අයිස් නිසා වැඩ තහනම් වූ පොලිස් නිලධාරින් දෙදෙනා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලම්පිටිය බුත්ගමුව තනිකඩ බට නිවාසයෙන් හොර රහසේ පිටව ගොස් අයිස් සහ ගංජා පානය කර නැවත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම නිලධාරීන් දෙදෙනා තනිකඩ බට නිවාසී රාත්‍රී නාම ලේඛනයට පෙනී නොසිටිමින් අනවසරයෙන් තනිකඩ බට නිවාසයෙන් පිටව ගොස් නැවත පැමිණෙන අවස්ථාවේදී අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත නිලධාරීන් පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී නිලධාරීන් විෂමද්‍රව්‍ය භාවිතා කර ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
කොස්තාපල්වරුන් දෙදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය සහ කැනබිස් නමැති විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වාර්තා වලින් ද සනාථ වූ බව පොලීසිය සඳහන් කරයි
එම නිලධාරීන් දෙදෙනාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් රාජකාරී වැඩ තහනම් කර ඇත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

