සිය ජංගම දුරකථනයට රීලොඩ් ලබා නොදීම හේතුවෙන් කඩ හිමියාගේ නිවස බිද, 27 ලක්ෂයකට අධික දේපල සොරා ගත් පුද්ගලයකු කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ගුවන් ගමන් ප්‍රමාද කිරීම මගින් ගොඩනැගෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්රියාත්මකවේද යන්න පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරන ලදී.
Read Moreකලු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි වාහන වායු විමෝචන භාරකාර අරමුදල තීරණය කර තිබේ.
Read Moreඉදිරි දින කිහිපය තුළ කොළඹ මර්මස්ථාන වලට බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වන බවට ලැබී ඇති තොරතුර සම්බන්ධයෙන් සනාථ කළහැකි සාක්කි ඉදිරිපත් වී නැතැයි ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේකර මහතාට අද (05) දැනුම් දුන්නේය.
Read Moreකුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
Read Moreරු මිලියන 05 වඩා දේපල වැරදි සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් දේශිය අදායම් බදු දෙපාර්තුමේන්තුව දැනුවත් කිරිමට පොලිස්පතිවරයා විසින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත (05) දින දැනුම් දි ඇත.
Read Moreඋඩරට ද්‍රවිඩ ජනතාවට නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් ලබාදීම කඩිනම් කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් දිනූ තරුෂි කරුණාරත්නට රුපියල් කෝටියක මුදල් ත්‍යාගයක් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
Read Moreමහියංගන පෙරහැරට සහභාගි වීමට පැමිණ සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්න වැඩිදුර ප්‍රතිකාර සිදුකිරීම සඳහා මහනුවරට රැගෙන යාමට තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජේෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසීය .
Read Moreතම සේවා කාලයේ වසර දාහතරක් තුළ එකම නිවාඩුවක්වත් ලබා නොගත් විදුහල්පතිවරයෙක් පිළිබඳ පුවතක් හොරණ අධ්‍යාපන කලාපයේ පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලයේන් වාර්තා වෙයි.
Read Moreරැඳවුම් නියෝග මත රඳවා සිටින සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නැමති සංවිධානාත්මක අපරාධකරු දුන් ප්‍රකාශ මත මුල්ලේරියාව කුමාර මාවතේ කැලෑවක සඟවා තිබූ පිස්තෝල ගිනි අවි දෙකක් සොයා ගත් බවබස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ.
Read Moreකදාණ පොලිස් බල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට 05දා උදෑසන වෙඩි තැබීමක් සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅවාරයේ හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රී පාදස්ථානය සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ (04) දින සිට මුදල් අය ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත්, ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම අසාධාරණ ක්‍රියාවක් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවැසූහ.
Read Moreවීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.
Read Moreතායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකට ලක් වී තිබේ.
Read Moreදුම්රිය නියාමකවරයෙක් හා දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීයෙකු අතර ඇතිවූ ගැටුමට හේතුව දුම්වැටියක් මුල්කරගත් කරුණක් බව වාර්තා වෙයි. මෙම ගැටුම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේදී පමණක් දුම්රිය ගමන්වාර 78ක් අවලංගු වූයේය.
Read Moreචීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 පිරිමි සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (4) පස්වරුවේ සමත් වූහ.
Read Moreමූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
Read Moreවැඩ වර්ජන හෝ වෙනත් කිුයාමාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයින් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය නිවේදනය කරයි.
Read Moreපවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කල බව මාතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඔමිනි මුදලිගේ මහතා පැවසීය.
Read Moreලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 150 කින් ඉහළ දැමූ බවත් රුපියල් 3,835 ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල රුපියල් 3,985 ක් දක්වා ඉහළ ගිය බවත් ලාෆ් ගෑස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
Read Moreවෙඩි වැදුණු සීතා ඇතින්නට කළ ස්කෑන් පරීක්ෂණයේදී එම ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ යොදා ගෙන බවට තහවුරු වී තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි.
Read Moreආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා අවසන් තරගයේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය.
Read Moreදුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ දුම්රිය උප නියාමකවරයෙකු අතර ඇතිවු ගැටුමෙන් පසු ක්ෂනික දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය නියාමක සංගමය තීරණය කිරීමත් සමග මේ වනවිට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු වී ඇතැයි වාර්තා වෙයි.
Read Moreව්‍යාජ ලියකියවිලි සකස් කර මාස තුනක් වයසැති බිලින්දෙකුගේ රෝගි තත්ත්වයකට ශල්‍යකර්මයක් සිදු කිරිමට අවශ්‍ය බව පවසමින් ගිනිගත්හේන නගරයේ මුදල් එකතු කල කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු (04) දින සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසිය.
Read Moreඅද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා දැමීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබේ.
Read Moreවාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
Read More5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන 15 දා දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read More