ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් බිලියන 6.9ක(6,948,154,112.41) බදු මෙරට මත්පැන් නිෂ්පාදනාගාර 10ක් විසින් ගෙවීම පැහැර හැර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එම මුදලින් රුපියල් බිලියන 1.4ක් 2023 වසරට අදාළ වන බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම කාරක සභාවේ දෙවන වාර්තාවේ සඳහන් කර තිබේ.
එහිදී අවුරුදු 1-5 අතර රුපියල් බිලියන 1.1ක්(1,196,738,417.56) ද, අවුරුදු 10-15 අතර රුපියල් බිලියන 3.2ක්(3,214,391,947.79) ද සහ අවුරුදු 15 වැඩි රුපියල් 2.5ක්(2,537,023,747.06)ද ලෙස මත්පැන් නිෂ්පාදනාගාර විසින් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීමට ඇත.
එහිදී අවුරුදු 1-5 අතර ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම රුපියල් 895,035,279.51ක්ද, කළුතර සමුපකාර ඩිස්ටලරීස් රුපියල් 16,779,921.80ක්ද, සිනර්ජි ඩිස්ටිලරීස් රුපියල් 73,696,651.54ක්ද, රන්දෙණිගල ඩිස්ටලරීස් රුපියල් 52,752,576.87ක්ද, හිඟුරාන ඩිස්ටලරීස් 120,406,152.20ක් ද, රෝයල් සිලෝන් ඩිස්ටලරීස් රුපියල් 38,067,835.64ක් ද ලෙස බදු ගෙවීම පැහැර හැර තිබේ.
එමෙන්ම අවුරුදු 10-15ත් අතර ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම රුපියල් 3,214,391,947.79ක් බදු ගෙවීම පැහැර හැර ඇත.
මීට අමතරව අවුරුදු 15ට වැඩි ලෙස වයඹ ස්කාගාරය රුපියල් 544,055,116.84ක්ද, වයඹ ස්ප්‍රිතු රුපියල් 274,313,082.89ක්ද, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් රුපියල් 1,125,277,000.65ක්ද, මැකලම් බ_වරි රුපියල් 593,378,546.68ක්ද බදු ගෙවීම පැහැර හැර තිබේ.
මේ අතර පසුගියදා ව්‍යාජ ආරක්ෂිත බදු මුද්‍රා සහිත මත්පැන් බෝතල් සොයාගත් අතර, එම බෝතල් රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් (පෞද්) සමාගම, ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම සහ හිඟුරාන ඩිස්ටලරීස් යන මත්පැන් නිෂ්පාදකයන්ට අයත් බවද මෙහි සඳහන් කර ඇත.