බදුල්ලේ ලොරියක් පෙරළිමෙන් සිව් දෙනෙක් මරුට
බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට වැලිහිදවංගුව අසලදී අද (5) දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස් තිදෙනකු බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ මොණරාගල හුලංදාව ප්රදේශයේ පදිංචි සිව්දෙනෙකු යැයි පොලිසිය කීය
ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් බස්නැවතුමක් ඉදිකිරීමට තැන්නපංගුව ට ගොස් ආපසු තැන්නපංගුව ප්රදේශයේ සිට බදුල්ල බලා ලොරියෙන් ගමන් කරමින් සිටියදී මෙසේ ලොරිය සොරණාතොට වැලිහිදවංගුව අසලදී පෙරලී අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත පොලිස් අධිකාරි බුද්දික ගුණසේකර මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක ටී එම් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ .වී.අනුර ,පොලිස් සැරයන් 43056 වික්රමරත්න යන මහත්වරුන් ඇතුලු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති
ඇල්ල ප්රසාද් රුක්මාල්



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
