saravita-anim2

2025 ජුලි මස 05 වන සෙනසුරාදා

2025 ජුලි මස 05 වන සෙනසුරාදා

Latest News - timelapse 3225 hours ago

LATEST

ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීමට නෛතික විධි විධාන

calendar_today 2023 ජුනි 27 - 20:24 remove_red_eye - 304  

ආගමික නිදහස අහිමි කිරීම සහ ආගමික කරුණු විකෘති කිරීම වැළැක්වීම සඳහා නෛතික විධි විධාන හඳුන්වාදීමට අවශ්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය (SL-UDI) ක්‍රියාත්මක වෙමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පුරවැසියන්ගේ ජීව දත්ත තොරතුරු, ජෛවමිතික ලක්ෂණ (ඇඟිලි සලකුණු ලබා ගැනීම, මුහුණ, ඇස, කළු ඉංගිරියාව ඡායාරූපගත කිරීම) ඇතුළත් ජාතික පුද්ගල නාම ලේඛනයක්, මධ්‍ය පද්ධතියක් ලෙස ස්ථාපිත කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

Read More

සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් සහ එම ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගු කාලීන බදු පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයතනයකට ලබා දීමට අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව ඇත.

Read More

සමෘද්ධිය ලැබිය යුතු සියළු දෙනා වෙනුවෙන් පෙනී සිටින බවද නාමල් රාජපක්ෂ මෙහිදී පැවසීය.අස්වැසුමෙන් බලාපොරොත්තු වන්නේ අස්වැසුමක් මිස කරදරයක් නොවන බවත් පැවසූ නාමල් රජපක්ෂ රජය විසින් නිසි ක්‍රමවේද අනුගමනය කර ජනතාවට සහනයක් ලබාදිය යුතු බවත් අවධාරණය කලේය.

Read More

මාසයක් ඇතුළත වෙඩි තැබීම් තුනක් සිදුවූ අම්බලන්ගොඩ නගරයේ ආරක්ෂාව තර කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබෙනු දක්නට ලැබේ.

Read More

කොත්මලේ බ්ලුම් ෆිල්ඩ් පෞද්ගලික වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දින තුනක් තිස්සේ එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට විරෝධතාවයක් සිදු කිරිම හේතුවෙන් ගම්පොල නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට බාධා පැමිණ ඇති බව කොත්මලේ පොලිසිය පැවසිය.

Read More

අපේ ජන බලවේගය පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඝාතනය කිරීමේ කුමන්තරණයක් පිළිබද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව අම්බලන්ගොඩ පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසය කියයි.

Read More

එම ව්‍යාපෘතිය මගින් රටේ සමස්ත සීනි අවශ්‍යතාවයෙන් සියයට 20%ක් (සීනි මෙට්‍රික් ටොන් 120000)නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.මෙම ව්‍යාපෘතියට අදාළ කර්මාන්තශාලා පරිශ්‍රය හා ඒ ආශ්‍රිත පහසුකම් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලදු කැලෑවකින් වැසී ඇති වව්නියාව උතුර ප්‍රා දේශීය ලෙක්ම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 200ක ඉඩම් කොටසක් හඳුනාගෙන ලැබ තිබේ.

Read More

විහාරස්ථානයක සවිකර ඇති පෞද්ගලික සමාගමකට අයත් දුරකථන කුළුණට 4G තාක්ෂණය සවි කිරීමට තමන් දුරකථන සමාගමෙන් පැමිණි බවට විහාරාධිපති හිමියන් දැනුවත් කර, එම කුලුනට සවිකර තිබූ තුන් ලක්ෂ පනස් දහසක් වටිනවා වායුසමීකරණ යන්ත්‍ර දෙකක් , අකුණු සන්නායක තඹ කම්බියක් සොරකම් කර ලොරි රථයකින් පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ( 26දා) විමර්ශනයක් ආරම්භ කළ බව ගිරානේගම පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට අයවැය ආධාර වැඩසටහනක් යටතේ ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ණය ආධාරයක් ලබාදීමට නියමිතය.

