පාකිස්තාන සිරකරුවන් 56ක් පාකිස්තානයට භාර දෙයි
මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු තවත් වැරදි වලට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගත කර සිටි පකිස්තානු ජාතික සිරකරුවන් 56 දෙනෙකු 10/06 දින පස්වරුවේ එරට බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දීම කටුනායක ගුවන් තොටුපොළ තුළ දී සිදු වූ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
මෙම පිරිස අතරින් 51 දෙනෙකු පිරිමි සිරකරුවන් වූ අතර ඉතිරි 05 දෙනා කාන්තා සිරකාරිනියන් වූහ.
වසර ගනනාවකට පසුව ක්‍රියාත්මක වන මෙම සිරකරු හුවමාරු වැඩසටහන සදහා මෙම සිරකරුවන් පිරිස රැගෙන යාමට පකිස්තානයේ සිට විශේෂ ගුවන් යානයක් 10/06 දින පස්වරු 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානය තුළ පකිස්තානු ජාතික බන්ධනාගාර නිලධාරීන් සියයකට අධික පිරිසක් පැමිණ සිටින බව ද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පකිස්තාන ජාතික සිරකරුවන් කොළඹ , වැළිකඩ ඇතුළු ශ්‍රී ලංකාව පුරා පිහිටි බන්ධනාගාර වල රදවා තබා සිටි සිරකරුවන් වූ අතර , ඔවුන් පකිස්තාන බන්ධනාගාර නිලධාරීන් වෙත භාර දෙන තෙක්ම , සහ ඔවුන් එම ගුවන් යානය තුළට රැගෙන යන තෙක්ම , මෙම සිරකරුවන්ගේ දෙඅත් වලට මාංචු දමා තිබූ බව ද ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
මොවුන් රැගෙන යාමට නියමිත පකිස්තානු විශේෂ ගුවන් යානය 10/06 දින පස්වරු 05.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් පකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

