ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැකිමට ගොස් ලිස්සාගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයක ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදි (04) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එම පාසලේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව සිටි ශිවකුමාර් නදිෂ් නැමති (18) හැවිරිදි පාසල් සිසුවායි.
පාසල් විවේක කාලයේදි තවත් ළමුන් පිරිසක් සමග පන්දුවකින් සෙල්ලම් කරමින් සිටියදි පන්දුව ඇල්ලිමට දිවගොස් ඇති පාසල් සිසුවා ලිස්සාගොස් සිසුවාගේ හිස ගොඩනැගිල්ලක බිත්තියක ගැටිමෙන් හිසට බරපතල ලෙස තුවාල සිදු වි තිබු බවත්, එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලේ සිට මහනුවර ශික්ෂණ රෝහල දක්වා රැගෙන යන අවස්තාවේ මියගොස් ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