Read More

තානාපති චී ෂෙන්හොං මහතා දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නය දැකීමෙන් සතුටු වන බව පැවසූ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රයත්නයන් සපුරාලීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට සහතික විය. බදුල්ල සහ බුත්තල වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට ගොස් අධ්‍යාපන අවශ්‍යතා ලබා දීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇත.

Read More

දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ විශේෂිතම ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව ශ්‍රි ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ලැබී තිබේ. ඒ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී පිට පිටම කඩුලු පහ බැගින් දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව අද දිනයේදී ලැබී ඇති හෙයිනි.

Read More

සබරගමුව පලාත් සභාවට අයත් දෙපාර්තමේන්තු සහ ආයතන විගනනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් ක්‍රියාවට නැංවීමට සබරගමු පලාත් ආණ්ඩුකාර කාර්යාලය ආරම්භ කර තිබේ.

Read More

ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව ඉදිරිපත් කරන ලොව දිගම අඛණ්ඩ ඓතිහාසික වාර්තාවලින් සමන්විත ‘මහාවංශය’ යුනෙස්කෝ සංවිධානය මෙම වසරේ (2023) ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 ට ඇතුළත් කර ඇත.

Read More

හඟුරක්කෙත පොලිස් වසමේ දියතිලකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු පහරදීමෙන් තුවාල ලබා මහනුවර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය යාමේ සිද්ධියකට අධාලව සිදුකරන ලද පරීක්ෂණයකදි එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් 08 දෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින අතරවාරයේදී ඊයේ (26) වන දින කාන්තා හා පිරිමි පුද්ගලයින් 200කට අධික පිරිසක් හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කිරීමේදි එම විරෝ

Read More

කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශ්න කාර්යාංශය කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.

Read More

ඉතාලියේ නාපොලි නගරයේ සිදු වු රිය අනතුරකින් 42 හැවිරිදි ලාංකිකයෙක් මියගොස් තිබේ. පසුගිය 25 දා අලුයම 5 ට පමණ ශ්‍රි ලාංකිකයන් තිදෙනෙක් ගමන් ගත් එම මෝටර් රථය නාපොලි via capo di monte මාර්ගයේදි අධික වේගයත් සමග එහි රියදුරාට රථය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් මාර්ගය අසල තිබු කණුවක ගැටි මෙම අනතුර සිදුව ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.

Read More

ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් පොලීසියෙහි බීමතින් රාජකාරියේ නියුතුව සිටි පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

Read More

රිලව් චීනයට අපනයනය නොකරන බවට වනජීවී දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට අද (26දා) ප‍්‍රතිඥාවක් දුන්නේය.

Read More

වැඩකරන කෝටි දෙකකට අධික ජනතාවකගේ සක‍්‍රිය ගිණුම් ඇති සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අන්තර් සමාගම් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කරමින් මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.

Read More

මීළඟට සිදුවීමට නියමිත ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයේදී ගෑස් මිල තවදුරටත් පහළ දමන බව එම සමාගම පවසයි. ඒහි සභාපති මුදිත පීරිස් මහතා පැවැසුවේ මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩුවීමට සාපේක්ෂව ඉතිරි සිලින්ඩර් වර්ග දෙකේද මිල පහළ දමන බවයි.

Read More

විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 109ට අධික මුදලක් වංචාකළ විදේශ රැකියා ඒජන්සියක හිමිකරු හා ඔහුට සහාය දුන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 25 දින අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

තම සිගිත්තියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවට අපස්මාර රෝගය වැළදිම නිසා ආහාර අනුභව කරමින් සිටි දියණිය අනුභව කරමින් සිටි ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.

Read More

තම නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නොහැකි වූ රැකියා ලාභීන් පිරිස ඊයේ දින (2023.06.25) දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී.

Read More

සමෘද්ධිය හිමිව තිබී අස් වැසුම අහිමි වූ බවට නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාල පිරිසක් තමන්ට සාධාරණයක් , සහනයක් ඉල්ලා 26 දා නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි සිටියහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.