saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2940 hours ago

LATEST

’සමහර යෝජනා ප්‍රායෝගික නෑ’ අයවැය ඡන්දයේදී නාමල් නිහඬයි

calendar_today 2023 නොවැ 21 - 20:47 remove_red_eye - 486  

මෙවර අයවැය යෝජනා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ඡන්දය දීමෙන් වැලකී සිටි බව පවසයි.ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් විසින් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටෙව්වද එය ශ්‍රී ලංකා ක්‍රිකට්හි එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

Read More

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදි අද (21) සම්මත විය. අද ප.ව 6.00 ට පමණ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූ අතර එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 හිමි වූ අතර විරුද්ධව හිමි වූයේ ඡන්ද 77ක් පමණි.

Read More

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී. 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

Read More

ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

’’ඉදිරි සති කිහිපය ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වනවා. ලබන දෙසැම්බර් 06 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස් වී අපට ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ද්වී පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව සාකච්ඡා කර අවසන් කරගැනීමට ද නියමිතව තිබෙනවා.’’

Read More

චීන – මියන්මාර් ආර්ථික කොරිඩෝව ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද චීනයේ අවධානය යොමුව ඇතැයි විශේෂ නියෝජිතවරිය මෙහිදී පැවසුවාය.

Read More

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් හමු වූ ලංකාවේ විශාලතම සෙල්ලිපිය පිහිටි ප්‍රදේශය,එම සෙල්ලිපියේ ආරක්ෂාව උදෙසා නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහනම් කර තිබේ.

Read More

අධිකරණයේ ස්වාධිනත්වය පිළිබිඹු කරමින් මෙරට ආර්ථිකය බංකොලොත් කිරීමට හේතු වූ ආර්ථික ඝාතකයන් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ලබා දුන්නත් මෙම පිරිස තවමත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද බුක්ති විඳිමින් සිය සුපුරුදු ජීවිතය ගත කරමින් සිටින බවත් ඔවුන් එම තීන්දුවට ගරු නොකළ ද ඔවුන්ගේ වැරදි තීන්දුවලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට බැවින් මොවුන්ට විරුද්ධව රජය ගනු ලබන පියවර කවරේද කියා ජනතාව අවදියෙන් සිටින බවත් එබැවින් රජයට

Read More

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ඇතිකර ගන්නා දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව මත පෙට්‍රල්, ඩීසල්, ජෙට් A-1, භූමිතෙල් සහ උදුන් තෙල් ඇතුළු ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සිදු කරයි. තවද ඒ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පුළුල් කිරීම එහි ව්‍යාපාරය අනෙකුත් ඛනිජ තෙල් හෝ ගෑස් නිෂ්පාදන, අතුරු නිෂ්පාදන (ගුවන් ඉන්ධන ඇතුළුව), EV ආරෝපණය කිරීම සහ කාර් සේදීම, අන්තර්ජාල කැෆේ, ATM, අවන්හල් වැනි අගය එකතු කළ සේවාවන් සැපයීම මේ තුලින් සිදු

Read More

වස පානය කර පාසලට පැමිණි පාසල් සිසුවෙකු වටවල ප්‍රාදේශිය රෝහල වෙත (21) දින ඇතුලත් කිරිමෙන් පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසිය.

Read More

වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වර්ෂයකට පසු ඊයේ (20) රාත්‍රී විවෘත විණි.

Read More

පසුගිය මාස කිහිපය තුළ දැඩි ලෙස නියගයට ගොදුරු වී තිබූ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජලාශ කිහිපයක් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් පිරී ඉතිරී යාමට පටන් ගෙන ඇත.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පරිපානය තීරණය කර තිබේ. එම පීඨයේ සිසුන්ගේ කලහකාරී හැසිරීමක් හේතුවෙන් මෙසේ එම පීඨය වසා තැබීමට තිරණය කර තිබේ.

