saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2596 hours ago

LATEST

යතුරු පැදිය පාරේ සිටි ජීවිත දෙකක් බිලි ගනියි

calendar_today 2024 පෙබ 06 - 10:32 remove_red_eye - 599  

දඹුල්ල පොලිස් වසමේ කණ්ඩලම මාර්ගයේ සිට දඹුල්ල - මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු පාරේ විහාරහංදිය ප්‍ර දේශයේදි කණ්ඩලම මාර්ගයේ සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ සිට පිරිමි පුද්ගලයෙකුගේ හා දරුවෙක් වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබේ.

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් හට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති පුවතක් සූරියවැව පොලිස් වසමෙන් ඊයේ (05)සවස සිදු වූ බව සූරියවැව පොලීසිය පවසයි.

Read More

චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා තරගාවලිය සදහා ද සහභාගී වීමට අපේක්ෂා කරන විරේන් එළඹෙන අප්‍රියෙල් මස අවසාන වනවිට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල තවදුරටත් ඉහළ ස්ථානයකට පැමිණ ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගී වීමට සුදුසුකම් සපුරා ලීමට අපේක්ෂා කරමින් සිටින බව පැවසීය .

Read More

යුක්තිය මෙහෙයුම ආරම්භ කළ දෙසැම්බර් 17වන දිනසිට පෙරේදා (04දා) දක්වා කාලය තුළදී වැටලීම් 47,820ක්සිදුකර සැකකරුවන් 47,475ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හලාවත සිට පැය 1 1/2ක කාලයක් තුළ කොළඹ පැමිණීය යුතු බවට සනත් නිශාන්ත මහතා පනවා තිබු නියෝගයක් හේතූවෙන් නිරන්තරයෙන් අධික වේගයෙන් තම සේවාදායකයාට රිය පැදවීමට සිදුවී තිබු බව කියමින් සනත් නිශාන්ත මහතාගේ රියදුරා වෙනුවෙන් නීතීඥ තමරා අබේරත්න මහත්මිය කළ ඇප ඉල්ලීම පිළිගනිමින් රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ රියදුරු බලපත්‍රය යළි නියෝගයක් කරනතුරු අත්හිටුවීමටද නියම කළේය.

Read More

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් පවත්වාගෙන ගිය යුධහමුදා විශ්‍රාමික කර්නල් වරයෙකුගේ පුත්‍රයෙකු රුපියල් 5000 ක හොර මුදල් නෝට්ටු 30 ක් සහ එක් පැත්තක් මුද්‍රණය කල නෝට්ටු 10 ක් සමග අද (05) අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .

Read More

කටුගස්තොට සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක රියදුරට නින්ද යාම හේතුවෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන මහනුවර මහ නගර සභාවට අයත් මල් පෝච්චි තුනක්ද සුනු විසුණු කරවමින් විදුලි බල මණ්ඩලයට අයත් දැවැන්ත යකඩ විදුලි කණුවක් ද කඩාගෙන ගොස් ඇති බව කටුගස්තොට පොලීසිය කියයි .

Read More

සියලු ජනතාවට අභිමානයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගීමට කැප වෙනවා – ජනපති. ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනපති සියලු පාර්ශ්වයන්ට නැවත ඇරයුම් කරයි.

Read More

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ රෝගී තත්වයන් සඳහා ඔහු පාවිච්චි කරන විදේශිය ඖෂධ වර්ගම පාවිච්චි කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇතැයි වාර්තාවේ.

Read More

ඉන්දීය රජයේ නිල ආරාධනාවක් අනුව ඉන්දීය සංචාරයකට එක්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

Read More

මේ මොහොතේදී ජනාධිපති අපෙක්ෂකත්වයට වත්මන් ජනාධිපතිවරයාට වඩා සුදුස්සකු තම පක්ෂයේ සිටීනම් ඒ සඳහා ඔහුට අවස්ථාව ලබාදීම සුදුසුයි... සුදුස්සකු නැතිනම් ඒ අවස්ථාව අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටම ලබාදෙන්න... මේ මොහොතේදී පක්ෂයට වඩා රට ගැන සිතා අභියෝගවලට මුහුණදිය හැකි අනාගතවාදී නායකයකු පත්කරගත යුතුයි... රනිල් වික්‍රමසිංහ මහත්තයා රටට දේශපාලන සිස්ටම් එකක් හැදුවා.. රාජපක්ෂලා හොරා කෑව කියන ජනතා විමුක්ති පෙරමුණට 88/89 තමන් කරපුව අමතකයි... මලක

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වල පැවැති වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් විසින් නිෂ්පාදනය කරනු ලබන ආහාර වලින් පසුගිය වර්ෂයේදී (2023) පමණක් රුපියල් ලක්ෂ එකසිය හතළිස් හයක පමණ මුදලක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් උපයා ගෙන ඇති බව අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න මහතා පැවසීය.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම බවත්, එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත්, ඒ අනුව නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ පෙරේදා 4 වෙනි දින සවස 6 පමණ රැදවියන් හා යුද හමුදා සෙඔලුන් අතර සිදුවු ගැටුමකින් රැදවියන් 10 දෙනෙක් හා යුදහමුදා සෙබළෙකු තුවාල ලබා පොලොන්නරුව රොහලට අතුලත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි .

