saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2833 hours ago

LATEST

පොහොට්ටුවේ පරමාධිපත්‍ය නායකයා මහින්ද රාජපක්ෂ

calendar_today 2023 දෙසැ 15 - 17:35 remove_red_eye - 1083  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාධිපත්‍ය නායකයා ලෙස තවදුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක අද (15) නියලිණි

Read More

මේ වනවිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ උල්හිටිය ජලාශයේ ජලධාරිතාව ඉහළ යන බැවින් එහි වාන් දොරටු හතම අද 15 සවස මීටර් බින්දුවයි දශම තුනක් යළිත් වතාවක් විවෘත කළ බැවින් රත්කිද කෝසුව හරහා නොයා වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස වාරිමාර්ග ඉංජිනේරුවෝ රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

මේ වසරේ දෙවන වතාවට දඹුල්ල කන්ඩලම ජලාශය වාන් දැමීම 14දා රාත්‍රී සිට ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

Read More

මාතර පල්ලිමුල්ල සම්බෝධි මාවතේ පදිංචි මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයකුගේ නිවසට ඊෙ (14) රාත්‍රී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

තරංගාකාර වායුගෝලීය කැළඹීම හේතුවෙන් නැගෙනහිර, ඌව හා දකුණු පළාත් හා රත්නපුර, කළුතර, නුවරඑළිය, මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක වැඩ කටයුතු ලබන වසරේ මුල් කාර්තුව තුළ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවෙකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

රාගම වල්පොළ ප්‍රදේශයේ නිවෙසක සිදු වූ වෙඩි තැබීමකින් 17 හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බව රාගම පොලිසිය කියයි.

Read More

කොළඹ මහ නගර සභා සීමාව තුළ තිබෙන කඩා වැටීමට ආසන්න හා අනාරක්ෂිත ලෙස පවතින ගස් පිළිබඳව සමීක්ෂණයක් සිදුකර නොමැති බව කොළඹ මහනගර සභාව සඳහන් කරයි.

Read More

බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.

Read More

බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.

Read More

කළුතර දකුණ දුම්රිය ස්ථානය අසල හැඩල් ලොක්කර නවතා තබන යතුරුපැදි සූක්ෂම ලෙස කලක පටන් සොරකම් කල පුද්ගලයකු යතුරුපැදි හතරක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි .

Read More

කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී පෙරේදා (12) දහවල් කායවර්ධන උපදේශක වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වි එය අසාර්ථක වීමෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් දෙදෙනා තවත් අපරාධයකට යමින් සිටියදී මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි

Read More

තිරප්පනේ උලගල්ල වැවේ සිටි අග්බෝ ඇතා ඩ්‍රෝන කැමරාවක් යොදා අවසරයකින් තොරව රූපගත කරමින් සිටි තරුණයකු පෙරේදා (13දා) අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය සඳහන් කරයි.

Read More

තර්ජනයකට ලක්වී සිටින බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (14) නියෝග කලේය.

Read More

පසුගියදා ප්‍රතිපල නිකුත්වූ 2022 සාමාන්‍ය පෙල විභාගයෙන් විෂයකට ලැබිය හැකි ඉහලම සාමාර්ථය වන ඒ සාමාර්ථ 25 ක් සහ බී සාමාර්ථ දෙකක් හිමි කර ගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලද තවත් නිවුන් සොයුරන් තිදෙනෙකු හබරාදූව කටුකුරුන්ද ධාර්මික මහා විදුහලේ සිටිති.

Read More

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.

Read More

භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශනයේ ජා- ඇල මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මහපොළ අධ්‍යපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය .

Read More

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අද දින (14) පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා සංකේත එක්දින වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණත් එය තාවකාලිකව අත්හිටුවා රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීරණය කල බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කරයි.

Read More

දිනපතා සිදුවන මරණ 40ත් 50ත් අතර ප්‍රමාණයකට හේතු වී ඇත්තේ මද්‍යසාර බවට පැහැදිවම තහවුරු වී තිබියදී, මෙවර අයවැයෙන් මද්‍යසාර පරිභෝජනය ඉහළ දැමීමට අදාළ යෝජන ඉදිරිපත් කර තිබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරුතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවකගෙන් මුදල් ලබාගත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් ඊයේ දින (2023.12.13) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පවතින වර්ෂාවත් සමඟ කොස්ලන්ද කැලිපනාවෙල අස්වැද්දුම කොටබක්ම ප්‍රදේශයේ නාය යාමෙන් පවුල් 116ක සාමාජිකයන් 311ක් විපතට පත්ව නිවාස 13 ක් විනාශ වී ගොස් ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (14) පැවසීය .

Read More

ඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් සොරා ගත් චීන ජාතිකයා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් තොටුපොළ සංචාරක පොලිසිය 12/13 දින රාත්‍රී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබේ .

Read More

සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදුකරන ආගමික වැරදි විමර්ශනය සඳහා ඒකකයක් පිහිටුවීමට වැඩබලල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර තිබේ.

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට රජයේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධ බවට තොරතුරු පෙනෙන්නට ඇතැයි කී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔවුන් කුමන ආයතනයක කුමන තරාතිරමකට අයත් වුවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට ඊයේ (13) නියම කළාය.

Read More

අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය.

Read More

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගනය අසලදී ඊයේ (12) දහවල් කායවර්ධන උපදේශ‍ෙවරයෙකුට වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් ඔහුගේ දිවි අනූනමෙන් බේරී ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.