දුමින්ද සිල්වා ජාතික රෝහලින් බන්ධනාගාර රෝහලට
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහල වෙත රැගෙනවිත් තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය 10දා බන්ධනගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාර වාට්ටුවකට පසුගිය 10 වන දින රැගෙන යනු ලැබූ දුමින්ද සිල්වා එහිදී ඇතිවූ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා ජාතික රෝහලට ඇතුළත් කර යළි බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබේ..
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි මෙම සිරකරු මුලින්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිට ඇත.
සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් බන්ධනාගාර රෝහලෙහි නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්ගෙන් ලිඛිතව විමසා සිටි අතර ඒ සඳහා 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබු බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ වල අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල හෝ වෙනත් රෝහලක රෝහල් ගත කර සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවටත්, ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවක් ඇති වුවහොත් ඒ සඳහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවටත් සඳහන් වූ බවද බන්ධනාගර දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
අදාළ නිර්දේශ අනුව ආර්. දුමින්ද සිල්වා යන අය බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බවත් හදිසි සංකූලතාවකදී ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් වැලිකඩ අධිකාරිවරයාට උපදෙස් ලබා දීමක්ද සිදු කර ඇති බවත් පැවසේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

