අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) විසින් අද (18) දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය වැය ලේඛණයට පොහොට්ටුවේ උපසභාපතිවරයා හා එම කණ්ඩායමේ මන්ත්‍රිවරු හත් දෙනෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරු දහනම දෙනෙකු විරුද්ධව ජන්දය ප්‍රකාශකර වැඩිජන්ද 9කින් පාරාජයට පත්කළහ. ඒ අනුව කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ සභාපතිධූරය අද සිට අහෝසි විය.
Read Moreකිරිබත්ගොඩ නගරයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18දා) අලුයම 2 . 30 ට පමණ වෙඩි තැබීමක් සිදු වී ඇත.
Read Moreමරඳගහමුල විශේෂිත තොඟ වෙළඳ මධ්‍යස්ථානය හෙට (19) ජනතා අයිතියට පත් පත් කිරීමෙන් පසුව එය දිනපතා පෙරවරු 5.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තැබීමට නියමිතය. සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ල මෙතැනින් ලබා ගැනීමට තොඟ වෙළඳුන්ට අවස්ථාව හිමි වේ. ඔවුන්ට අවශ්‍ය වාහන ගාල් කිරීමේ පහසුකම් හා පොදු පහසුකම් සියල්ලන්ගෙන්ම මෙම මධ්‍යස්ථානය සමන්විතවේ.
Read Moreරට අතිශය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreආණ්ඩු මාරු වෙන විට ප්‍රතිපත්ති වෙනස් වන තත්ත්වයෙන් ඉවතට ගොස් ප්‍රතිපත්ති ගරුක දේශපාලනය වෙනුවෙන් තමන් ඉදිරියේදී කටයුතු කරන බව හිටපු වාරිමාර්ග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් පෙරේදා (16දා) සවස බැහැ දැකීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රණසිංහ මහතා ඒ බව කීවේය.
Read Moreමොරගහකන්ද ජල ව්‍යපෘය යටතේ ඉදිවන උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ, අනුරාධපුර පලුගස්වැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත්, මිගස්වැව උමගගේ සේවකයින් කිහිප දෙනෙකු අතර, ඊයේ (17දා) ඇතිවූ බහින් බස්වීමක් දුරදීග යාම හේතුවෙන් ඇතිවු අරවුලක් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි මොරගොඩ පොලිසිය පවසයි.
Read Moreතායිලන්තයෙන් ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට ත්‍යාග ලැබුණ තායි රාජා හස්තියාගේ රුධිර සාම්පල කිහිපයක් තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ලබාගෙන තිබෙන බව පෙරදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසයි .
Read Moreප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 84 වියේ පසුවිය.
Read Moreකිරුළපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් රැසකට ලිංගික අතවර කළ බව කියන 63 හැවිරිදි දේව ගැතිවරයෙකු අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලිසිය කියයි.
Read Moreවිපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකළ උදාගම්මාන 2,150 ක අඩක් ඉදිකිර ඇති නිවාස 39,815 ක වැඩ කඩිනමින් අවසන් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය තීරණය කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ නමින් නම්කොට තිබූ මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ එම නම ඉවත්කොට වෙනත් නමකින් එය විවෘත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කිරීම හෙලා දකින බව මහනුවර හිටපු නාගරික මන්ත්‍රී විපුල රණසිංහ මහතා පැවසීය.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි සැලසුම් අනුමත කරන විට ඊට අදාළ නිර්නායක අනුව ක්‍රියා කිරීම අනිවාර්යයි. ආපදාවලින් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම නව සැලැස්මක් ඔස්සේ ක්‍රියාවට නංවන්න ලබන වසරේ සිට විමධ්‍යගත අයවැය දිස්ත්‍රික්කවලට ලබා දෙනවා ජනපති බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී කියයි
Read Moreවැට් බදු සියයට 15 සිට 18 දක්වා වැඩි කළ ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැගිටිමට උත්සාහ කරන බවත් මොල 7ක් ඇති බව පවසා රට බංකොලොත් කළ කපුටන්ට මයිනන්ට නැවතත් කියන්න ඇත්තේ රටේ මිනිසුන් රට බංකොලොත් කළ අය එනතුරු බලා සිටින බවත් යැයි විපක්ෂ නායකවරයා පැවසීය.
