ආයතන තුනකින් අපේක්ෂිත බදු ආදායම බිලියන 3789
මෙම වසරේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගුව සහ ශ්රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තුගත බදු ආදායම රුපියල් බිලියන 3,789ක් රජය විසින් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 2024ක්ද, ශ්රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1,533ක්ද සහ ශ්රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 232ක් ද ලෙස මෙම වසරේ ආදායම ලෙස ගණනය කර ඇත.
2023 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 1,667ක් බලාපොරොත්තු වුවද, එම වසරේදී රුපියල් බිලියන 1550ක් පමණක් බදු ආදායම ලෙස එකතු කර ගැනීමට හැකිව තිබේ.
ශ්රී ලංකා රේගුවේන් 2023 වසරේදී ඇස්තමේන්තුගත ආදායම රුපියල් බිලියන 1,220ක් බලාපොරොත්තු වුවද, එම වසරේදී රුපියල් බිලියන 974ක් පමණක් බදු ආදායම ලෙස එකතු කර ගැනීමට හැකිව ඇත.
මීට අමතරව ශ්රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවෙන් 2023 වසරේදී රුපියල් බිලියන 217ක් ලෙස ඇස්තමේන්තුගත ආදායමක් රජය බලාපොරොත්තු වුවද බදු ලෙස එම වසරේදී රුපියල් බිලියන 171.2ක් පමණක් බදු ආදායම ලෙස එකතු කර ගැනීමට හැකිව තිබේ.
මෙම දත්ත ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම කාරක සභාවේ දෙවන වාර්තාවේ සඳහන් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
