saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 2873 hours ago

LATEST

පොහොට්ටු සම්මේලනයේදී ලොකු පුටුවල වෙනසක් නෑ

calendar_today 2023 දෙසැ 11 - 16:22 remove_red_eye - 430  

ලබන 15 වැනි දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) දෙවන සම්මේලනයේදී පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරුවල වෙනසක් සිදුනොවන බව නාමල් රාජපක්ෂ පවසයි.

2024 වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේදී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

Read More

වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ, එම ආයතනවල නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.

Read More

වැට් බදු වැඩි කිරිමේ ප්‍රතිශතය වැඩි බවත් තමන් වැට් බද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට එක් නොවන බවත් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ලංකාවේ පළමු ශිල්පීය තේ කර්මාන්ත ශාලාව පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලා පරිශ්‍රයේදීම ආරම්භ කෙරිණ.

Read More

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දිනයේම සිදුකිරීමට සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (11) පෙරවරුවේ සිට සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝව තුළ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සේවකයෙකු අත්තං ඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

Read More

මිහින්තලය රජමහා විහාරයේ විවිධ කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත්, තවදුරටත් පොලිස් නිලධාරීන් පුදබිමේහි රාජකාරී සඳහා යොදවා සිටින බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Read More

නාවික හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් 1,877දෙනෙකුට උසස්වීම් ලබා දී තිබේ.

Read More

මෙම වර්ෂයේ 2023 ජනවාරි 01 සිට සැප්තැම්බර් 30 දක්වා වූ කාලසීමාව තුළදී කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 221.4ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් (දෙසැම්බර් 08) දින නිකුත් කර ඇති මහ බැංකු වාර්තාවක සඳහන් වේ.

Read More

මිහින්තලා රජමහා විහාරස්ථානය තුළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව සැල වීමත් සමග ඒ පිළිබඳව තමන් වහන්සේ කළ ප්‍රකාශයකට අනුව මිහින්තලා විහාරස්ථාන භූමිය තුල සිටින සියලුම යුධ හමුදා, නාවික හමුව , සිවිල්ආරක්ෂක සෙබළුන් මේ වන විට ඉවත් කර ඇතැයි මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් පැවැසූහ.

Read More

මාස ගණනාවක් තිරප්පනේ ප්‍රදේශයේ සැරිසරන අග්බෝ ඇතා කැලයට රැගෙන යෑම සඳහාරැහේ සිටි තවත් අලියෙකු මේ දිනවල තිරප්පනේ කණුමුල්ලේගම වැවට ඒමට පටන්ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

Read More

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය නාය යාමට ලක්විමත් සමඟ එම මාර්ගයේ බදුල්ල බණ්ඩාරවෙල අතර බර වාහන ධාවනය අද (10) සිට නතර කිරීමට තීරණය කළ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

Read More

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් අද (10) වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

Read More

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

Read More

විදුලි බලය විසන්ධි වීම නිසා අවසන් කටයුතු සිදු කිරීම සදහා මාතර කනත්තගොඩ ආදාහනාගාරයට රැගෙන ආ දේහයක් ආදාහනාගාරය තුල තබා ගෙන පැය දෙකකට වැඩි කාලයක් ඝන අදුරේ සිටීමට ඊයේ (09) රාත්‍රි මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පිරිසකට සිදු විය.

Read More

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් උඩුගම්පොල - නයිවල පාරේ පිහිටි උකස් මධ්‍යස්ථානයකට ඇතුලුවු පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවිකාවන් තිදෙනෙකුට උල් ආයුධයක් පෙන්වා සේප්පුවෙහි තිබූ මුදල් සහ රන් අබරණ පැහැර ගෙන ගොස් ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

Read More

රට පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වගකීම බාරගෙන ඒ සඳහා වන්දි ගෙවිය යුතු බව හිටපු විදුලි බල අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දඹුල්ලේදී පැවසීය.

