saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 3148 hours ago

LATEST

ETF හා EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

calendar_today 2023 ඔක් 04 - 13:48 remove_red_eye - 192  

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මත ලබන 10 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තබේ. අද දිනයේ සෙවය කිරීමෙන් අනතුරුව ඔහු සිය ධුරයෙන් මෙසේ ඉල්ලා අස්වීමට නියමිතය.

Read More

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.7කින් වර්ධනය වෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කරයි. ලෝක බැංකුව වසරකට දෙවරක් සිදුකරන පුරෝකතන අනුව මෙසේ ශ්‍රි ලංකාවේ වර්ධනය පුරෝකතනය කර තිබේ.

Read More

මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙකු හා දුම්රිය ආරක්ෂක සේවයේ නිලධාරීයෙකු විසින් අද (04) උදෑසන ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර එය මේ වනවිට දුම්රිය වර්ජනයක් දක්වා දික් ගැස්වී තිබේ.

Read More

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 8ක පරාජයක් ලබමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙලෙන් ඉවතට විසිවිය.

Read More

මෙවර රග්බි ලෝක කුසලානයට ක්‍රීඩා කරන ෆිජී කණ්ඩායමේ සෙන්ටර් ක්‍රීඩක ජොශූවා ටුයිසෝවා අභාග්‍යසම්පන්න අත්දැකීමකට මුහුණපා ඇත. ඒ ඔහුගේ හත්හැවිරිදි පුත්‍රයා පසුගිය සතියේදී සිය ජීවිතයෙන් සමුගැනීමයි. ඔහුගේ අවමගුල් උත්සවය මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් එම අවමගුලට සහභාගි නොවී දිගටම සිය කණ්ඩායම සමගින් තරගාවලියේ රැඳීසිටීමට ජොශූවා තීරණය කර තිබීම කැපී පෙණින.

Read More

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පුරා දාහත් වසරක් ශ්‍රී ලංකාවට සිහිනයක්ව තිබූ මලල ක්‍රීඩා පදක්කමක් තවදුරටත් සිහිනයක් නොකරමින්, හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ රත්තරන් වටින රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට ඊයේ (03දා) දිනාදුන්නාය.

Read More

මෙම කාළය තුළ ඉවසීමෙන් සිටීමට ක්‍රිකට් මගින් ලද පුරුදු පුහුණු කිරීම් මෙන්ම එයින් ලද ආභාසය ද ඉවහල් වූ බව පැවසීය. එමෙන්ම තමන් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිරීම සඳහා අවශ්‍ය පුහුණු වීම් වල නිරත වීමට කටයුතු කරන බව ද ධනුෂ්ක ගුණතිලක වැඩිදුරටත් පැවසීය.

Read More

හෙරොයින් මත් කුඩු ලබා ගැනීමට නොහැකි වූ විට ඊට ආදේශකයක් ලෙස ප්‍රබල වේදනා නාශක භාවිතා කිරීමට තරුණ තරුණියන් පෙළඹී සිටින බවත් සිසේරියන් සැත්කමකට භාජනය වූ මවකට ලබාදෙන වේදනා නාශකය ට වඩා පස් ගුණයකින් වැඩි වේදනා නාශක මාත්‍රා දෛනිකව ලබා ගන්නා පාසල් සිසුන් වාර්තා වන බව ද වෛද්‍යවරයා පැවසීය .

Read More

රුපියල් හාර කෝටි විසි ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනයේ දී එම නිලධාරීන් පිරිසක් විසින් 10/03 දින දහවල් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

මෙරට දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා සුදුසු යාන්ත්‍රණයක් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා හා ළමා පොලිස් ඒකකය ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සැදුම්ලත් මෙම විශේෂ කමිටුව සම්බන්ධීකරණය කිරීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරිණි.

Read More

තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් වෝහාරික විගණනයක් පවත්වන්න - පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තවත් භාණ්ඩ රැසක බදු අඩු කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය සූදු නියාමන අධිකාරියක් පිහිටුවීමට අදාළව සිංගප්පුරුවේ පවතින ක්‍රමවේදය හා ලංකාවේ නිර් මාණය කිරීමට අපේක්ෂිත ආකෘතිය ගැන සංසන්දනාත්මක වාර්තාවක් ලබා දෙන්න

Read More

කැකිරාව වෙරුන්කුලම වැව ආසන්නයේ වෙඩි වැදීම්කින් මිය ගිය බවට සැක කෙරෙන ඇතින්නියකගේ මළ සිරුරක් අද (03දා) දින අලුයම සොයාගත් බව කැකිරාව පොලීසිය කියයි.

Read More

රුපියල් එක් ලක් අසුදහසක වටිනාකමකින් යුත් ඌරු පැටවුන් දොළොස් දෙනකු සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු ඊයේ (2 දා) අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලීසිය පවසයි

Read More

මොනරාගල පොලිස් වසමට අයත් නක්කල 18 කණුව දෙහිකිඳගම ප්‍රදේශයේ කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුදහමුදාවේ උප ලුතිනන්වරයෙකු අද (03දා) අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.

Read More

ශ්‍රීලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් (02) වෙනිදා කතරගම පුදබිමට පැමිණියේය.

Read More

මාස හයයි දින 11ක් වයසැති සිය දියණියට පහර දී ඝාතනය කළේ යැයි කියන ඌරුබෝක්කේ පදිංචිව සිටි එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

Read More

Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් කර තිබේ.

Read More

විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2023 වසරේ ජුලි මසට සාපේක්ෂව අගෝස්තුවේදී සැලකිය යුතු ලෙස අඩුවීමක් පෙන්නුම් කරන බව මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Read More

මෙහිදී මාධ්‍ය වේදියා විකාර කථා කරන බවට මෙන්ම ඇතැම් බටහිර රටවල් ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල් දෙවැනි පංතියට දමමින් කටයුතු කරන බව ජනපතිවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

මතභේදයට තුඩු දුන් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට ලබා ගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු බවට සඳහන් වූ විදුලි බිල තම පෞද්ගලික මුදලින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවැසීය.

Read More

සමාජ මාධ්‍ය නීති දමා කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (2) පස්වරුවේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ . මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .

Read More

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව අද (2) පස්වරුවේ දිනාගත් රිදී පදක්කම නීති විරෝධී ධාවනය හේතුවෛන් අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කළේය.

Read More

ඉන්ධන මිල වැඩිවුවද පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමය අද (2දා) උදේ පැවති මාධය හමුවකදී කීවේය.

Read More

සපුගස්කන්ද පදිංචිව සිටි ප්‍රදීපා සිල්වා නම් (අවුරුදු 52) කාන්තාව අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධ සුධීර නම් සැකකරුගේ මොටර් රථය (01) දින නුවරඑළිය සඳතැන්න සද්ධර්ම විහාරභූමියේ නවතා තිබියදී සොයාගත් බව නුවරඑළියෙ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

Read More

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 8ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තීරණය කර තිබේ.

Read More

ඉදිරියෙදි සිදුකිරිමට නියමිත විදුලි ගාස්තු ඉහල දැමීම රජයේ ප්‍රතිපත්තිය රජය විසින් ම උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.