පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධ සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට අද (1දා) නිර්
ඒ අනුව, බොරැල්ල, වැල්ලවත්ත, හැව්ලොක් ටවුන්, දෙහිවල, මොරටුව, පානදුර, කළුතර, කොටහේන්, කොම්පඤ්ඤවීදිය, බත්තරමුල්ල, ගල්කිස්ස, නුගේගොඩ, සීතාවකපුර යන තැපැල් කාර්යාල මෙසේ පැය 24 පුරා විවෘතව තබනු ඇත.
Read More2023/12/01 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/4 සඳුදා උදෑසන 6.00 දක්වා, 2023/12/08 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/11සඳුදා උදෑසන 6.00 දක්වා, 2023/12/15 සිකුරාදා රාත්‍රී 9.00 සිට 2023/12/ 18 සඳුදා උදෑසන 6.00 දක්වා,
Read Moreජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සමගාමීව මේ වන විට ශ්‍රි ලංකාව තුළ ඉන්ධන සිල්ලර ව්‍යාපාරයේ නිරතව සිටින ලංකා අයි.ඕ.සී. සමාගම හා සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට තීරණය කර තිබේ.
Read Moreකොළඹ බදුල්ල උඩරට දුම්රිය මාර්ගයට අද 01 අලුයම හපුතලේ දියතලාව අතර ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
Read More2023 වර්ෂයේ පවත්වන ලද 2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විහාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.
Read Moreලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 27 කින් අඩු කර ඇති අතර නව මිල රු 329කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කර ඇති අතර නව මිල රු 346කි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කර ඇති අතර නව මිල රු 247කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරක මිල රුපියල් තුනිකින් ඉහළ දමා ඇති අතර නව මිල රු 434කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දවා ඇති අතර නව මිල රුපියල් 426කි.
Read Moreඅපරාධකරුවන්ගෙන් ගිනි අවි අඩු මුදලට ලබාගෙන වෙනත් අපරාධකරුවන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු රුවන්වැල්ල මොරාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
Read Moreකොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය නොවැම්බර් මාසයේ දී 3.4%ක් දක්වා වැඩි වී ඇත. එය 2023 ඔක්තෝබර් මාසය සඳහා 1.5%ක් ලෙස වාර්තා වී තිබුණි.
Read Moreවිශ්‍රාමික දීමනා, මානුෂික ව සළකා බලා පවත්නා ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා යම් කිසි සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කරන ලදී. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
Read Moreවහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කර සිටි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනිය නීතිඥවරුන් මාර්ගයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (30දා) භාර වූවාය.
Read Moreසෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ දැවෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අද (30) පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දැක්වීය. එහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් විපක්ෂ නායකවරයා මෙහි දී ඉදිරිපත් කර සිටියේය.
Read Moreවව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී වෙළෙඳසැලක් පවත්වාගෙන අයෙකුගේ වයෝවෘද්ද වූ මව සහ පියා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කොට තිබියදී අද (30) දින සිරුරු හමු වූ බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
Read Moreලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483 ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
Read Moreඋසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණ පද්ධතිය සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥයින්ට නොව මහජනතාව සඳහා බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreතායිලන්තයේ පැවති 08 වන කායවර්ධන සහ ශාරීරික නිරූපන ශූරතා තරගාවලිය - 2023 සහභාගී වූ දිලිප් වෙන්සාකර් ක්‍රීඩකයා , එම තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ එක් රිදී පදක්කමක් දිනා ගෙන 11/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (29) වැටලීම් කරන ලදී.
Read Moreතම ප්‍රමුඛතා ලැයිස්තුවේ පළමු කරුණ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු දෑ බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය. වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වීමෙන් අනතුරු ආගමික වතාවත් සඳහා ගංඟාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreතවද දියර කිරි සහ බිත්තර වැනි කිරි නිෂ්පාදන ද වැට් බද්දට යටත් වේ. කෙසේ වෙතත්, තිරිඟු, තිරිඟු පිටි හෝ පිටි කිරි, ඖෂධ නිෂ්පාදන හා ඖෂධ නිදහස් කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ළමා මන්දපෝෂණය බහුලව පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ වගා කරන ධාන්‍යවලින් සාදන ලද ආහාර නිෂ්පාදන, “පෝෂ” කාණ්ඩයට අයත් අධි ප්‍රෝටීන් සහ අධි ශක්ති කෘෂි ආහාර ලෙස හඳුනාගෙන වැට් බද්දට යටත් කරන්නේ මන්දැයි කාරක සභාව නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදී.
Read Moreවැඩබලන පොලිස්පති ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේය.
Read Moreඇල්ල රාවණාඇල්ල 23/1 බෝක්කුව අසලදී අද (30) පෙරවරුවේ විශාල පස්කන්දක් සමඟ ගල්පර්වත කඩා වැටී ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇති හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට ඇල්ල පොලිසිය රථ වාහන රියදුරන් ට දැනුම් දෙයි .
Read Moreමුළු රටේම එළවළු මිල ඉහළ මට්ටමක පවතින අවස්ථාවක දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවකටත් වඩා වැඩි ප්‍රමාණයක් සපයන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක 30 දින වන විට පවතින බව එහි ව්‍යාපාරිකයො පෙන්වාදෙති.
Read Moreඑක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය.
Read Moreගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ඊයේ(29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර අයවැයෙන් “විසල් මහනුවර පුරවර සංවර්ධන වැඩසටහන” වෙනුවෙන් රුපියල් මිලියන 1,500ක් වෙන් කර තිබෙන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreඇල්ල සංචාරක පුරවරයට සංචාරය සදහා පැමිනෙන විදේශීය සංචාරකයන් වෙනුවෙන් ඌව පලාතේ ප්‍රථමවරට අද (29) ඇල්ල සංචාරක නගරයේ ආරම්භ කළ රාවණා ඔඩිසි තට්ටු දෙකේ විවෘත නැරඹුම් සංචාරක බස්රථ සේවයට ඇල්ල නගරයේ ජනතාව විරෝධය දක්වමින් බස්රථය ධාවනයට ඉඩ නොදී මග හරස් කරමින් විරෝධය පළකළහ.
Read Moreබෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි දේවගැති ජෙරොම් ප්‍රනාන්දු 11/29 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.
Read Moreකොළඹ උතුර ( කාති) උසාවියේ විනිසුරුවරයකු එම කාර්යාලය තුළදී පුද්ගලයෙකුගෙන් රුපියල් 7500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
Read More