Read Moreඅනුරාධපුර නාච්චාදූව වැවේ වාන් දොරටු හයම විවෘත කර ඇති බව නාච්චාදූව වාරිමර්ග ඉංජිනේරුවරිය පවසයි .
Read Moreනැගෙනහිර ජීවත්වෙන සිංහල දෙමළ සමගිය විනාශ නොකරන ලෙසට තමන් ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රිවරයා ඇතුලු ද්‍රවිඩ ජාතික සන්ධානයේන් ඉල්ලා සිටින බව මඩකලපුව මංගලාරාධිපති අම්පටියේ සුමනරතන හිමියන් පැවසූහ.
Read Moreමෙරට රජයේ රෝහල් වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව විධිමත්ව, ඉදිරියට පවත්වා ගෙන යාම සදහා මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේදයන් පිලිබදව කරුණු සොයා බැලීම සදහා විශේෂ සාකච්ජාවක් පසුගිය දින සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
Read Moreකාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය ඊයේ (16) දින රාත්‍රියේ සිට වාන් දැමිමට පටන්ගෙන ඇති බවත්, ඒ අනුව කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreඅතිශයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි.
Read Moreලංකාවේ තුන්වැනි ඇඹුල් කෙසෙල් අපනයන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට අවසන් කර තිබේ. හම්බන්තොට කච්චිගල්ආර ප්‍රදේශයේ ඉදි කර ඇති මෙම ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථානයේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම අත්හදා බැලීම ඊයේ (15) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreමොරටුව විශ්වවිද්‍යාලයේ නව කුලපති වශයෙන් මහාචාර්ය මොන්ටි කාසිම් මහතා පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreමෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Read Moreමෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
Read Moreසංවිධානාත්මක අපරාධකරුවන් මැඩලීමේ තවත් පියවරක් ලෙස ලබන වසරේ මුල සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්වයංක්‍රීයව පුද්ගලයන්ගේ මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියක් (AFRS) ස්තාපිත කිරීමට පියවර ගෙන ඇතැයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද අම්බලන්ගොඩ දී පැවසිය.
Read Moreජාතික පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ට වෙනත් ජාතික පාසල්වලටද පළාත් පාසල්වල සේවයේ නියුතු විදුහල්පති සේවයේ නිලධාරීන්ට ජාතික පාසල්වලටද 2024 වර්ෂය වෙනුවෙන් වාර්ෂි ක ස්ථාන මාරු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreනැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවහය හා සම්බන්ධ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිනෙ බොහෝ පළාත්වන අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ තෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය සියයට 1.6කින් ධන වී ඇති බව ජන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා පොල් පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව සතුටට පත්වන බව පැවසූ කියුබානු තානාපතිවරයා කියුබාවේ සාර්ථකව පොල්වගාව සිදුකිරීමට ශ්‍රී ලංකාවෙන් පොල් පැළ බලාපොරොත්තු වන බව සඳහන් කළේය. නුදුරේදීම කියුබාවට පොල් බීජ 200ක් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරයාට සහතික වූ අතර මෙරට පොල් පර්යේෂණ ආයතනයෙන් කියුබාවේ පොල් කර්මාන්තය දියුණු කිරීම සඳහා වූ විශේෂඥ දැනුම ද ලබා දීමට ද එකඟ විය.
Read Moreමෙගාවොට් 700ක සූර්ය බලශක්ති බලාගාරයක්, 100%ක බැටරි බලශක්ති පද්ධතියක් සහ රැහැන් මාර්ග ඇතුළත් කිලිනොච්චි පුනකරි වැව ආශ්‍රිතව සිදු කිරීමට නියමිත සූර්ය බලශක්ති නිෂ්පාදන බලාගාරයක් ඉදි කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් එම ව්‍යාපෘතිය සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදවලින් බැහැරව ඔස්ටේ්‍රලියානු සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹිමට රජය කටයුතු කර ඇති බවත් එය තවත් අන්ත දුෂිත ගණුදෙනුවකට මුල පිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (15) විශේෂ ප්‍රකාශයක් සිදු කරමි
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාධිපත්‍ය නායකයා ලෙස තවදුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය විය.
Read More