මධ්‍යම පළාතේ පාසල් වල ළමුන්ගෙන් හතර සහ පහ වසර පන්ති වල සිසුසිසුවියන්ගේ අධ්‍යාපන සාක්ෂරතා මට්ටම සාධනීය තත්වයක ඇත්තේ සියයට තුනක දරුවන් පිරිසකගේ පමණක් බවට පරීක්ෂණයකදී හෙළිව තිබේ .
දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩ පිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල රජයට කරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන ඇති තීරණයෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (26) ගොනු කළහ.
Read Moreසියලුම ක්ෂේත්‍රවල රැකියා කරන ශ්‍රමිකයින් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.
Read Moreශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් ( දශ ලක්ෂය ) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා 09/26 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට අවසර ලබාදීම පිළිබඳ කර්මාන්ත අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.
Read Moreශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreආණ්ඩුවේ ගනුදෙනු හෙලි කරන වෙබ් අඩවියක් ආරම්භ කරණ බවට ආන්ඩුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ලබා දී ඇති පොරොන්දුව ආණ්ඩුව කෙදිනෙක වත් ඉටු නොකරන පොරොන්දුවක් බවට පත්වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.09.26) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.
Read Moreකොළඹ විශ්ව විද්‍යාලය පසුගිය කාලසීමාව තුළ ලබාගත් සාර්ථකබව පිළිබඳ කෝප් කමිටුවේ ප්‍රසාදය පාලක සභා සංයුතිය පිළිබඳ අවධානය කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු සම්බන්ධයෙන් අවධානය පද්ධති සංවර්ධන තනතුර සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය ලබා නොගැනීම පිළිබඳ අවධානය උපාධි අධ්‍යයන පීඨයේ නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී උපදේශන කටයුතු සඳහා පීඨයේ නියෝජ්‍ය ලේඛකාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳ අවධානය විශ්ව විද්‍යාලය පරිශ්‍රයේ පවතින බාහිර ආයතන 3කින් අය කළ යුතු කුලිය තක්සේ
Read Moreහොරණ වවුලුගල මාර්ගයේ පාගමනින් යමින් සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරීනිගේ ගෙල බැඳි රන් මාලය ඇතුළු රුපියල් ලක්ෂ දෙකක පමණ දේපල යතුරු පැදියකින් පැමිණ තිබු නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර කොල්ලකා පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.
Read Moreශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2022 වසරේ අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් ස්ථාපති කිරිමේ වැදගත්කම අවධාරණය කර ඇත.
Read Moreආර්ථික ස්ථායිකරණ හා ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ උප වැඩසටහන 02ක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 බැගින් වූ ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය පහසුකම් දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය හා ආසියානු සංවර්ධන බැංකුව අතර සාකච්ඡා පවත්වා තිබේ.
Read Moreඑඩිතර සහ දේශප්‍රේමී රජවරයෙකු වූ සීතාවක රාජසිංහ රජතුමාගේ ජීවන චරිතය පිළිබඳ යළි විග්‍රහයක් සිදු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රත්තුව චීනයේ පෙට්‍රෝ චයිනා සමාගම විසින් හිමිකරගෙන තිබේ.
Read Moreබුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී රච්ටර් පරිමාණයේ ඒකක 2.4ක පමණ සුළු භූ චලනයක් වාර්තා වී ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
Read Moreසෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය මෙරට ගෘහ සේවිකාවකට ආහාර වෙනුවට යකඩ කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියලීමට උපයෝගී කරන යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ද ගිල්ලවා කුසේ ඇණ සමග ලංකාවට පැමිණි පුවතක් මාතලේ ඇල්කඩුව ප්‍රදේශ වා ර් තා වෙයි.
Read Moreඒ අනුව බංගලිදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඇමෙරිකානු ඩොලර් 58,307 ක් වටිනා අදාළ ඖෂධ තොගය ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ පවතින ඖෂධ හිඟයට විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පෞද්ගලිකවම මැදිහත්වී එරට අගමැතිනියගෙන් කළ මෙම ඉල්ලීමට ඉතා කඩිනමින් සාධනීය ප්‍රතිචාර දක්වමින් එම ඖෂධ තොගය මෙරටට ලැබීමට අවශ්‍ය පියවර ගැනිණි.
Read More2023.06.30 දිනට හිඟ බදු ආදායම රුපියල් බිලියන 943 ක් බවත්, ඉන් බිලියන 767 ක් රදවා තබාගත් බදු ගෙවීමේ හැකියාව අවිනිශ්චිත තත්ත්වයේ (Held over) පවතින බවත්, එකතු කර ගත හැකි තත්වයේ (Collectable) හිඟ බදු ආදායම රුපියල් බිලියන 175 කට ආසන්න බවත් මෙහිදී අනාවරණය විය. ඒ අනුව දැනට එකතු කරගත හැකි මට්ටමේ හිඟ බදු ආදායම 20% ක් පමණක් බව මෙහිදී හෙළිදරව් විය. එමෙන්ම ඉදිරි 2023 වසර සදහා බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 1.67 ක් වන බව මෙහිදී අනාවරණය විය.
Read Moreකොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් භාවිතා කොට තිබුණේ 13% ක ප්‍රමාණයක් පමණක් බවත්ඉතිරි එන්නත් කල් ඉකුත් වීම හේතුවෙන් විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාමහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය .
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (25) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.
Read Moreමීගොඩ 20 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළද සලකට අද (25) දින සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සේප්පුවේ තිබූ රැපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
Read More2015 වසරේ ජනවාරි 05 වැනි දින කහවත්ත ප්‍රදේශයේ සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාලව එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය විසින් වසර 05ක සිර දඬුවම් නියම කර තිබේ.
Read Moreඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
Read Moreලබන 27 වැනි දින සිට සිට ඔක්තෝම්බර් 02 වැනි දින දක්වා දින සබරගමුව සහ බස්නාහිර පලාත්වල සියලු වාහන ආධායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබේ.
Read More34 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් ජාතික තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කල මැදවච්චිය උදාර ශ්‍රීනාත් පුශ්පදෙනිය සහ හර්ශ සදුන් බණ්ඩාර යන ක්‍රීඩකයන් දෙදෙනාට හැකි විය.
Read Moreවයස අවුරුදු 11 ක බාල වයස්කාර පිරිමි දරුවෙකු හට ලිංගික අතවරයක් සිදු කල චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (24දා) විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
Read Moreතරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද 25 නියෝග කළේය.
Read Moreබස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් ඇය හිද සිටි අසුන මත මියගොස් සිටි අයුරු දුටු රියදුරු සහ කොන්දොස්තර මල සිරුර රැගෙන පොලිසියට පැමිණීමේ සිද්ධියක් මහරගම පොලිසියෙන් වාර්තා වේ.
Read Moreඇඹිලිපිටිය, චන්ද්‍රික වැවේ නාමින් සිටි ළමයෙක් දියේ ගිලි ඇති අතර වහාම ක්‍රියා්මක වූ පොලිස් ජීවිතාරක්ෂක ඒ්කකයේ නිලධාරීන් ළමයා ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂය පතව තිබේ.
Read More