ඇගැයීමකින් අනතුරුව ලබන මාසයේදී ඉන්ධන කෝටාව තවත් වැඩි කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අනාවරණය කරයි.
නීතිපතිවරයා ප්‍රමුඛ නව දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුගේ රක්ෂණකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර සාර්ථක සාකච්ඡා වටයක් පසුගිය ජූලි 18 සහ 19 යන දෙදින සිංගප්පූරුවේ දී පැවැත්විණි.
Read Moreජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ.
Read Moreලිට්‍රෝ ගෑස් සමාගමේ ලාභයෙන් රුපියල් කෝටි 150 ක් මහා භාණ්ඩාගාරයට පිරිනමන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (20) පැවසීය.
Read Moreමෙවර අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා පාසල් පැමිණීමේ ප්‍රතිශතය 2023 වර්ෂයට පමණක් අදාළ ව 40% සේ සලකා කටයුතු කරන ලෙසත් පාසල් පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධ ගැටලු මත සිසුන්ට අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පාසල් අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමි නොකරන ලෙසත් දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවශ්‍ය උපදෙස් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇත.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර වන එම කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.
Read Moreවගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර තිබේ.
Read Moreඉතාම විද්‍යාත්මක සැලසුම් සහගත සමෘද්ධි ව්‍යාපාරය දුර්වල කිරීමට හා අඩපණ කිරීමට රජය කටයුතු නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreසත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත්විය.
Read Moreඋස්බෙකිස්තානයේදී ඊයේ (19දා) නිමාවූ ආසියානු පාසල් චෙස් තරගාවලියේ ක්ලැසිකල් අංශයේ රන් පදක්කම් දෙකක් දිනා දීමට රත්නපුර ෆර්ගසන් බාලිකා විද්‍යාලයේ මුදලිගේ උමන්දි හා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ පෙහන්සා සමරවීර සමත්වූහ.
Read Moreමෙරට නිරන්තරයෙන් සිදුවන අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
Read Moreඅඩු ආදායම්ලාභි පවුල් සවිබල ගන්වමින්, සහනයක් අවැසි ජනතාවට සහනයක් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් ආරම්භ කළ “අස්වැසුම” සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යාවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreරට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර ඇත.
Read Moreශ්‍රී ලංකාව පුරා මෙන්ම ලෝකයේ රටවල් ගණනාවක් හඳුනන ශ්‍රී ලංකා තේ සන්නාමයක් වන ඩිල්මා සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්ද මහතා අභාවප්‍රපාත්ත වි තිබේ. ඔහු මිය යන විට 93 වැනි වියේ පසුවිය.
Read Moreමිනුවන්ගොඩ ,හොරම්පැල්ල , මහගම ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටි පාතාල සාමාජිකයකු අද (20) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී පාතාල සාමාජිකයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
Read Moreරාජ්‍යය අමාත්‍යය චාමර සම්පත් දසනායක මහතාගේ ලංකා රාජ්‍යය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර ඇති වූ උණුසුම් තත්වයක් මත එහි සැපයුම් නිළධාරීවරයාගේ සේවය තහනම් කිරීමට එහි පාලන අධිකාරිය කටයුතු කර ඇත.
Read Moreඑනිසා සියලුම වැටුප් තල වල ගුවන් තොටුපොළ සේවකයින් වෙත අවම රුපියල් 33,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස තමන් ඉල්ලීමක් කරන බව ද හෙතෙම පැවසීය .
Read Moreකවුරු ආණ්ඩු කලත් වසර 2048 වෙනකම් අපිට වැඩ කරන්න වෙන්නේ IMF සමග එකඟ වී ඇති ගිවිසුමට අනුවයි. මොකද අපි අරගෙන ඇති ණය ඒ කාලය වෙනකම් ගෙවන්න වෙන නිසා.
Read Moreමෙවර ඇසළ පෙරහර වෙනුවෙන් වැයවන විදුලි බිල වශයෙන් විදුලිබල මණ්ඩලය විසින්ශ්‍රී දළදා මාළිගාවටත් සතර මහා දේවාලයන්ටත් එවා ඇති ඇස්තමේන්තු මුදල සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමග සාකච්ඡා කළ බවත් එම ඇස්තමේන්තු මුදල නැවත සලකා බලන බවට සාධනීය පිළිතුරක් ලබා දුන් බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය.
Read Moreඅඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ නිවසක රූමත් තරුණ මවක් සිය මාස 11ක් වයසැති දියණිය සමග සැකකටයුතු අයුරින් අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
Read Moreමෙරට තුළ පළාත් 09ම අවාරණය වන පරිදි අවුරුදු 05ට අඩු ළමයින් සහ කාන්තාවන් ලක්‍ෂ 10ට ආසන්න පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreසමාගම් පනතට පටහැණි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ කොටස් 20කින් මුදල් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (19දා) නියම කළේය.
Read Moreසිසේරියන් සැත්කම් සිදුකිරීම සඳහා අවශ්‍ය එන්නතක් ( Heavy Marcaine) නොමැතිවීම හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නතර කිරීමට සිදුවන බව සඳහන් කරමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වෙයි.
Read Moreදූෂණ විරෝධි පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
Read Moreමදුරන්කුලිය ජින්නාවත්ත ප්‍රදේශයේ අවුරුදු තුනහමාරක් වයසැති තම එකම දරුවාව පොපොලීසියෙන් බේරීමට පිහියක් බෙල්ලට තබා ප්‍ර්‍රානඇපකරුවෙකු ලෙස තබාගත් පියෙකු අද 19 අත් අඩංගුවට ගත් බව මදුරන්කුලිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව පාකිස්තාන කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 131ක පහසු ඉලක්කයක් හිමිවිය.
Read Moreබදුල්ල මහනුවර යා කරමින් අතීතයේ කුමාරසිංහ රජතුමා ගමන් කළ බව කියන රජ මාවත නැවත ප්‍රතිසංස්කරණය කිරීමට පසුගිය අයවැයෙන් මිලියන 585ක මුදලක් වෙන් කිරීමත් සමග එහි වැඩ මේ වන විටත් ආරම්භ කර තිබේ.
Read Moreමේ වන විට ඉදිකිරීම් කටයුතු අතහැර දමා ඇති කොළඹ ක්‍රිෂ් ගොඩනැගිල්ල සහ අවට වැඩබිම් ප්‍රදේශය ආශ්‍රිතව මහජනතාවට අනතුරක් සිදුවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් අවශ්‍ය ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.
Read Moreගලෙන්බිදුණුවැව පවත්වාගෙන ගිය පුද්ගලික මුල්‍ය ආයතනයකි මුදල් තැම්පත් කරුවක්ට කොකා පෙන්නවා සැඟවී ඇති බවට පිරිසක් ගලෙන්බිදුණුවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක්.
Read Moreඔරුවල වානේ සංස්ථා පරිශ්‍රයේ තාප්පයක් ඇඟ මතට කඩා වැටී පුද්ගලයකු මිය යාමේ සිද්ධිය පැය දෙකකට ආසන්න කාලයක් පොලිසියට හෝ එම ආයතනයේ ආරක්ෂක අංශය දැනුවත් නොකොට වසන් කිරීමට මියගිය පුද්ගලයා සමඟ සිටි මිතුරන් තිදෙනකු කටයුතු කර ඇති බවට (18දා) සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
Read More