ආපදා මරණ 15ක් දක්වා ඉහළට
ස්වාභාවික ආපදා සක්‍රීය වීම හේතුවෙන් අද පෙරවරුව දක්වා පසුගිය සති තුනකට ආසන්න කාලයක් තිස්සේ ඇතිවූ ආපදාවලින් දිවයිනේ පවුල් 3727 ක පුද්ගලයින් 11864 ක පිරිසක් පීඩාවට පත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ආපදාවලින් පුද්ගල මරණ 15 ක් තුවාල සිදුවූ පුද්ගලයන් 23 ක් පූර්ණ නිවාස හානි 17 ක් අර්ධ නිවාස හානි 3304 ක් ව්‍යාපාරික ස්ථාන හානිවීම් 54 ක් මෙන්ම ආරක්ෂිත ස්ථාන ගතකළ පුද්ගලයන් 2611 ක් වශයෙන් වාර්තාවූ බව එම මධ්‍යස්ථානය කියයි.
පළාත් වශයෙන් වැඩිම ආපදා ප්‍රමාණයක් දකුණු පළාතෙන් වාර්තා වී තිබේ.එහි පවුල් 1982 ක පුද්ගලයන් 6840 ක් පීඩාවට පත්ව නිවාස හානි 3005 වාර්තාවූ බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.වැඩිම පිරිසක් අවතැන්ව ඇත්තේ සබරගමුව පළාතේ වන අතර එම සංඛ්‍යාව 2219 කි.
ගංවතුර ,දැඩි සුළං ,නාය යෑම් ,ගස් සහ පස් කන්ඩි කඩා වැටීම් ,තද වැසි ආදිය හේතුවෙන් මේ ආපදා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අද නිකුත් කළ වාර්තාවක සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

