saravita-anim2

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 2973 hours ago

LATEST

තමා මැතිවරණය දිනූ බව ඉම්රාන් ඛාන් කියයි

calendar_today 2024 පෙබ 10 - 09:05 remove_red_eye - 1490  

පාකිස්තානෙය් පැවැති මහ මැතවණයෙන් තමන් ජයග්‍රහණය කළ බවත් එය සමරන ලෙසත් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. එම ජයග්‍රහණය සමරන ලෙස ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි. ඉම්රාන් ඛාන් මේ වන විට සිරගතව සිටියි.

නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වු 779 මගි සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.

Read More

“මම ජනාධිපති තුමා හමු වූයේ පාර්ලිමේන්තුව තුලදී.ඒ මුදල් අමාත්‍යාංශයට අදාල දෙයක් ගැන කතා කරන්නයි.ජනාධිපතිතුමා හමුවෙන්න මට වගේම මේ රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබෙනවා.එතුමා මුදල් අමාත්‍යවරයා.මම මුදල් අමාත්‍යාංශයට ගිහින් එලියෙදි හමු වුනේ නෑ.

Read More

ඔක්කම්පිටිය පොලීසියේ පොලිස් සැරයන්වරයෙකුගේ ගිනිඅවියක් ඉකුත් (08) වෙනිදා ඉබේ පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.

Read More

ඉදිරි වර්ෂ කීපය තුළ ජාත්‍යන්තර ඉල්ලුමට සාපේක්ෂව දේශීය පුවක් සැපයුම ඉහළ නැංවීමේ අරමුණින් මෙම වර්ෂයේදී පුවක් පැළ මිලියනයක් රෝපණය කිරීමට සූදානම් කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.පී.දිස්නා මෙනවිය පැවසීය.

Read More

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා යළි පත් කර තිබේ.

Read More

මේ වසරේ ඉන්දියාවෙන් ඇනවුම් කල පළමු බිත්තර මිලියන 7ක තෙගයේ පළමු කොටස ලංකාවට ලැබී ඇති බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

Read More

චීන සාම්ප්‍රදායික නව වසර අද (9) රාත්‍රියේ උදාවෙයි. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය අද රාත්‍රී 8 ට ලොව පුරා ප්‍රේක්ෂකයන් හමුවේ දිගහැරේ. මෙම වසන්ත උත්සව ප්‍රසංගය වසර 40 කට වැඩි කාලයක් තිස්සේ සමස්ත චීන ජාතිකයන්ගේ උණුසුම් හැඟීම් ලොවට රැගෙන ගිය අතර, එය නව වසරේ සතුට සමරන චීන ජාතිකයන්ට විශිෂ්ට රසාස්වාදයක් තිළිණ කරන අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ න

Read More

මෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

පෙබරවාරි මස 09 දිනට යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සා ව 02/09 දින රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි.

Read More

දැන් අපේ සංචිත ඩොලර් මිලියන 4500ක් තියෙනවා කියලා ජනාධිපතිතුමන් ආඩම්බරයෙන් කිව්වා. 2022 සහ 2023 වසරේත් මේ වසරේ පලමු මාසයත් ඇතුලත ඩොලර් මිලියන 11 000ක ණය ගෙවීම නතර කර තියෙනවා.

Read More

යාත්‍රාවලට ඉන්ධන පිරවීමේ කටයුතු (bunkering system) යළි ආරම්භ කිරීම හරහා ඉන්ධන මෙට්‍රික් ටොන් 5,200ක් අලෙවි කිරීමෙන් ඩොලර් මිලියන 03ක් උපයා ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසීය.

Read More

ඉන්දියාවේ නාගපට්නම් ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල ටැංකි සංකීර්ණය හා කොළඹ සම්බන්ධ කරමින් බහු නිෂ්පාදන තෙල් නල මාර්ගයක් ඉදිකිරීම වෙනුවෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දියානු රජය ඉන්දීය තෙල් සමාගම හරහා මෙම යෝජනාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබේ.

