නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන 323 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ ඒවා රැගෙන යමින් තිබූ වෑන් රථයක් ද පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් 01/03 දින සවස කොළඹ - කටුනායක අධ්වේගී මාර්ගයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොල
ගෝනපොල කෝරලඉම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ කාර්යාලයේ තිබු උපත් පාලන කොපු තොගයක් කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 72 කුරුඳුගහ හැතැක්ම ප්‍රදේශයේදී ලොරියක් සහ සුඛෝභෝගී වෑන් රථයක් ඊයේ (3) රාත්‍රී එකිනෙක ගැටීමෙන් එකම පවුලේ මවක් සහ දියණියක් මියගොස් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කුරුඳුගහ හැතැක්ම රථවාහන පොලිසිය කියයි.
Read Moreසීගිරිය/දඹුල්ල ව්‍යාපෘතිය සදහා මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සහ ත්‍රිකුණාමලය ව්‍යාපෘතිය සදහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය මේවන විට ලබා ගෙන ඇති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සදහන් කරයි.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි ඔහුගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.
Read Moreඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියානු සමාගමෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමේදී ලංකා සුපර් ඩීසල් වලට අදාල මිළ පදනමම ඔටෝ ඩීසල් සඳහා යොදාගැනීමෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන (4.6 )හෙවත් රුපියල් කෝටි 170 ( මිලියන1669)කට ආසන්න මුදලක් සංස්ථාව පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් ජනවාරි මස දෙවෙනිදා නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවෙන් හෙළිකර සිටි.
Read Moreදේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ 36 වැනි කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්.ඒ්. සේපාලිකා චන්ද්‍ර සේකර මහත්මිය පත්කර තිබේ. එම තනතුරට පත්වීමට පෙර ඇය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළය. පසුගිය 01 දා සිට බල පැවැත්වෙන පරිදි ඇය මෙසේ රාජකාරියට පත්කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රිඩක ඩිල්ෂන් මධුශංක හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුගේ නම් ඇතුළත්ව තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ ජාවාරම්කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සමඟ දුරකථන හරහා සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් 19 කු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreවසය අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බදු අංකයක් ලබාගැනීම අනිවාර්ය වුවද, ඊට අනුගත නොවන පුද්ගලයන්ට රු.50,000ක දඩ මුදලක් අය කිරිමට නීතිමය ප්‍රතිපාදන ඇතත්, එය මේ මොහොතේ ක්‍රියාත්මක නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 210 352ක් පැමිණ ඇති අතර එය 2022 වසරේ දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 129ක වර්ධනයකි. මාලදිවයිනට දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 194 690ක් පැමිණ ඇති අතර එය 2022 දෙසැම්බර් මාසය හා සැසදීමේදී සියයට 6ක වර්ධනයකි.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 01/03 දින දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ .
Read Moreසිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. එම සංචිතය තුළ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් දක්නට ඇති අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම යළිත් සංචිතයට එක්කර තිබේ.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට නම් පොලීසිය මීට වඩා ක්‍රමානුකූලව වැඩකළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි මෙන්ම ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සමග 2023.01.03 Zoom තාක්ෂණය ඔස්සේ පැවති රැස්විමේදි පැවසීය.
Read Moreඉදිරියේදී වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් සැලසුම් 163ක් සකස් කිරීමට අවශ්‍ය ඉලක්කයක් මේ වනවිට විෂයභාර ඇමතිවරයා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී තිබේ.
Read Moreරුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර සිව් වැනි ගුවන් සේවයත් එළඹි 2024 වසරේ ජනවාරි මස 01 දින සිට ගුවන් ගමන් ආරම්භ කර තිබේ . ’’ රොසිය ගුවන් සේවය ’’ මෙසේ නව ගුවන් ගමන් සේවා ආරම්භ කර ඇති අතර මෙම ගුවන් ගමන් සදහා බෝයිං - 777 වර්ගයේ ගුවන් යානා සේවයේ යොදවා තිබේ .
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් නිකුත් කර ඇති මාර්ගේපදේශ පිළිනොපදින හෝ එහි සේවාවන්ට බාධාකරන කිසියම් වූ සේවකයෙක් සිටි නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත උපදෙස් දී තිබේ.
Read Moreවිදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබන සතියේදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
Read Moreයුක්තිය මෙහෙයුම ඇතුළු මෙහෙයුම්වලදී අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පොලිස් වසම් මට්ටමින් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
Read Moreආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් විය
Read Moreඅ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඒ අනුව මෙම ජල ධාරිතාවය යෝදකණ්ඩිය ජලාශයේ සමස්ත ජල ධාරිතාවයට සමාන වන බවත් එසේම තිසාවැවේ ජල ධාරිතාවය මෙන් 05 ගුණයක ඉහළ යාමක් වන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති දේශගුණික සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය පෙන්වා දෙයි.
Read Moreවර්ෂාව අඩු විමත් සමග මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අද අලුයම වසා දමන ලදි.
Read Moreඔස්ට්‍රේලියාවෙන් ආනයනය කර යාපනයයේ ගොවීන්ට බෙදා දීමට ගෙන්වනලද බවට පැවසෙන බීජ අර්තාපල් අල ටොන් 20.75 ක ප්‍රමාණයක් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් නරක්වීම හේතුවෙන් ඒම බීජ අරතාපල් සියල්ල වලදමා විනාශ කිරීමට පියවර ගෙන ඇත.
Read Moreතමන් වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහනායක ධුරයට පත්ව ගෙවුණු විසි වසරක කාලය තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව විවිධ දේශපාලකයන් ලබා දුන් පොරොන්දු මතකයේ තිබෙන බවත් ඒ සියලු දේශපාලකයන් ජනාධිපති පුටුවට ගිය පසු එම පොරොන්දු අමතක කළ බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියෝ පැවසූහ .
Read Moreඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බවත්, ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවත් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreකොළඹ බදුල්ල 99 මාර්ගයට හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී අද (02) සවස 7.00 ට පමණ දැවැන්ත ගල් පර්වත සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය මුලුමනින්ම අවහිර වී ඇති බව හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
Read Moreපසුගිය වසරේදී අලිඇතුන් 476ක් මියගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම අලිඇතුන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ පසුගිය වසරේදී බවත්පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන්කරයි.
Read Moreඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ ශ්‍රි ලාංකික තරුණයින් සඳහා අක්කර 2.5ක ඉඩම් කොටසක් ලබාදීමට සඳහා තමන් ජනාධිපති සමග සාකච්ඡා කළ අතර, ඒ සඳහා ජනාධිපතිවරයා එකගතාවය හිමිවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ දින (2024.01.01) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.
Read More