කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය ජල පෝෂක ප්‍රදේශයට (19) දින පස්වරු ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට අගල් 06 දක්වා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා පැවසිය.
ග්‍රෑන්ඩ්පාස් වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකළ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී එම පාසලේ දැරියක් මිය යාමේ සිද්ධියත් සමඟම එහි විදුහල්පතිවරයාට පහර දුන් බව කියන පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .
Read Moreඑම වර්ෂා තත්ත්වය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශේෂේණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ අලව්ව, දිවුලපිටිය, මීරිගම,පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල හා දංකොටුව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නමේ පහත් ප්‍ර දේශවලට විශාල මට්ටමේ ගංවතුර තතත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයෝජිත නව විදුලිබල පනත අද (20දා) කැබිනට් මණ්ඩල අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreදිගු කාලීනව සිදු කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස වියළි කලාපයේ ගිරිතලේ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති මෙම කනඋල්ලන් Indotyphlops combank යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වා ඇත.
Read Moreඉපලෝගම, පොලිස් වසමේ, විජිතපුර ප්‍රදේශයේ දී ඊයේ (18දා) රාත්‍රී බිරිද විසින් පහර දී සිය සැමියා ඝාතනය කර ඇතිි බව ඉපලෝගම ෙපවසයි.
Read Moreඉන්දීය කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර එක්දින ලෝක ශූරයන් ලෙසිනි කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
Read Moreජල මූලාශවල ජලමට්ටම ඉහළ යෑම නිසා ජලවිදුලි නිෂ්පාදනය අද (19දා) දින වන විට 76% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
Read Moreමෙවර ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා හේතුවෙන් රටේ ණය බර තවත් ඉහළ යමින් ණය වැයක් බවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා ඊයේ (18දා) සඳහන් කළේය.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා හෙට දින (20) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාර ගැනීමට නියමිතය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවන ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදුවනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ ඔස්ට්‍රේලියාවේ ඇරයුමෙන් මුලින්ම පන්දුවට පහරදුන් සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 240කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreරටේ ජනතාව බඩගින්නේ දුක්විදින කොට රටේ වත්මන් නායකයා සහ හිටපු රාජ්‍ය නායකයා විශාල කේක් ගෙඩියක් කපමින් උපන් දින සමරණ බවත් රටේ ජනතාවගේ ජන ජීවිත බෙල්ලෙන්ම කපපු නායකයෝ වත්මන් නායකයාගේ පිහිටෙන් සැපවත් ජීවිතයක් ගත කරන බවත් මෙය 2019 ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreපාරිභෝගික අමාත්‍යාංශයේ නිලධාරීන් පසු ගිය දිනවල වැටලීම් කරමින් රට තුළ තිබෙන සීනි තොග පිළිබදව ගණනය කිරීමක් කල බවත් බද්ධ පැනවීමට දින 03 කට පෙර එක් ව්‍යාපාරිකයකු විසින් සීනි මෙට්‍රික් ටොන් 8000 ක් එකවර ආනයනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළහ.
Read Moreදෙනියාය පොලිස් වසමේ පල්ලේගම ප්‍ර දේශයේ දිවා සංචාරයේ යමින් සිටි දෙනියාය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පල්ලෙගම ප්‍ර දේශයේදී විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක් විසින් පසුගිය 16 දා තියුණු ආයුධයකින් පහරදිමක් සිදුකර තිබේ.
Read Moreඑදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
Read Moreසූක්ෂම උපකරණයක් භාවිතා කරමින් පොකට් ගහන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . දුම්රියන්වල ගමන් කරන සැක කටයුතු පුද්ගලයන් පරීක්ෂා පරීක්ෂා කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද දින මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනමක් වු ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා ෂෙන් යින්කින් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා 11/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියාය. ඇය චීන ජනපති ෂී ජින්පින් මහතාගේ විශේෂ නියෝජිතවරියක් ලෙසද කටයුතු කරයි.
Read Moreත්‍රිකුණාමලය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයාට එම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා , සිය පවුල සමග තායිලන්තයේ සවාරියක් ගොස් මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 11/18 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස නම් කර සම්මානයට බදුන් කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා , එම සම්මාන රැගෙන 11/17 දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreමධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට පසුගිය 17 වනදා සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හෙතුවෙන් අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරයේ බොහෝ ප්‍රදේශ 17 වනදා රාත්‍රියේ ජලයෙන් යට වී ඒ 09 මාර්ගයේ වාහන ගමනාගමනය නැවතී ගියේය.
Read Moreක්‍රිස්තු පූර්ව තුන සහ පලමු සියවස් අතර කාලයේ ලේඛනගත කරන්නට ඇති බවට සැකකරන මෙම සෙල්ලිපිය පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැකගන්නට ඇති බවත්, මෙම විශාල විශාලතම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස් කරන සෙල්ලිපියක් බවට සැකකරන බවද ඒ පිළිබඳ පර්යේෂණය කරන තනුර දයානන්ද මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් අයතනය වෙත නිකුත් කළ කළ බව කියන ලිපිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළේය.
Read Moreඅයකර ගැනීමට තිබෙන රුපියල් බිලියන 943 වූ හිඟ බදු මුදල් පිළිබඳවද සම්පූර්ණ වාර්තාවක් රජයේ ගිණුම් කාරක සභාව වෙත ලබා දෙන ලෙසද එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
Read Moreනව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීම පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව 2023 වසරේ මේ වනතෙක් නව බදු ගෙවන්නන් එක් ලක්ෂ අනූ අටදහස් දෙසිය පනස් තුනක් පමණ ලියාපදිංචි කර ඇති බව නිලධාරීහු පැවසූහ. වයස 18ට වැඩි පුරවැසියන් මිලියන 16ක් පමණ සිටින බව හඳුනාගෙන ඇති බවත් ඔවුන් බදු ගෙවීමේ ක්‍රියාවලියට ඇතුලත් කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසූහ
Read Moreගාල්ල දඩල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකු ඉලක්ක කර වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළා ගොස් තිබේ. අද පස්වරු 1.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.
Read Moreනොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එම ජනන යන්ත්‍රය ක්‍රියා විරහිත කර ඇතැයි වාර්තා වෙයි.
Read Moreආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 11ක මුදලක් ප්‍රදානය කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ඇඳවැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ගේම සහභාගීත්වයෙන් ‘ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මන්ත්‍රීවරු‘ නමින් සංසදයක් ඇති කර එම සංසදය හරහා ස්ථාවර නියෝගවලට අනුකූලව ක්‍රිකට් පිළිබඳව විමර්ශනයකට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් සිදුකළේය.
Read More