අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා මාර්ගය අදියර කිහිපයක් යටතේ වසා දැමීමට නියමිත බව මහවැලි අධිකාරිය පවසයි.
ගෙවත්තක ඇද තිබූ අනවසර විදුලිය රැහැනක පැටලීමෙන් අනතුරට ලක්වූ පුද්ගලයෙකු, 12 වෙනිදා පස්වරුවේ , නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කරණ විටද මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More2024 වසරේ ජනවාරි මාසයේදී යළි විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreතමා විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය පළකළ වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය.
Read More2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වූ දිවයින පුරා පිහිටි අධ්‍යාපන කලාප සියය අතරෙන් දිවයිනේ මුල්තැන තණමල්විල අධ්‍යාපන කලාපයට හිමිවී ඇත.
Read Moreඑළැඹෙන වර්ෂයේ සිට පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට ඒ යටතේ අපේක්ෂා කරන බවත්, එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසී ය.
Read Moreහිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටි දැරියන් තිදෙනෙකු 12 වෙනිදා සවස පලායමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙන බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
Read Moreගුවන් භටයින් 9 දෙනෙකුට පසුගිය වසරේ ලබාදුන් දීර්ඝ සේවා පදක්කම් අවලංගු කිරීමට ජනපතිවරයාගේ අණ පරිදි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කටයුතු කර තිබේ.
Read Moreහිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13දා) විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වේ.
Read Moreහිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනුවෙන් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුව අහෝසි කරමින් වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඊයේ (12දා) මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
Read Moreශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක විස්තිර්ණ අරමුදල් පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ඇති දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට එහි විධායක කමිටුව ඊයේ (12දා) අනුමැතිය දී තිබේ.
Read Moreඓතිහාසික අස්ගිරි මහාවිහාරයේ ගෙඩිගේ රජමහා විහාර පරිශ්‍රයේ පිහිටි වසර 750ක් පමණ ඉපැරණි බෝධිය කඩා වැටී තිබේ.
Read Moreඉකුත් සතියේ සිට සීග්‍රයෙන් ඉහළ බිත්තර මිල ඉදිරි සතියෙදි අඩු කරන බව පාරිභෝගික වෙළද හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
Read More1990 සුව සැරිය පුර්ව රෝහල් සත්කාර ගිලන්රථ සේවාවේ සම්බන්ධිත ගිලන් රථ සේවාව (connected ambulance revolutionizing pre-hospital care) අද දින (12) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සුව සැරිය ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ දී ආරම්භ විය.
Read Moreමෝටර් රථයක් පදවාගෙන යමින් සිටි කාන්තාවකට හස්ත මුද්‍රාවෙන් ලිංගික අතවර කළ බව කියන පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
Read Moreඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි
Read Moreඋපයා ගත්තාකාරයේ හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් මිලියන 75කට අධික වත්කම් සම්බන්ධ නඩුවට අධිකරණයේ පෙනී නොසිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් හෙට (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විමල් වීරවංශ මහතාගේ ඇපකරුවන්ටද අධිකරණයෙ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අද (12) නොතීසි නිකුත් කළේය .
Read Moreයුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගෙන ලොව වටා ගමන් කරණ ’’වස්කෝද ගාමා ’’නැමැති මගී නෞකාව අද (12) උදැසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වු බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.
Read Moreමත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ 11 වෙනිදා සවස වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 126 නෙකු අත්අඩංගුවට ගෙන දොළොස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreමහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට ඔ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ අද (12) නියම කළේය.
Read Moreචීනයෙන් ගෙන්වනලද අධි සුඛෝපභෝගී දුම්රියක් හා දුම්රියේ මනමාලි ලෙස ජනතාව අතර කථාබහට ලක්ව ඇති හිටාචි අධි සුඛෝපභෝගී දුම්රිය මේ වන විට කොළඹ දෙමටගොඩ ජෝන් හෝලන්ඩ් දුම්රිය අංගනයේ දිරාපත්වීමට ඉඩ හැර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමාවතගම පිලැස්ස මාස් කොළණිය ප්‍රදේශයේ පදිංචි තරුණ දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් විසි දෙහැවිරිදි ලාබාල තරුණයෙකු මරණයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකින් පසුව එම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන ඇත.
Read Moreප්‍රේම සබඳතාවයක් මත දෙපාර්ශවයේම දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව, වයස සම්පූර්ණ වූ පසු විවාහ කර ගන්නා බවට පොරොන්දු ව මත, ප්‍රේමවන්තයාගේ නිවසට පදිංචියට ගිය වයස අවුරුදු 15ක දැරියක් අපහරණය කර අතවරයට ලක් කළ වයස අවුරුදු 32ක ප්‍රේමවන්තයා අත්අඩංගුවට ගත් බව ප්‍රියංකරගම පොලිසිය පවසයි.
Read Moreබෙන්තොට මුහුදු තිරයේ ඊයේ (11) සවස දියනාමින් විනෝදවූ පිරිසක් අතරින් තරුණයන් දෙදෙනෙක් මුහුදේ දිය රළකට හසුව ගසාගෙන යාමෙන් එක් අයෙකු මියගොස් අනෙකා රෝහල් ගතකල බව බෙන්තොට පොලිසිය කියයි. මියගොස් ඇත්තේ බේරුවල චීන කොරටුවේ පදිංචි මොහොමඩ් අද්මල් නැමති 22 හැවිරිදි තරුණයෙකි.
Read Moreමත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ 11 වෙනිදා සවස වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන දොළොස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.
Read Moreතරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ඒ සඳහා කෘෂිකර්මය නවීකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreරු 20000ක වැටුප් වැඩිවිමක් ඉල්ලා හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreව්‍යවස්ථා සභාවේ කටයුතුවලට ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ හේතුව පදනම් කරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට අවස්ථාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreඅයහපත් කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා ඇතැයි ද ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවද හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය අද (11) පැවසුවාය.
Read More