ෆේස්බුක් ඉතිහාසයේ වඩාත් දරුණුතම බිඳ වැටීමට ඊයේ (13දා) දිනයේදී ලක්වූ බවත්, ගෝලීය වශයෙන් බොහෝ පරිශීලකයන් පිරිසකට එහි ප්රමුඛ සේවා රැසක් පරිහරණයට අවස්ථාව අහිමි වූ බවත් කියැවෙයි.
අවසන් වරට තරමක් දරුණු බිඳ වැටීමකට ෆේස්බුක් ලක්වූයේ 2008 වසරේදීය. එවකට වෙබ් අඩවිය සමග මිලියන 150ක පමණ පරිශීලකයන් පිරිසක් මාසිකව එක්රොක්ව සිටියත්, මේ වනවිට එම අගය බිලියන 2.3කි.
ෆේස්බුක් හි ප්රධාන මෙවලම් වන ෆේස්බුක් වෙබ් අඩවිය මෙන්ම, ඡායාරූප හුවමාරු කිරීමේ ඉන්ස්ටර්ග්රෑම් අඩවියද මෙම බිඳ වැටීමට ලක්විය.
කෙසේ වෙතත්, මෙම බිඳ වැටීමට හේතුවක මෙතෙක් ඔවුන් විසින් ප්රසිද්ධ කර නොමැති බව සඳහන් වෙයි.