saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2906 hours ago

LATEST

කායවර්ධනයෙන් ලක්මව රිදියෙන් බැබලවූ තෙනුර එයි

calendar_today 2023 නොවැ 29 - 15:47 remove_red_eye - 428  

දකුණු කොරියාවේ සහ මැලේසියාවේ පැවති කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලි දෙකකට සහභාගී වී ඒවායින් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත් තෙනුර ලක්සෙන් ක්‍රීඩකයා 11/29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ඓතිහාසික දිඹුලාගල කඳුවැටියෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය පිටපත් කර කියවීමෙන් පසු විශාලතම කාර්යභාරය වන එය ආරක්ෂා කිරීම,තෙමීම සහ දියසෙවල බැඳීම වැලැක්වීමට වහලයක් සැකසීම,මෙන්ම ඊට විදුලි සම්බන්ධතා ලබාදීම, මාර්ගයක් සැකසීම කටයුතු කිරීම කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී.රත්නපාල මහතා සඳහන් කළේය.

Read More

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්ත වෙයි.

Read More

වර්ෂ 1756 දී ආක්‍රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මගුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාළතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06 ක් 11/29 දින අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණි.

Read More

දෙසැම්බර් මාසයේ දීර්ඝ සති අන්ත නිවාඩුව හා පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය දෙපාර්තතමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරිමට නියමිතය.

Read More

ඛණිජ තෙල් නීති ගත සංස්ථාව විසින් 2022 වර්ෂයේ බොරතෙල් මිලදී ගැනීමේ දී මිල තීරණය කිරිම සඳහා වෙනස් මිල දර්ශකයක් යොදා ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 17,876 ක අතිරේක පිරිවැයක් සංස්ථාවට දැරීමට සිදු වී ඇති බව පසුගිය26 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අළුයම වස්කඩුව කොස්ගස්හන්දිය ප්‍රදේශයේඅනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් දුම්රිය රියදුරු සහ සංචාරකයින් දෙපලක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

Read More

හිඟ බදු ගෙවීමේ කොන්දේසි කඩ කිරීම නිසා ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ රන්දෙණිගල යන මත්පැන් නිෂ්පාදන සමාගම්වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ, උපදෙස්වලට පටහැනිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් 2021 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව වන විට රුපියල් විසි හය කෝටි විසි ලක්ෂයක (26,20,00000) මුදලක් සංස්ථාවට අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය පසුගිය26 දින නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

රටක් ලෙස වැටුණු තැනින් අප ඉදිරියට පැමිණ තිබුණද, තවම ගමන අවසන් නැති බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව පැවසීය.

Read More

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

Read More

විදේශගත ශ්‍රමිකයින්ට බැංකු ණය දෙන්න කැබිනට් අනුමැතිය දුන්නත් බැංකුවලට ඒක ක්‍රියාත්මක කරන්න බැරි වෙලා

Read More

ඇඹිලිපිටිය, පනාමුර ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මඩුවන්වෙන නින්දගම වත්ත නැමති ඉඩමෙන් අක්කර 87, රූඩ් 3 පර්චස් 25ක කොටසක් වන වගා ව්‍යාඵෘතියක් වෙනුවෙන් දීර්ඝ කාලීනව අවුරුදු 30ක බදු පදනම යටතේ සීමා සහිත ලංකා දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෑත කාලයේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම හොරකමට එරෙහිව ඒකමතිකව එකතු වූ අවස්ථාවක් ලෙස ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීම හැඳින්විය හැකි වුවත් මේ වන විට මේ යෝජනාවට පයින් ගසා හොරකම හෙළිදරව් කළ පුද්ගලයා ඉවත් කර හොරකම් කළ කණ්ඩායම රැක ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ආසියානු සංවර්ධන බැංකු ණය අරමුදල් මත ක්‍රියාත්මක කරන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (අයි රෝඩ්) යටතේ නිම කළ යුතු ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.

Read More

නව වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය අද පෙරවරුවේ මහවැලි අධිකාරි ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේ දී වැඩ බාර ගන්නා ලදි. පත්වීම බාර ගැනීමෙන් අනතුරුව එම ලිපිය අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා වෙත බාර දෙන ලදී .

Read More

මේ විද්‍යාලයේ සදරු දෙනුවන් ශිෂ්‍යයා ලකුණු 175 ක්ද පුසාද් දෙනුවන් ශිෂ්‍යයා ලකුණු 169 ක්ද කවිෂා මල්ශානි ශිෂ්‍යාව ලකුණු 163 ක් ද විශේෂ අවශ්‍යතා සිසුවෙකු වන තරුෂිත නිම්සර ශිෂ්‍යයා ලකුණු 78 ක් ද ලබා ගනිමින් විද්‍යාලයට කීර්තියක් ලබා දී ඇත.

Read More

මෙරට ධිවර කර්මාන්තයේ නියැලෙන බහු දින යාත්‍රා සදහා සහන මිලට ඉන්ධන ලබා දිමට අවශ්‍ය වැඩ පිලිවෙලක් සකස් කිරිම පිලිබද විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ ඉන්දියන් ඔයිල් සමාගමේ (ioc) නියොජිතයන් අතර ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීමට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය සම්බන්ධයෙන් අභිනව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ස්ථාවරය දෙසැම්බර් මස 05 වැනිදා දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (28දා) දැනුම් දුන්නේය.

Read More

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 51 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියක මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයන් බවත් 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බවත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සිය මුණුපුරන් දෙදෙනා නංවාගෙන සිවුදරු පියෙක් පදවාගෙන ගිය ත්‍රී රෝද රථයක් බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දී ලොරි රථයක් හා මුහුණට මුහුණ ගැටීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි

Read More

ඇය ඇඹිලිපිටියට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් කඩුවෙල අධිවේගී පිවිසුම අසල රැඳී සිටියදී ඇඹිලිපිටිය දෙසට ගමන් ගන්නා මෙම කන්ටේනර රථය පැමිණ කාන්තාව එම රථයට නංවාගෙන කඩුවෙල සිට ඇඹිලිපිටිය දෙසට යමින් සිටියදී කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කනුව අසල ටයරයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කරමින් තිබූ තවත් කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබේ.

Read More

අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියමු වැඩසටහනක් ලෙස දියත් කරමින්, 2024.03.31 දින දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ලෝක ප්‍රකට සූපවේදී , ඕස්ට්‍රේලියානු ජාතික ගැරී මිහිගන් ( Gary Mehigan ) මහතා ශ්‍රී ලංකාවේ සත් දින වැඩමුළු කීපයක් සදහා ඊයේ (27දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රබර් ශල්‍ය අත්මේස් හා සාමාන්‍ය රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලිසිය සඳහන් කරයි.

Read More

පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්තේ වන්දනාවටපාත්‍රවන අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමාවට චීවරයක් පැලඳවීමට පිරිසක් කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් තිබෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කළුතර මහ රෝහලේ සහ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සී.ටී. යන්ත්‍ර අක්‍රීය වීම නිසා අදාළ පරීක්‍ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් කෝටි පහමහාරකට අධික මුදලක් මේ වනවිට වියදම් කර තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කිසියම් පුද්ගලයකු විසින් සාත්තු කර තිබු කේරල ගංජා පැල දෙකක් මතුගම පැලවත්ත පදික වේදිකාවේ තිබී ගලවා ඉවත්කිරීමට මීගහතැන්න පොලිසිය කටයුතු කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.