saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2919 hours ago

LATEST

අරගලය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂව ඝාතනය කරන්න හැදුවා

calendar_today 2023 නොවැ 26 - 15:29 remove_red_eye - 510  

මීට අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය තැත්කල බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි .මහින්ද රාජපක්ෂ යනු මේ රටේ කවරදාකවත් දිනන්නට නොහැකි යැයි කියූ තිස්වසරක යුද්ධය අවසන් කර රට සංවර්ධනය කල නායකයා බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔ

චීනයේ කැන්ටන් - ග්වැන්ෂෝ වෙත 11/25 දින පිටත් වීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් ගමන, එම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය දින එම රෝහලේදි පැවැත්විණි.

Read More

කෘෂි අපනයන ආර්ථිකය ශක්මත් කර රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි සුළු අපනයන බෝග වගාව ප්‍රවර්ධනය කිරීමට විශේෂ අවධානයක්. මාතලේ දිස්ත්‍රික්කය කෘෂි දිස්ත්‍රික්කයක් ලෙස සංවර්ධනයට සැලසුම්. කොකෝවා වගාව ප්‍රචලිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්. මුදල් වැය කිරීම මෙන්ම මුදල් එකතු කිරීම පිළිබඳවද දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී යෝජනා ලබා දෙන්න.

Read More

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු යුද හමුදා කඳවුරේ ගොවිපල තුලදී 26 වෙනිදා අලුයම 2.10 ට පමණ වන අලියෙකු පහරදීමෙන් එම කඳවුරේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය කියයි.

Read More

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රජය ලහි ලහියේ ගෙන එන ජල කළමනාකරණ පනත ජනතාව එක්ව වහාම නවතා නොගත්හොත් ඉදිරියේදී ගොවිපලවල් වලට කුඹුරට ජලබිල එන එක නවතා ගන්නට නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

Read More

නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් කළේය.

Read More

බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවත්, එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට බොහෝ ‌දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

Read More

මඩකලපුව, කාත්තාන්කුඩි පොලිස් වසමේ ඔලික්කුලම් පට්ටිමාපුරය ප්‍රදේශයේදී අද (24) අළුයම පොළඟෙකු දෂ්ඨ කිරීමෙන් මාස හයක් වයසැති බිළිඳෙකු ඉතා ඛේදජනක ලෙස මිය ජිවිතක්ෂයට පත්වේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයෙන් යාත්‍රා කරන නෞකාවලින් වාර්ෂිකව රටට ඩොලර් මිලියන 200ක් උපයා ගැනීමට හැකි “විද්‍යුත් නාවික සිතියම්” (Electronic Navigation Charts) නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික ජලශාස්ත්‍රීය පනත සංශෝධනය කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව වනිඳු හසරංග හා දුෂ්මන්ත චමීරව ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය නොඳුන් බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ අඹු සැමි යුවළක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

විදුලි බල මණ්ඩලය ඉතිහාසයේ නොවූ විරූ මහා දැවැන්ත මහජන මුදල් සූරාකෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (24දා) 2024 විසර්ජන පනත් කෙටුම්පත (අය වැය) කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

Read More

ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන් නැමැති පෞද්ගලික වාහන අංගනයේ තිබුණු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කමකින් යුතු ලෑන්ඩ් කෘෂර් වර්ගයේ ජීප් රථයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන 23 දින දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය සූදානම් – ජනපති අවධාරණය කරයි.

Read More

සෙවනගල ග්‍රාමීය රෝහලේ ස්ථානභාර ප්‍රධාන වෛද්‍යවරයා වන ගෝනපීනුවල විතානගේ චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ ජලටැංකියට වස මිශ්‍රකළ එම රෝහලේ සාත්තු සේවකයෙකුට මිනීමැරීමේ චෝදනාව යටතේ වසර 10 කින් ගෙවීයන පරිදි වසර 20 සිරදඬුවම් සහ අගතියට පත් නිල නිවසේ සිටි සිව්දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් පන්දහස බැගින් රුපියල් විසිදහසක දඩයක් ඉකුත් (21) වෙනිදා පැවති නඩු විභාගයේදී ඇඹිලිපිටිය පළාත් බද මහඅධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් නියමකරනු ලැබුවේය.

Read More

ශ්‍රී ලංකාවේ මාසයක අදායම රුපියල් බිලියන 215ක් බවත් මාසික වියදම රුපියල් බිලියන 383ක් බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ඒ අනුව මාසයක රටට ඇති හිඟය රුපියල් බිලියන 168ක් බවද ඔහු පැවැසීය.

Read More

දිවයිනට බලපා තිබූ වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවිමක් අද දිනයේද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2023 වසරේ ඔක්තෝබර් මාසයේ ජනපතිවරණයක් පැවැතියේ නම් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 51ක ප්‍රතිශතයක් ලබමින් එහි ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කියයි.

Read More

මාර්ග සංවර්ධන අධිකාරියේ මුදල් අයකැමිවරුන් ඇතුළු සියලුම සේවකයන් රාජකාරී කටයුතුවලින් ඉවත් වු පෙරේදා (22) අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 21 ක ආදායමක් ලැබී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවැසීය.

Read More

කාන්තාවන් සඳහා උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 80ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් සාමාන්‍ය අවුරුදු 76/77ත් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

අතුරුගිරිය ස.තො.ස වෙළඳ සැලේ බඩු රාක්කයේ සිට මුදල් ගෙවීමේ කවුන්ටරය ලඟට එද්දී තත්පර කීපයක් තුල පැකට් කරන ලද දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහල යෑමේ සිද්ධියක් දකින්නට ලැබිණි .

Read More

තන්තිරිමලය කලුවිල ප්‍රදේශය පුද්ගලයකු තම බෝග වගා වටා ඇද තිබූ විදුලි වැටක වැදී, විදුලි සැර වැදී අද ( 23දා) දළ ඇතකු ජීවිතක්ෂයට පත්ව ඇති බව තන්තිරිමලය පොලිසිය පවසයි.

Read More

ජල මට්ටම ඉහළ යාම නිසා සමනලවැව ජලාශයේ කෘෂිකර්මික කටයුතු වලට ජලය සැපයෙන කෘෂිකාර්මික දොරටු පමණක් අද 23 දින පස්වරුවේ විවෘත කිරීමට පියවර ගත් බව ජලාශ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය පැවසීය.

Read More

කොහුවල ප්‍රදේශයේ ඉන්ධන හලක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරීන් අද (23දා) දින කටයුතු කළේය.

Read More

උඩවලව ජලාශයේ වාන් දොරටු පහක් මේ වන විට විවෘත කර ඇති බව ජලාශය භාර නිලධාරීන් පවසයි. ඒ අනුව තුන්වන දොරටුව අඩි දෙකක්ද අනෙක් දොරටු දෙක අඩිය බැගින්ද විවෘත කර තිබේ. ඉන් තත්ත්පරයට ඝන අඩි 13650 බැගින් ජලය මුදා හරින බව උඩවලව ජලාශය භාර ඉංජිනේරුවන් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.