Read More

ගණපූර්ණය නොමැතිවීමෙන් අද (10) ප.ව 12.05ට පමණ පාර්ලිමේන්තුව හෙට (11) පෙ.ව 9.30 දක්වා කල්තැබිණි.

Read More

ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ විශේෂ රැස්වීමක් හෙට (11දා) පැවැත්වේ. මෙම රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 8.30 ට පැවැත්වීනට නියමිතය.

Read More

සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන අවසන් වසර සිසුන්ගේ සායනික පුහුණූ ලබා දීම සදහා ඊට අදාල ගිවිසුම්ගත වීම පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අතර සිදුවිය.

Read More

ශ්‍රී ලංකා රජය විසින් තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති එල්ටීටී සංවිධානයේ ලාංඡනයට සමාන ස්ටිකරයක් අලවා ධාවනය කළ ත්‍රී රෝද රථයක් හා එහි රියදුරු අත්ඩංගුවට ගත් බව මාතලේ කන්දෙනුවර පොලිසිය පවසයි.

Read More

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව හා අනෙකුත් හමුදා අතර හා මිහින්තලා විහාරාධිපති හිමියන් අතර ඇති විශ්වාසය යම් කිසි ආකාරයකට පළුදු වී ඇති බැවින් හා සහ සම්බන්ධයද පළුුදු වී ඇති බැවින් ශ්‍රි ලංකා යුද හමුදාවේ හා අනෙකුත් හමුදාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද දිනයේ සිට ඔවුන් එම රාජකාරිවලින් මුදවා ලිමට නියමිතයි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ක්‍රියාත්මක වෙමින් පැවති පළමු ජනන යන්ත්‍රයද 9 දින රාත්‍රියෙ සිදුවු දිවයින පුරා සිදුවු හදිසි විදුලි බිද වැටිමත් සමග නැවති යාමේන් එම බලාගාරයෙන් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය ලබා දීම සම්පුර්ණයෙන් නැවති ඇති බව විදුලි බල මංඩල මාධ්‍ය ප්‍රකාශක ඉංජීනේරු නොයෙල් ප්‍රියන්ත මහතා 10 දින පැවසිය.

Read More

ගාල්ල කරාපිටිය රෝහල ආසන්නයේ ඉදිකරගෙන යනු ලබන සිව්මහල් ගොඩනැගිල්ලක පිටුපස පැතිබැම්මක් ඉදිකිරිම සඳහා කාණුවක් කපා එහි කමිබි කුරු අතුරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පස් කණ්ඩියකට යටවිමෙන් එක් අයෙකු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බව කරාපිටිය රෝහල් පොලීසිය සදහන් කරයි.

Read More

අපි නොවැමිබර් මාසයේදී ඩොලර් මිලියන 573ක් මේ රටට ගෙනත් තියෙනවා. මේ අවුරුද්දේදී විතරක් ඩොලර් බිලියන 5.4ක මුදලක් රට ඇතුළට අරගෙන ඇවිත් තියෙනවා. මේක සුවිශේෂී අවස්ථාවක්. විදේශ ගත ශ්‍රමිකයින් හරි විදිටය රට ඇතුළට සල්ලි අරගෙන ආපු නිසා තමයි පෝලිම් නැති කරන්න පුළුවන් වුනේ. මිල වැඩි වුනත් තෙල් ටික රටට ගේනනේ මේ අය නිසා. රජයක් විදියට අපිට කෙලෙහිගුණය දක්වන්න මනුස්සකමක් තියෙන්න ඕන.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත්, ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගෑනු සත්වයින් දෙදෙනාගෙන් වයස (35 ) ක් වූ ’’ හේලි ’’ නම් ගැහැණු සත්වයා (07) වන දින පස්වරුවේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන අතරතුර හදිසියේ මියගොස් ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු පැවසීය .

Read More

දිවයින පුරාම ‌ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇති නොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරමභ කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.