saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2958 hours ago

LATEST

දූෂණ විරෝධී පනත බලාත්මකයි

calendar_today 2023 නොවැ 17 - 17:42 remove_red_eye - 390  

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) සිය සහතිකය සටහන් කළේය

මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 198ක් ගත් සිසුුුුවෙක් හා සිසුවියක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි.

Read More

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදනම් බවත් ජනපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේ වසරේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒසේම මේ වසරේ මැයි මාසය හැරෙන්නට අනෙක් සියලුම මාස වල ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් ප්‍රමාණය ලක්ෂයේ සීමාව ඉක්මවා යාමද කැපි පෙනේ. එසේම නොවැම්බර් මාසයේ මුල් දින 15 තුලදී 74000 ඉක්මවූ සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණ තිබීම කැපී පෙනෙන සාධකයකි.

Read More

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.‍

Read More

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට අද (17) අලුයම හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී විශාල ගල්පර්වතයක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

2023 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk ෙවබ් අඩවිය හරහ අපේක්ෂකයන්ගේ විභාග අංකය මගින් ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

Read More

කලවාන බටමණ්ඩිය ප්‍රදේශයේදී ගංජා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචි අත්හිටුවමින් එහි කටයුතු පාලනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතුව පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවට එහි කටයුතු කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතාද අද (16) ඉවත් විය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාළදිවයිනේ සංචාරයක් සදහා 11/16 දින සවස පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මෙවර අයවැය පරාජය කිරීමේ සූදානමක් තම කණ්ඩායම තුළ නොමැති බවත් තම කණ්ඩායමේ සාමාජිකයන් තුළ ද එවැනි සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

Read More

මෙම වසර අවසන් වන විට ආගමික ස්ථාන සඳහා සූර්යය බලයෙන් විදුලිය ලබ‍ා දීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ වැඩ කටයුතු අවසන් කළ හැකි බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

Read More

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමඟ රාජ්‍ය නායක හමුවට එක්වෙයි. ඒ, ඇමරිකානු වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේ දී ය.

Read More

බර කිරීමට යොදා ගන්නා බැලන්සයකින් ව්‍යායාම කරමින් සිටි තරුණයකු බැලන්සයෙ සවිකර තිබු ස්ප්‍රිනයක් පැන එය ගෙලට වැදි කැපි යාමේන් දරුණු තුවාල සිදුවිමේන් මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

Read More

නවක හෙද හෙදියන් 2519 දෙනෙකු සෞඛ්‍ය සේවවාට ඇතුලත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය හෙට දින (17) පෙරවරු 9.00 ට ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

Read More

2023/11/15 දින ප්‍රංශයේ පැරිස් හි යුනෙස්කෝ (UNESCO )මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වන ඡන්ද විමසීමේ දී යුනෙස්කෝ අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඡන්ද හිමි රටවල් 188න් 144ක (76% ක) ඡන්ද ලබාගෙන ආසියානු ශාන්තිකර කලාපයෙන් තේරී පත්වී ඇත.

Read More

රුපියල් කෝටි එකොළහක් වටිනා රත්තරන් ජෙල් කරල් ( Capsules )16 ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , මෙම ගුවන් මගියා පැමිණි ගුවන් යානය තුළට ගොස් 11/16 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

රට බංකොලොත් වීමට තමන් ඇතුළු පිරිස වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව පිළිනොගන්නා බවත් ඒ සඳහා වග උත්තර බැඳීමට අවස්ථාව ලැබුණු විට වග උත්තර බඳින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවර දී පැවසීය.

Read More

කූඨ ලෙස සකස් කළ කැනේඩියානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් 11/16 දින උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ටේ පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට නම් දේශපාලන විසඳුම්වලින් ප්‍රථිපලයක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය වන්නේ ආර්ථිකමය විසඳුමක් පමණක් බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

Read More

එක්දින ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගනිමින් ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සිය ස්ථානය වෙන් කර ගත්තේය.

Read More

කහතුඩුව පොල්ගස්ඕවිට හන්දියේ දී අද (15) දහවල් පෞද්ගලික බස් රථයක් සහ සුඛෝපභෝගී වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි

Read More

එක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතරට එක්විය. ඒ ලෝක කුසලාන තරගාවලියේ පළමුවැනි අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 113කදී ලකුණු 117ක් රැස්කරමිනි.

Read More

පොලිසියට ලද තොරතුරකට අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ භූමියේ රථ ගාල තුළදී හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් කාන්තාවක සහ තවත් පිරිමි පුද්ගලයකු ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බන්ධනාගාර නියාමකවරුන් පිරිසකගේ සම්බන්ධතාවය ඇතුව බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් මත්කුඩු ජාවාරමක සුලමුල හෙළිව තිබේ.

Read More

• සෞඛ්‍ය සැපයුම් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාස 10ක් ප්‍රමාදවීම පිළිබඳ අවධානය. • අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමෙන් පසු ඒ පිළිබඳ විශ්ලේෂණය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වාර්තාවේ කෙටුම්පත පිළිබඳ අවධානය • පාරදෘශ්‍යභාවය වැඩිකිරීම වෙනුවෙන් සියලු ආදායම් යෝජනා පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් දැනුවත්කිරීමේ අවශ්‍යතාව කමිටුව පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විමර්ශන අඛන්ඩව දින තුනක් පැවැත්වීමට තීරණය කෙරේ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම ප්‍රමාණවත් නොවන බව අවධාරණය කෙරේ ක්‍රීඩා සමාජවල කටයුතු සම්බන්ධව අමාත්‍යාංශයේ මඟ පෙන්වීමේ දුර්වලතා ක්‍රිකට් ආයතනයේ නිසි ක්‍රියා පටිපාටිය සංවර්ධනය කරන ලෙසට අමාත්‍යාංශ ලේකම්ට නියෝග ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර විගණන අංශය ශක්තිමත් කිරීමටත් නිර්දේශ

Read More

කවදත් අධිකරණයට ගරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Read More

2024 වර්ෂය ආර්ථික වශයෙන් ශක්තිමක් වසරක් බවට පත්කිරීම සඳහා 1.8 %ක ආර්ථිකයක් වෙත ගමන් කිරීම රජයේ මූලික අරමුණ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.