ගොයම කහවෙලා නම් මේ දේ කරන්න
වී වගාව සඳහා ගොවීන් යුරියා පොහොර යොදා ඇතත් බණ්ඩි පොහොර යෙදීමට පියවර නොගැනීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල වී වගාවේ ගොයම් ගස් කහ පැහැති වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගොයම් කහ පැහැති වීම රෝග තත්ත්වයක් නොව ගොයම් ගසට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම හේතුවෙන් සිදුවන ඌණ පෝෂණ තත්ත්වයක් වන බවයි.
ඒ අනුව රජය විසින් ලබා දෙන පොහොර සහනාධාර මුදල් යොදා ගනිමින් වී වගාව සඳහා බණ්ඩි පොහොර යෙදීමට ප්‍රමුඛත්වය ලබා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
වී වගා කරන හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 15,000ක් බැගින් රජය විසින් සහනාධාර ලබා දෙන අතර මේ වනවිට රුපියල් මිලියන 4500කට ආසන්න මුදලක් ගොවි ගිණුම්වලට බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වාර්තා සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
