අයි පි අල්ලස් දැලේ
පුද්ගලයකුගෙන් රුපියල් 25000/= අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මහා භාගේ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු විසින් ලබා දී ඇති අගුරු චෙක්පත් දෙකකට අදාලව මහා බාගේ පොලිසි ස්ථානයට කර ඇති පැමිණිල්ල විභාග කර. එම අගරු චෙක්පත්වලට අදාල ඉතිරි මුදල මාසික වාරික ගෙවීමට ඉඩ සලසා දීමට හා පැමිණිලිකරු අධිකරණය ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 25000/= අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සැකකාර පොලිස් පරීක්ෂකවරයා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයට ගමන් කරන මාර්ගයේ දි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්
අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
