saravita-anim2

2025 මැයි මස 24 වන සෙනසුරාදා

2025 මැයි මස 24 වන සෙනසුරාදා

Latest News - timelapse 3078 hours ago

LATEST

මේ සතියේ පාර්ලිමේන්තුවේ වැඩ වෙන්නේ මෙහෙමයි

calendar_today 2023 ජුනි 18 - 21:11 remove_red_eye - 242  

මෙම සතියේ පාර්ලිමේන්තුව 20දා සිට ලබන 23 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. ඒ අනුව 20දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.

පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (18) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

නිවසක අනාරක්ෂිතව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක් අද (18දා) පෙරවරුවේ මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි.

Read More

තව මාස දෙක තුනක් අරගලය තිබුණා නම් තාත්තලා නැති දරුවේ හම්බ වෙන්න තිබුණා. ෂෙඩ් වලිනුත් ඔය වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. රටේ වාසනාවකට රනිල් මහත්තයා ඇවිල්ලා අරගලය ශුද්ධ නොකරා නම්.

Read More

හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි පන්නල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් එම මත්කුඩුද සමග ඉකුත්දා අත්අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.

Read More

තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

උඩවලව ජාතික වනෝද්‍යානය සදහා බලංගොඩ හදගිරිය නව පිවිසුම ආශ්‍රිතව සංචාරක පහසුකම් ප්‍රවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සදහන් කළේය.

Read More

උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.

Read More

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ඊට අනුබද්ධ ජාතික යන්ත්‍රෝපකරණ අධිකාරියේ සේවක වැටුප් , හිඟ වැටුප් සහ හිඟ අර්ථසාධක දීමනා ගෙවීම සඳහා සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි වටිනා ඉඩමක් රුපියල් බිලියන 10 කට පමණ විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතීඥ රත්නසිරි කලුපහන මහතා ප්‍රකාශ කළේය.

Read More

විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා විදේශ ගත වීම හේතුවෙන් තාක්ෂණ අමාත්‍යධූරයේ වැඩ බැලීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පත්කර තිබේ.

Read More

සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . ඔහු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් අනුව එසේ ඔහු මහනුවර මූලස්ථාන පොලීසියේ වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාවේ වෙලඳ පොලේ මේ දිනවල මිරිස් කුඩු වලට පිටි, ලුණු හා වර්ණක එක්කර විකිණීම සිදු කරන අවස්ථා දක්නට ලැබේ. මේ සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම කූට ව්‍යාපාරිකයින්ට එරෙහිව නඩු විශාල සංඛ්‍යාවක් ගොනුකර ඇති අතර මේ වන විටත් සැලකිය යුතු සංඛ්‍යාවක් වරද කරුවන් බව අධිකරණය විසින් තීන්දු ලබාදී තිබෙන්නේ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්. ඩී .රෝෂන් කුමාර මහතා පවසයි.

Read More

රටට සතුරු විනාශකාරී ගමනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක ගමන් නොකරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් තම පක්ෂයට නැති බවයි.

Read More

තංගල්ල ප්‍රදේශයේ බැඳිගංතොට ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස පහසුකම් නැංවීමේ වැඩ පිළිවෙළ ඊයේ (17) ආරම්භ විය.

Read More

මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Read More

මිනුවන්ගොඩ පොලිස් වසමේ බැස්ටියන් මාවත ආසන්නයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

Read More

බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17දා) උදෑසන පාපැදියද සමග හදිසියේ ඇදවැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ. ඒ අනුව ජනපතිවරයා නැවත ලංකාවට පැමිණෙන තෙක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීමට නියමිතය.

Read More

2023 වසරේ වසන්ත සැණකෙළියෙන් පසුව ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් නුවර එළිය තුරග තරග පිටිය සුගතදාස අධිකාරියට නඩත්තු කළ නොහැකි බව පවසා නුවරඑලිය ප්‍රාදේශීය ලේකම් යටතට පවරා ගෙන සුගතදාස අධිකාරියට ණය ගැති වී සිටින තුරඟ සමාජයේ හිමිකරුට විකුණා දැමීමේ කුමන්ත‍්‍රණයක් ඇති බවට පොදු සේවක සංගමයට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.

Read More

බඹරකන්ද දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි දිය වළකට වැටී අද (17) තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

Read More

සීනිගම සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලාජ් තරංග මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය ගුවන් නියමුවකු , ඔහු නැවතී සිටි හෝටලයේ ඇද වැටී මිය ගොස් තිබූ අතර ඔහුගේ දේහය පිිිිළිබඳ පශ්චාත් මරණ පරීකෂණය ඔහුගේ ඥාතීන් රුසියාවේ සිට පැමිණෙන තෙක් අත්හිහිටුවා ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධායෙකු පැවසීය.

Read More

විද්‍යාපීඨ 19ක පුහුණුව ලද ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් 7342ක් සඳහා ගුරු පත්වීම් ලබා දීමට හැකි වූ බවත් ඒ සඳහා අඩිතාලම වැටුණේ, 1980 දශකයේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 1985 වසරේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමෙන් අනතුරු ව 1986 වර්ෂයේ දී විද්‍යා පීඨ පනත හඳුන්වා දී විද්‍යාපීඨ පද්ධතියක් බිහි කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට එවක සිදු කළ සේවාව නිසා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු සනාථ කළේය .

Read More

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

Read More

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊ යේ (15දා) රාත්‍රී ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසියේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේ රැස්වූ සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සාකච්ඡා කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.