saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2591 hours ago

LATEST

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් අයෙක් අල්ලයි

calendar_today 2024 පෙබ 07 - 15:49 remove_red_eye - 223  

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි.

චිලියේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා මහතා හෙලිකොප්ටර් අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. දකුණු ඇමෙරිකානු රටක් වන චිලීහි ජනාධිපතිධුරය දෙවතාවක් දරූ සෙබස්තියන් පිනේරා මහතා එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වෙයි.

Read More

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙනු ලබන්නේ1996 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් පාසලක් නම් කළ නොහැකි බවයි . එහෙත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සමාජයට වැරදි ආදර්ශයක් දෙමින්කුණ්ඩසාලය ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක්කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලය නමින්නම් කොට ඇති බවත්ය .

Read More

මෙරට පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍යය වන අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දීම සදහා ගිවිසුම් ගත වීම අද දින (07) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු විය .

Read More

තලවාකැලේ පොලිස් වීශේෂ බලකායේ නිලධාරින්ට ලද තොරතුරක් මත එහි නිලධාරින් පිරිසක් විසින් කරන ලද සෝදිසියකදි හපුගස්තලාව කළුදැමඩ ප්‍රදේශයේ නිවසක් තුල තිබි (7.62x39mm) ටි.56 උන්ඩ 05ක් හා ස්පයිනර් උන්ඩයක් සමග එක් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇත.

Read More

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දි එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කල දරුවන්ගේ පියා (07) දින උදැසන අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය.

Read More

කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ හෝමාගම කැන්ද ලන්ද ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික වෙළඳ ආයතනයක් පිටුපස වගුරු බිමක මෙම නාදුනන පිරිමි මළ සිරුර තිබී හමුවි ඇති බව පැවසේ.

Read More

ගැම්බියාවට අවශ්‍ය සහල් සැපයීම සඳහා දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තැබීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය විය.

Read More

කාන්තාවක් විසින් මෙහෙයවන ලද කොල්ල කල්ලියකට සම්බන්ධ දෙදෙනෙකු ඇතුළු එය මෙහෙය වු කාන්තාව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

හිටපු නාවික හමුදාපති දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.

Read More

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු තම පක්ෂයේ කණ්ඩායම ඉන්දියාවේ සංචාරයකට ගියේ ඉන්දියානු රෝ ඔත්තු සේවය මගින් ඉන්දියානු රජයට ලබා දුන් තොරතුරක් මත බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 06 දීන පස්වරුවේ දඹුල්ලේදී හෙළි කළේය.

Read More

2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වූ බවද ඔහු පැවැසීය.

Read More

මාර්ග සංවර්ධන අධිකාරිය සතු වාහන ඵලදායී ලෙස භාවිත කිරීමකින් තොරව අධිවේගී මාර්ගයන්හි රාජකාරි අවශ්‍යතා සඳහා 2022 වර්ෂයේ අප්‍රේල් 15 වැනි දා සිට 2023 දෙසැම්බර් 31 කාලය තුළ රුපියල් මිලියන 281.35 මුදලක් වැය කර අධිකාරිය විසින් බාහිර ආයතනවලින් කුලී පදනම මත වාහන ලබා ගෙන ඇති බව 2024-02-02 දින ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

සමගි ජන බලවේග රජයක් තුළ ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය විශ්වවිද්‍යාල බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතව මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ඇත.

Read More

ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාව විසින් චක්‍රලේඛ නියෝගයන්ට පටහැනිව මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ඉකුත් වසර 08ක කාලයක් තුළදී දිරිදීමනා වශයෙන් සංස්ථාවේ සේවකයන් සඳහා රුපියල් හැට එක්කෝටි දසලක්ෂ හැත්තෑ එක් දහස් පන්සිය හැටනවයක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් පෙබරවාරි මස 03 වැනි දින නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා අද (06දා) මියගිය බව ත්‍රිකුණාමලය වරාය පොලීසිය කියයි.

Read More

රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය අතරත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි.

Read More

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ තව කාලයකට මෝටර් වාහන ආනයනය කිරිමට හැකියාවක් පවතිනු ඇතැයි තමන් නොසිතන බවයි.

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ තනතුරු රැසක පවතින පුරප්පාඩු බොහෝ ප්‍රමාණයක් පිරවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

අවිස්සාවේල්ල මාදොල ප්‍රදේශයේ යකඩ බඩු එකතු කරන ස්ථානයක අද (06) දහවල් සිදුවූ පිපිරීමකින් එහි සේවකයකු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට යොමුකර තිබුණි.

Read More

අනාගතයේ තවත් කෙහෙළිය වැනි අමාත්‍යවරුන් බිහි නොවීමට නම් ඖෂධ නියාමන අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලපෑමෙන් තොර ආයතනයක් බවට පත්කල යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජනපෙරමුණේම පක්ෂයේ කෙනෙක් ඉදිරිපත් කරනවා යැයි සාගරකාරියවසම් අද පොළොන්නරුවේදී පැවසිය

Read More

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව තිබේ.

Read More

බිරිඳගේ අසනීප තත්ත්වයකට විශාල මුදලක් වියදම් කිරීමට සිදුවීමත්, ඒ සඳහා ප්‍රමාණවත් ආර්ථික තත්ත්වයක් තමන්ට නොමැති වීමත් නිසා බිරිඳට ද වස පොවා සැමියාද වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ පුවතක් සූරියවැව පොලිස් වසමේ වෙනිවැල් ආර ප්‍රදේශයෙන් පෙරේදා (04 වැනිදා) සවස වාර්තා වූ බව පොලීසිය කියයි.

Read More

විවාහකයෙකු සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යාම හේතුවෙන් ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ 26 හැවැරිදි කැරොලිනා ෂිනෝ සිය කිරුණ අත්හැර තිබේ.

Read More

රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී ඇත.

Read More

මෙරට වතු කර්මාන්තය ආරම්භ කළ දා පටන්ම පහත රට වතු කම්කරුවන් වෙසෙන ’වත්ත’ ලෙස හැදුන්වූ ගම්මාන නිදහස් ගම්මාන නමින් නම් කිරීමට සිය සංගමය තීරණය කළ බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය කියයි.

Read More

දිවයින පුරා 6 වන ශ්‍රේණියෙන් ඉහලට පංති පැවැත්වෙන සියලුම පාසල් කේන්ද්‍රකර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහාවූ ’’පවුර සංසදය’’සමිති පිහිටුවීමේ වැඩ සටහනක් පොලිසිය මගින් ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.