saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2604 hours ago

LATEST

රනිල් වික්‍රමසිංහ එදා කාශ්‍යප රජු වගේ යැයි මනූෂ කියයි

calendar_today 2024 පෙබ 04 - 17:18 remove_red_eye - 443  

කාශ්‍යප වගේම තාක්ෂණය දියුණු කරන්න පුළුවන් මානවම්ම වගේ සෙල් ලිපි වල ලියපුවා පුස්කොල පොත් වල ලියන්න වෙනසක් කළා වගේ ලෝකය ඩිජිටල් කරනය කරන්න පුළුවන් නායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. එහිදී ඔබට තිබෙනවා ආණ්ඩුව උදව් කළාද අරයා උදව් කලාද කියලා හිතන්නේ නැතිව ඔබෙන් පටන්

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හතරවෙනිදා අලුයම පැනගිය රැඳවියන් දහඅට දෙනෙකුගෙන් කීප දෙනෙකු සෝමාවතීය පුදබිමේ නවතා තිබු බස්‍ රථයක් පැහැර ගෙන යාමට උත්සහ දැරිමේදි,එහි ආරක්ෂක අංශයේ නිලධාරියකු එය වැළැක්වීමට ලියාපදිංචි ගිනි අවියකින් අහසට වෙඩි තැබීමෙන් පසු ඔහුට අයත්, රුපියල් පනස්දාහක මුදලක් හා ජංගම දුරකතන දෙකක් පැහැර ගෙන පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

එමෙන්ම සියලු පාසල්වල 2024 පාසල් වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර පෙබරවාරි 19 දින සිට ආරම්භවන අතර එය සිංහල හා දෙමළ පාසල්වල අප්‍රේල් 10 දක්වාත් මුස්ලිම් පාසල්වල මාර්තු 7 දක්වාත් පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

පසුගිය සතියේ ඉහල ගිය කැරට් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 700 කින් පමණ පහත වැටී ඇති බවත් අනෙකුත් එළවළු වර්ග වල මිල ද රුපියල් සියයත් එකසිය පහනත් අතර මිලකින් පහත වැටී ඇතැයි කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් කියා සිටී.

Read More

මම පක්ෂය කඩන්නෙත් නෑ... රාජපක්ෂලා⁣ට විරැද්ධ වෙන්නෙත් නෑ.. රනිල්ගේ ගොට්ටෙක් වෙන්නෙත් නෑ.. මම හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි... මේ මොහොතේ රනිල් හැර රටට වෙන විකල්පයකුත් නෑ...

Read More

රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

Read More

තම නිවසේ දූරියන් ගහට පැමිණෙන රිලවුන් පලවා හැරීම සඳහා අනාරක්ෂිත ලෙස ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් වයස අවුරුදු (47) ක තිදරුපියකු මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

Read More

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය නැවත ක්‍රීඩාවලට ආරම්භ කිරීම හා පුද්ගලයන් මිලියන දෙකක් සඳහා ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම ජාතික වැඩපිළිවෙළ 05 දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඇරඹෙන බව ක්‍රීඩා යෞවන කටයුතු හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්ත වංචා නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර මේ ක්‍රමවේදය තුළ යුක්තිය සාධාරණත්වය ඉටු වේ කියා අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් උත්සවය අදට (04දා) යෙදි තිබේ. මෙවර ජාතික උත්සවය කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් එක්ව සිටියි.

Read More

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවෙ නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර එයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන නියෝජිතයන් අධිකරණයට කරුණු දක්වා තිබේ.

Read More

රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ඉන්දියාව් සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ 2058.3 ක් යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව පෙබරවාරි 02 දින අළුයම 0500 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය කළේය.

Read More

වෙළෙඳ, සංචාරක, ධීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අවධානය. කොළඹ වරාය නගරයේ සුඛෝපභෝගී හෝටල් සඳහා මෙන්ම රාජ්‍ය ව්‍යවසායන් තුළ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ ජනපති පහදයි. මියන්මාරයේ මිනිස් ජාවාරම හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමට ජනපති තායිලන්තයේ සහාය ඉල්ලයි.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 පෙබරවාරි 03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

මේ වසරේ ජනවාරි මාසයේදී සංචාරකයන් 208 253ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ ඇතුළත් කළ දත්ත සටහක දැක්වෙයි. එය පසුගිය වසරේ ජනවාරි (102545) හා සැසදීමේදී සියයට 103ක වර්ධනයකි.

Read More

ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග දෙකකට, එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන මාසයේදි බංග්ලදේශයේ සංචාරය කිරීමට නියමිතය.

Read More

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය ලකුණු 119ක් පරාජය වීමෙන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට ගිය අතර දකුණු අප්‍රිකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබ ගත්තේය.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

Read More

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.

Read More

එම සිසුවා පාසලේ කනිෂ්ඨ රග්බි ක්‍රීඩකයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති අතර ඔහු තම දෙමව්පියන්ගෙන් ජංගම දුරකථනයක් ඉල්ලා සිටියත් දෙමව්පියන් එය ලබාදීම ප්‍රතික්ෂේප කොට ඇති බවට පොලිස් පරීක්ෂණවරිදි අනාවරණය වී තිබේ .

Read More

2023 අ.පො.ස. (උ.පෙළ) උත්තර පත්‍ර ඇගයීම් සඳහා පසුගිය වර්ෂයේ දී ලබාදුන් දීමනාව වන රු.2,000/- ක සංයුක්ත දීමනාව මෙවර ද ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

Read More

කොවිඩ් වසංගත සමයේ , එනම් 2020 මාර්තු මාසයේ සිට තාවකාලිකව සිය ගුවන් ගමන් මෙහෙයුම් අත්හිහිටුවා තිබූ කැතේ ෆැසිපික් ගුවන් සේවාව , යළිත් තම ගුවන් ගමන් මෙහෙයුම් 02/01 දින සිට සක්‍රීය කරමින් මංගල ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දින (02) නිකුත් කෙරේ.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස වෙනස් නොකිරමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව ලිට්‍රො ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට අදාළව පසුගිය මස පැවැති අගයන් මේ මාසයේදීත් ක්‍රියාත්මක වෙනු ඇත.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුව ඔහු මෙසේ එම ප්‍රකාශය ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

Read More

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයාගේ බිරිඳ සහ පියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

උතුරු මැද පළාත තුළ සිදුවන ගව සොරකම් වැළැක්වීම සදහා ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් සහ සිවිල් ආරක්ෂක බලකා නිළධාරීන්ගේ සහාය ලබාගනිමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ⁣මහතා විසින් සැලසුම් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.