරහා ජනතාවට ලැබී නැති බවත් ඉදිරියේදී මේ වෙනුවෙන් සිය සංගමය දැඩි සටනක් ගෙන යාමට කම්කරු දිනයේදී සිට පියවර ගන්නා බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති හා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (1) පිටිගල තල්ගස්වලදී කීවේය.

Read More

ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා සුදු ඩීසල් හා භූමිතෙල් හරහා අලාභ ලබන තත්ත්වයට පත්ව තිබේ.

Read More

ඇටඹගස්කඩ, අසරණ සරණ සුබ සාධක මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 80 කට ආසන්න සාමාජික මුදලක් හා එම මුදල් සටහන් කර තිබූ ලිපි ලේඛණ හිටපු නිලධාරින් අස්තාන ගත කිරිම හේතුවෙන් සමිතියේ සාමාජිකයින් හා නව නිලධාරින් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ගම්වාසීහු පවසති.

Read More

ඉන්ධන මිල අඩු කිරිම ප්‍රමාණවත් නොවන බව හැටන් ප්‍රදේශයේ වාහන හිමියන් සහ රියදුරන් කියා සිටියි.

Read More

කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Read More

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ශව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට ඉඩ නොතබන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මැයි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනපතිවරයා මෙ බව පවසයි.

Read More

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටෙන් 92 ලීටර්යක් රුපියල් 7කින් පහත දමා තිබේ.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරනුයේ පිට පළාත්වල පැවැත්වෙන පෙලපාලී සහ රැස්වීම් සඳහා සුදුසු පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිමා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට මේ වනවිටත් පොලිස් මූලස්ථානය විසින් අව්‍යශ උපදෙස් සහ නියෝග ලබා දී ඇති බවයි.

Read More

සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 18දෙනෙකු එරටින් ඉවත් වීම ප්‍රතික්ෂේප කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී තවත් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද (30) සමත් විය

Read More

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් අතර පැනනැගී ඇති උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇඟයිමේ ගැටලුකාරී තත්ත්වය තවත් දිනකින් හෝ දෙකක් ඇතුළත විසඳෙනු ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි .

Read More

කටාර් රාජ්‍යෙව් රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර මැදපෙරදිග රටකට පලායාමට සූදානම්ව සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලීසිය සමත්ව තිබේ.

Read More

ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මලසිරුරක් අද (30) දින සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසයි.

Read More

දිවයිනේ බොහේ ප්‍ර දේශවල සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවිමට හිතකර වායූගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍ය සේවා සැපයීමේදී ඇමෙරිකානු ඩොලර් 840000 කට ආසන්න මුදලක් එරට රජයට වංචා කිරීම පිළිබඳ වරද පිළිගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ට්‍රැට්ෆර්ඩ් නගරයේ වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකුට බ්‍රිජ්පෝර්ට් ෆෙඩරල් අධිකරණය වසර හතරක සිර දඬුවමක් නියම කළේය.

Read More

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට (29) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගලා තිබුණි.

Read More

මිහින්තලේ දොරමඩලාව ප්‍රදේශයේ නිවසක තිබී අතවරයට ලක්කර කර ඝාතනය කර ඇති බවට සැක කෙරෙන, විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බවත් මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (29 දා) අත්අඩංගුවට ගත් බවත් මිහින්තලේ පොලිසිය පවසයි.

Read More

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා සෞඛ්‍ය ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ආචාර්ය උපාධිය මැලේසියානු විවෘත විශ්වවිද්‍යාලයෙන් දිනා ගැනීමට සමත්ව ඇත.

Read More

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුද වලින් ඉතා ඉක්මනින් ගොඩ එනු ඇති බවත් ඒ සඳහා චීන රජය නිරන්තරයෙන් උදව් උපකාර කරන බවත් චීන තානාපති චී ෂෙන්හොං මහතා පවසයි.

Read More

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු (28) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිලිගත් නිසා එක් සැකකරුවෙකුට රු ලක්ෂය බැගින් සැකකරුවන් 06 දෙනාට රු ලක්ෂ 06 ක දඩ මුදලක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා නියෝග කලහ.

Read More

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් ‍27 දෙනෙකු ආහාර විස වීමෙන් (28) දින නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසිය.

Read More

මැදවච්චියේ හෙරෝයින් ජාවාරම් කරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව ප්‍රථිකාර ලබමින් සිටි තරුණයෙකු රෝහල් ඇද තුලම ගෙල හා පාදයක් කපා ඝාතනය කර ඇති බව මැදවච්චිය පොලිසිය කියයි.

Read More

දැනට බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට අවසර දී තිබෙන ආනයනික කුකුළු බිත්තර සිල්ලර වෙළෙඳපොලේත් අලෙවි කිරීම සදහා අවසර දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Read More

කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා අත් පා ගැට ගසා අභිරහස් ලෙස ඝාතනය කර තිබේ.

Read More

උස්බෙකිස්ථානයේ මේ දිනවල පැවැත්වෙන 18න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා පිටත් වී සිටින රි‌ටි පැනීමේ ඉසව්ව නියෝජනය කල තුෂේන් සිල්වා ක්‍රීඩකයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සිදුවීම් සම්බන්දයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මෙම සොරකම පසුගිය 26 වැනි දින දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා සිදුකර තිබේන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයන් බවත් සඳහන්.

Read More

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේදී එකට කා බී මිතුරාට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන අයෙකු දෙදිනක් සැහවී සිට විදෙස්ගත වීම සඳහා පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” සම්මාන උළෙලේදී මුද්‍රිත මාධ්‍ය අංශයේ රන් සම්මානය සහ ලෝකඩ සම්මානය යන සම්මාන දෙකම දිනා ගැනීමට අද පුවත්පතෙහි මාධ්‍යවේදීහු සමත් වූහ. රන් සම්මානය රාහුල් සමන්ත හෙට්ටිආරච්චි විසින් දිනාගත් අතර ලෝකඩ සම්මානය දිනා ගැනීමට නිදර්ශනී වික්‍රමසිංහ සමත් විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.