Read More

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමටත්, එසේම ශත 25 බද්දට යටත්ව ආනයනය කරන ලද සීනි තොග පවරා ගනිමින් කිලෝවක් රුපියල් 275කට අලෙවි කිරීමටත් රජය තීරණය කර තිබේ.

Read More

රට තුළ හිඟයක්ව පවතින කීරි සම්බා සහල් සඳහා ආදේශක ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත්කළ 2023 ICC ලෝක කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඇතුළත්ව සිටියි. මෙවර තරගාවලියේදී කඩුලු 21ක් දවා ගනිමින් ඔහු දැක්වූ දක්ෂතාව ඒ සඳහා හේතුව වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබද විමර්ශනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය පළව තිබේ.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සුප්‍රකට වොගර්කරුවෙක් වන නුසීර් යසීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වීඩියෝ තුනක් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සමග ගිවිසුමකට එක්ව තිබේ

Read More

යෝජිත නව විදුලිබල පනත සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව නව පනත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතය.

Read More

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් වැඩිමහල් සහෝදරයාගේ රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් මත එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් බාල සොහොයුරා ඇතුළු දෙදෙනෙකු බරපතළ තුවාල ලබා (19) දා රාත්‍රී හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ නවීකරණය සහ පුළුල් කිරීම සදහා අත්‍යාවශ්‍ය ව්‍යාපෘතිය ගනනාවක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරුන් රාශියකගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන සිදු කෙරුණි .

Read More

නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් විසින් ගෙන්වූ ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසූ දේශීය තොරතුරු ඉදිරිපත් කිරීම මගින් අදාළ ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳ අවධානය ශ්‍රී ලංකා රේගුව නව තාක්ෂණය හඳුන්වාදීමේ තත්ත්වය පිළිබඳ අවධානය රේගු ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ අවධානය නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල් අගුරු ගෙනඒමේදී අයකරගත් බදු මුදලෙන් 70% නිලධාරීන්ගේ ත්‍යාග සහ සුභසාධනය වෙනුවෙන් වෙන්කිරීම පිළිබ

Read More

අයවැය ඡන්දය සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම සමඟ තීරණයකට හෙට (21දා) උදෑසන එළඹෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පොළොන්නරුවේ දී පැවසීය.

Read More

කිරිඳි ඔය ඉහළ පෝෂක ප්‍රදේශයට ලැබෙන මහවැසි හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශයේ සියලුම වාන් දොරටු විවෘත කළ බව තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

Read More

සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ඔවුන්ගේ සේවක අයිතීන් කිහිපයක් මුල් කරගනිමින් අද (20) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ අතර එම උපවාස භූමිය වෙත පිවිසි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔවුන්ට එම උපවාසය අත්හැර ඒ පිළිබඳ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.

Read More

අද වනවිට මේ මහපොළොව අරමුදල නිසා විශ්ව විද්‍යාල සිසූ සිසුවියන් 65000 ක් පමණ ප්‍රතිලාභ ලබනවා. එම අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන 17 ක තැන්පතුවක් තියනවා. වාර්ෂිකව එයට පොලිය වසයෙන් රුපියල් බිලියන 2 ක් එකතු වෙනවා.

Read More

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් විසින් බැහැර කරනු ලබන පොලිතින්, ප්ලාස්ටීක් හා වෙනත් ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමට වාර්ෂිකව විශාල මුදලක් රජය වැය කරනු ලබන බවත්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පමණක් වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන දෙකකට වඩා වැඩි මුදලක් වැය කරනු ලබන බවත් නුවඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.

Read More

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමුඔය ජල පෝෂක ප්‍රදේශයට (19) දින පස්වරු ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමට අගල් 06 දක්වා ආසන්න වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරයා පැවසිය.

Read More

ග්‍රෑන්ඩ්පාස් වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකළ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටී එම පාසලේ දැරියක් මිය යාමේ සිද්ධියත් සමඟම එහි විදුහල්පතිවරයාට පහර දුන් බව කියන පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.