Read More

2022 (2023) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කාර්යයන් සඳහා සහභාගි වන පරීක්ෂකවරුන් වෙත රු. 1,450.00 සිට රු. 2,000.00ක් දක්වා වැඩි කර ගෙවන ලද අවම සංහෘත දීමනාව 2023 (2024) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා ද ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් මගින් පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාර්තු මාසයේදී පමණ දෙවන සමාලෝචනය සිදු කිරීමට නියමිතයි. ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීම අනුව කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබුණා.

Read More

මෙගා වොට් 100ක ධාරිතාවයකින් යුත් සියඹළාන්ඩුව බිම්ගත සූර්ය පැනළ මගින් විදුලිය උත්පාදනය කිරීමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් වූ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම අත්සන් කිරීම රිවිදනවි පෞද්ගලික සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර අද සිදු කරනු ලැබුණි.

Read More

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා රැකියා අහිමි වූ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගෙන් 60 දෙනෙකු හෙට දින අලුයම (2024.02.09) ජසීරා ගුවන් සේවයට අයත් J9 252 යන යානය මගින් දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

ඇෆ්ගනිස්තානය හා පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න ඇතුළු පසුගිය තරග වලදී අවස්ථාව අහිමි වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම යිත් අවස්ථාව ලැබී තිබේ.

Read More

හේනට කෑම අරගෙන යමින් සිටි කාන්තාවක් බදුලු ඔය පුවක්කොටුව හරහා දමා තිබූ ඒදණ්ඩකින් එගොඩවීමට යාමේදී ලිස්සා බදුලු ඔයට ඇද වැටී සැඩපහරේ ගසාගෙන ගොස් මළසිරුර දඩයම්තලාව ප්‍රදේශයේ බදුලු ඔයේ රැදී තිබියදී අද (8) සොයාගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .

Read More

සිර මැදිරිවල රඳවා සිටින සැකකරුවන් ට පිටස්තර පුද්ගලයන් රැගෙන එන ආහාර කිසිදු හේතුවක් මත ලබා නොදිය යුතු බව කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පොලිස් පණිවිඩයක් නිකුත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

හෙට දිනයේදී දිවයින පුරා ප්‍ර ධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. හෙට දිනයට අදාළව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

Read More

දොඩංගොඩ ප්‍රදේශයේ රබර් කිරි ව්‍යාපාරයක නියැලෙන කාන්තාවක විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි. අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවා පැමිණිලිකාර කාන්තාවගේ මුනුබුරෙකු බවද ඔහුද එම නිවසට කිට්ටුව පදිංචිව සිටින අයෙකු බවද පොලිසිය සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අස්ථානගතව ඇති බවට කිරුළපන පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

ගම්පග මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් ඉකුත් ජනවාරි 23 ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගිනි අවි ජීව උණ්ඩ හා මත්ද්‍රව්‍ය සමග (07) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මරණයේ සැක සහිත තැන් ඇති බවත් එය සම්බධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස නීතීඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පැමිණිලි කර තිබේ.

Read More

අරණායක දිසා රෝහලේ සේවය නිරත ව සිටි 28 හැවිරිදි වෛද්‍යවරියකට ලිංගික අතවර කළ බවට එම රෝහලේම රාජකාරි සිදු කළ 45 හැවිරිදි විවාහක වෛද්‍යවරයා අද (08) අරණායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දින හතරකට ඉහතදී අතුරුදන් වූ මහරගම නගර සභාවේ සේවය කළ විශ්‍රාමික කම්කරු හෝමාගම කැන්ඳලන්ද ප්‍රදේශයේ වතුර වලකට වැටී අභිරහස් ලෙස මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි

Read More

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩුවට පත් කෙරුණු ජගත් ප්‍රියංකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

නිවසේ කාමරයක සිට දිගු වේලාවක් දුරකථන ඇමතුමක් ලබාගනිමින් සිට කාන්තාවක් සිය සැමියා කාමරයට ඇතුළුවන විට එය විසන්ධි කර ඇති බවත්, එයින් උරණවූ සැමියා මුළුතැන්ගෙයි තිබූ මන්නය රැගෙන ඇයගේ හිසට පහරදී ඇත.

Read More

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙම මස10 වැනි දින මහනුවර හෙද විදුහලේ දී

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.