saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2814 hours ago

LATEST

ඊශ්‍රායල් රැකියා සඳහා කිසිවෙකුට මුදල් දෙන්න එපා

calendar_today 2023 දෙසැ 19 - 20:44 remove_red_eye - 791  

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ ලේකම්වරුන් ලෙස අගවමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් ඊශ්‍රායලයේ රැකියා ලබාදීම සඳහා වංචනික අයුරින් මුදල් ලබාගන්නා බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

එළඹෙන වර්ෂයේ අධ්‍යාපන පද්ධතිය තුළ පාසල් මට්ටමින් විශාල කාර්යභාරයක් සිදුකිරීමට ඇති බවත්, පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලක ම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බවත් ඒ හරහා පාසල් මට්ටමින් දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහසම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

දිරියේදී ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් විසි දහසක් බදවාගැනීම සදහා ඊශ්‍රායලය එකගතාවය පළ කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටී.

Read More

මැලේසියාවේ පැවති 34 වන යොවුන් බොක්සිං ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් 05 දෙනෙකුම පදක්කම් ජයග්‍රහණය කරමින්, රන් පදක්කමක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන 12/19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කරනුයේ දේශපාලනයට වඩා රට ගැන හිතලයි...  රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙන මේ මොහොතේදී ජනාධිපතිවරයාගේ කකුලෙන් ඇඳීමට ඇතමුන් ගන්නා උත්සාහයට ඉඩදෙන්න බැහැ...

Read More

පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව කවුඩුල්ල ජලාශය වාන් දොරටු හතර අගල් නවය බැගින් අද (19) උදෑසන විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක මෙවර IPL වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබේ.

Read More

විවෘත වෙළඳපොලේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැතිවීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟයක් පවතී. ඒ සඳහා තවකාලික පියවරක් ලෙස සතත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 15000ක් ආනනය කිරීම සඳහා සීමා සහිත ශ්‍රි ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත අවශ්‍ය බලපත්‍ර ලබා දී ඇත.

Read More

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංසකරණය යටතේ රක්ෂණ කර්මාන්තය විධිමත්කිරීමේ පනතේ විධි විධවලට අනුකූලව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

Read More

නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින් එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

Read More

බුවනෙකබාහු රජු සමයේ රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරැදිකරුවන් බවට පත්ව සිර දඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.

Read More

සූරියවැව ප්‍රදේශයේ පොහොර වෙළඳ සළකින් මුදල් හා රන්බඩු කොල්ලකෑ තිදෙනෙක් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා දියත් කර ඇති යුක්තිය මෙහෙයුමට හා ඒ මහතා අපරාධකරුවන් ගැන කී සැර කතාවට බියවී රත්ගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී සැකපිට අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය කියයි.

Read More

අම්පාර දිස්ත්‍රිකක්යේ පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ ඌරණි කුරන්ගුමඩු කලපුව අසල වෙල් යායකදි අනවසර විදුලි රුහැනක පැටලි ඇතෙක් මියගොස් තිබේ.

Read More

රජයට අයවිය යුතු තීරු බදු ඇතුළු අනෙකුත් බදු නොගෙවා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ ආයතන මග හරිමින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ රුපියල් කෝටි තුනක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග එම භාණ්ඩ තොගය මෙරටට රැගෙන විත් තිබූ පුද්ගලයන් සිව් දෙනෙකු අද 19 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ජනතාව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් ඒක්ව දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.

Read More

මෙවර ශ්‍රී පාද වන්දනා සමය මේ මස 26වන දිනට යෙදි ඇති උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන අතර එම ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම සඳහා සදාතුක කරඩුව, සුමන සමන් දේව ප්‍රථිමාව හා දේව ආරම්භ වැඩම කරවිම මේ මස 25වන දින සිදුකරනු ඇත.

Read More

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ 12/12 සිට 12/18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන 12/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

Read More

රජයේ සහ රජය අනුමත පුද්ගලික පාසල්වල ලබන වසර සඳහා පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත්ව ලෙස පන්ති ආරම්භ කිරීම 2024 පෙබරවාරි 22 දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට අනිද්දා (20) සිට ලංකා සතොස සියලුම අළෙවිසැල් හරහා මිලදී ගතහැකි බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

මිහින්තලා පූජා භූමිය තුල සිදු කරන සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දීම අඛණ්ඩව සිදු කල යුතු බවත් දැවැන්ත භූමි භාගයක් පුරා විසිරී ඇති ආරාම සංකීර්ණ ශිලා ලේඛන ඇතුළු පුරා විද්‍යාත්මක නටබුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනා මාන කිරීමට පැමිණෙන උවැසි උවැසියන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිවිල්ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ මැදිහත්වීම නිරන්තරයෙන් ලබා දිය යුතු බව

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද, විස්සයි20 නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරරංග ද පත්කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි. ප්‍රකාශයක් ලබාදීම සඳහා චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය.

Read More

දෙමාපියන්ට අධික ආර්ථික බරක් පටවමින් පවත්වනු ලබන පෙර පාසල් වාර්ෂික ප්‍රසංග ඉදිරියේදී , උතුරු මැද පළාත තුල නතර කිරීම සඳහා උතුරු මැද පළාත් මුල් ළමා විය අධ්‍යාපන සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක පියවර ගෙන ඇති බවත් ඊට අදාළ චක්‍ර ලේඛය පළාතේ සියලු පෙර පාසල් සඳහා යවා ඇතැයිද වාර්තා වේ.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රාහාර දෙකක් එල්ල කර මාස තුනක කාලයක් ගත වුවද ඊට සම්බන්ධ කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත් අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායම් වලට නොහැකි වී තිබේ.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ විදේශීය සිසුන් 150කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන බවත්, බෞද්ධ දර්ශනය හැදෑරීම සඳහා චීනයෙන් තවත් සිසුන් පිරිසක් එක්වීමට නියමිත බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසයි . පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේදී පෙරේදා (16දා) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව අවධාරණය කළ උපකුලපතිවරයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන විදේශීය සිසුන්ට අවශ්‍ය පහසුකම

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සදහා ’’ හරිත බුමුතුරුණු ’’ (Green Carpet )12/18 දින සිට හදුන්වා දීමට පියවර ගෙන තිබේ.

Read More

මහපොළෙන් අධ්‍යාපනයේ යෝධ පෙරළියක් ඇති වූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඉන්දියාවේ zee thamil රූපවාහිනී නාලිකාවේ Sa Re Ga Ma Pa Little Champ දමිළ ගායනා රියලිටි තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ කිල්මිෂා (Kilmisha Yaazhisai) දියණියට හිමිවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.