Read More

කළුතර සහ පානදුර ප්‍රදේශවල මහමග ගමන්ගත් කාන්තාවන්ගේ ගෙලබැදි රන්මාල යතුරුපැදි වලින් ගොස් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

Read More

පාන් කියා ගන්නවත් ඉන්න බැරි ජනතාවට පාන් කෑල්ලක්වත් කන්න තිබෙන අවස්ථාව පාන්වලට ගැසෙට්ටු ගසා නැති නොකරන්න යයි සිය සංවිධානය ඊට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අද(5) ඇල්පිටියේදී කීවේය.

Read More

එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් තීරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතල තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

Read More

ඇඹිලිපිටිය තෝරකොලයාය හරහා මිද්දෙණිය ප්‍රධාන මාර්යේ කුබුගොඩආර හුලංදාඔය පාලම ලොරියක් සමග අද පෙරවරුවේ කඩා ඇත.

Read More

බෙලිඅත්තේදී වෙඩි තබා පුද්ගලයන් 05 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධ තවත සැකකරුවෙක් මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිදහස් දින පානදුර මුහුදේ ගහගෙන ගිය තරුණ ජෝඩු තුනකගේ ජීවිත දිවි බේරාගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.

Read More

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අද (05දා) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

කෝටිපති ව්‍යාපාරිකයකුගේ නවගමුව නිවස ඉදිරිපිට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු දුරකථන අංකයක් සඳහන් කර මල්වඩමක් තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කීපයක් විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 04 වෙනිදා සවස හයට පමණක්ම රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් රඳවියන් දහදෙනෙකු සහ හමුදා සෙබලෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබන බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් අද (4) මෘත දේහයක් රැගෙන යන අයුරින් බොරැල්ල කනත්තට ඇතුළු වී විරෝධතාවයක් පැවැත්වූහ.

Read More

පාන් ගෙඩියක නියමිත බර නොමැතිනම් හා මිල ප්‍රදර්ශණය නොකරන වෙළද සල් ( 05) වන සදදා දින සිට වටලමින් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. නලීන් ප්‍රනාන්දු මහතා එලෙස පැවසුවේ ජාඇල දඩුගම ඒ මහතාගේ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

Read More

කාශ්‍යප වගේම තාක්ෂණය දියුණු කරන්න පුළුවන් මානවම්ම වගේ සෙල් ලිපි වල ලියපුවා පුස්කොල පොත් වල ලියන්න වෙනසක් කළා වගේ ලෝකය ඩිජිටල් කරනය කරන්න පුළුවන් නායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා. එහිදී ඔබට තිබෙනවා ආණ්ඩුව උදව් කළාද අරයා උදව් කලාද කියලා හිතන්නේ නැතිව ඔබෙන් පටන් ගන්න.

Read More

පොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හතරවෙනිදා අලුයම පැනගිය රැඳවියන් දහඅට දෙනෙකුගෙන් කීප දෙනෙකු සෝමාවතීය පුදබිමේ නවතා තිබු බස්‍ රථයක් පැහැර ගෙන යාමට උත්සහ දැරිමේදි,එහි ආරක්ෂක අංශයේ නිලධාරියකු එය වැළැක්වීමට ලියාපදිංචි ගිනි අවියකින් අහසට වෙඩි තැබීමෙන් පසු ඔහුට අයත්, රුපියල් පනස්දාහක මුදලක් හා ජංගම දුරකතන දෙකක් පැහැර ගෙන පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More

මාරාන්තිකව අසනීපව පවතින රට ගොඩනැගීම සඳහා සිටින හොඳම වෛද්‍යවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඒ අනුව ඔක්තෝබර් 14 වන දින නව ජනාධිපතිවරයෙකු මේ රටේ පත්වෙන බවත් ඔක්තෝම්බර් මාසයේ පළමු සතියේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව ඉඩම් යෞවන ක්‍රීඩා කටයුතු පිළිබඳව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

එමෙන්ම සියලු පාසල්වල 2024 පාසල් වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර පෙබරවාරි 19 දින සිට ආරම්භවන අතර එය සිංහල හා දෙමළ පාසල්වල අප්‍රේල් 10 දක්වාත් මුස්ලිම් පාසල්වල මාර්තු 7 දක්වාත් පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.