රත්කිඳ ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කරයි
වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසාවෙන් එහි පිටවානේ ගේට්ටු සියල්ල අද (12) පෙරවරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
මේ නිසාවෙන් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ජලයෙන් යටවී ඇති හෙයින් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට මෙන්ම ජලාශය පහල කොටසේ පදිංචි ජනතාවට දැඩි විමසිල්ලෙන් අවධානයෙන් කල්පනාකාරීව ආරක්ෂිතව සිටින ලෙසටද අනතුරු හගවා සිටි .
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු තුනක් 1.0 මීටර් බැගින් සහ පිටවානේ ගේට්ටු හතරක් 0.5 මීටර් බැගින් දැනට විවෘත කර තිබෙන බවත් ජලාශ භාර නිළධාරිවරයා පැවසීය .
ඉදිරියේදි පතිත වන වර්ෂාව අනුව ජල මට්ටම තව දුරටත් ඉහළ ගියහොත් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු වලින් නිකුත් කරන ජල ධාරිතාව මාපාකඩ කාර්යභාර ඉංජිනේරුවරයාගේ උපදෙස් මත තව දුරටත් වැඩිකරන බවද උල්හිටිය රත්කිද ජලාශ භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

