රසායනික ද්‍රව්‍යයක් විසවි සේවිකවන් 30ක් රෝහලට
පානදුර, පින්වත්තප්රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් සේවිකාවන් 30 දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මුලික රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂී වීරසිංහ මහත්මිය පැවසීය.
රෝහල් ගතව සිටින අයවලුන් හිසේ කැක්කුම, කැරකැවිල්ල, හුස්ම ගැනීමේ අපහසුතා වලින් පසුවූ බව වාර්තාවේ .
සුවද විලවුන්, මුහුනු ආලේපන ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේදී රසායනික ද්‍රව්‍යයක සාන්ද්‍රණයක් වෙනස් වීමෙන් විසවීම සිදුව ඇති බවට මුලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අසනීප වූ පිරිසක් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බවත් , ඉන් සිව්දෙනෙකු තරමක් අසාධ්‍ය තත්වයේ පසුවන නමුත් , ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු සාමාන්‍ය තත්වයට පත්වෙමින් සිටින බවත් රෝහල් අධ්‍යක්ෂක වරිය පැවසීය .
සිද්ධිය සැලවීමත් සමග පින්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්ම නන්දන මහතා ඇතුළු නිලධාරීන් කර්මාන්ත ශාලාවට ගොස් එහි සිටී සේවිකාවන් 340 ක් පමණ නිවෙස්වලට පිටත්කර යවා කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
පින්වත්ත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා ගේ ප්‍රධානත්වයෙන් පින්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
පානදුර සුමිත් පොතුපිටිය , පානදුර සමන් කාරියවසම් සහ වාද්දුව දයා හේමන්ත සිල්වා

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
