පාන් බනිස් ඇතුළු බේකරි සියලු නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් අද මධ්‍යම රාත්‍රීයේ සිට අඩුකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
මුතුරාජා ඇතා සම්බන්ධ කරුණ නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට කිසිදු ගැටළුවක් මතුවී නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී 2023.06.20 දින අවධාරණය කළේය.
Read Moreමත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලිමේ මෙහෙයුම් අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreමෙම වසරේ ඊයේ (19දා) දිනය තෙක් මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreවාහන ආනයන සීමා ලිහිල් කිරීමක් මේ වසරේදී සිදු කිරීමට අවස්ථාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreමාර්ග අනතුරු ඇතුළුව ශ්‍රී ලංකාවේ අනතුරු නිසා ආබාධිත,පූර්ණ ආබාධිත තත්වයන්ට මෙන්ම මරණයට පත් වන පුද්ගලයින් සංඛ්‍යාවද ඉහල ය. මෙසේ සිදුවන අනතුරු සංඛ්‍යාවත්, එම අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාවත් අඩු කර ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ ඒකකය නව වැඩපිලිවෙලක් ආරම්භ කල බව එම ඒකක ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
Read Moreආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහල් පරිශ්‍රය තුළදී ඇති කර ගත් ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් තුවාල ලබා ඊයේ (19දා) රෝහලේ වාට්ටු දෙකකට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ බිත්තර පරිභෝජන අවශ්‍යතාවය සඳහා කිකිලි පැටවුන් ලක්ෂයක් බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.
Read Moreශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අවධානයක් අවශ්‍ය බව අවධාරණය කෙරේ. 2022 වසරේදී වාර්තාවූ ළමා ලාදුරු රෝගීන් ප්‍රතිශතය 11.1%කි. නමුත් 2023 දී, එනම් මේ වසරේ මේ දක්වා එම අගය 8.4% ලෙස වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු රෝග මර්දනව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.
Read Moreඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය පූජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් බව සුරාබදු දෙපාර්තමෙන්තුව සදහන් කරයි
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟවූ අමනෝඥ තීන්දු තීරණ වලින් ඈත් වීමට කටයුතු කරන්නේ නම් මෙරට ජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත භාවය සුරක්ෂා කිරීමට එකට හිට ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreලබන සතියේදී ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 700කමුදලක් අනුමත කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ලෝක බැංකු ආරංචිමාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය මේ පිළිබඳව සඳහන් කර සිටියි.
Read Moreඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දොලොස් දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.16 දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී සිදුකරන ලදී.
Read Moreදහතුන් හැවිරිදි තම දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුලදීම මව්පිය යුවලක් වස පානය කර අසාධ්‍ය තත්වයෙන් වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේන බව පොලිසිය කියයි.
Read Moreඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2023 ජුනි 19) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරුහුණු මහා කතරගම දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යය අද (19)සිට ආරම්භ වේ. මෙම පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම පසුගිය 9 වන දා සිදු කළ අතර, රුහුණු මහා කතරගම දේවාලයෙහි වසරක් තුළ පැවැත්වෙන මංගල්‍යයන් අතරින් ඇසල පෙරහැරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
Read Moreශ්‍රී දළදා මාලිගාවේ අධි ආරක්ෂක කලාපයට හිස් පතුරම් කොපු 32 ක් ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය යටිනුවර වීදිය සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ .
Read Moreඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග සහ අනෙකුත් ඛනිජ තෙල් නිෂ්පාදනවල කිසිදු හිඟයක් රට තුළ නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ.
Read Moreජේ.වී.පී,රැස්වීම්වල හිටපු අය දැන් අපේ රැස්වීමවලට එන බවත් රට ආර්ථික වශයෙන් ගොඩනැගෙමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19දා) වරෙන්තු නිකුත් කළේය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreමහජනතාව මිථ්‍යාවෙන් මුදවා ගැනීමේ අරමුණින් මිථ්‍යාවේ මිත්‍යාව යන විද්‍යාත්මක පර්යේෂණ හෙළිදරව් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) රාත්‍රියේ දී පොළොන්නරුව බැඳිවැව මාඔය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
Read Moreරාජකාරියේ යෙදී සිටියදී රුපියල් 50,000ක කප්පම් මුදලක් ලබා ගැනීමේ චෝදනාවට, මීට වසර දහයකට පෙර වැඩ තහනමට ලක්වූ ගාල්ල පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (18දා) රුපියල් ලක්ෂ 3කට වැඩි හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreපෙම්වතා විසින් ඇයට වලස්මුල්ල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී පසුව බස්රථයකින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඥාති නිවසකට කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇත.
Read Moreරෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. හිටපු විදේශ අමාත්‍යවරයෙක්ද වන ඒ මහතාගේ පත්වීම ලබන අගෝස්තු මස 1 දින සිට ක්‍රියා්මක වෙයි.
Read Moreහිබුටාන සල්මල් උයන ප්‍රදේශයේදී සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි තැබීමට තැත් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරු සමග හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි
Read Moreයතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය අයි ඩී එච් පාර හැරෙන හන්දිය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.
Read Moreමෙම සතියේ පාර්ලිමේන්තුව 20දා සිට ලබන 23 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. ඒ අනුව 20දා පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත.
Read More