ආගමික හෝ පෞද්ගලික හේතූන් මත හමුදා සේවයෙන් ඉවත් වීමට ඉල්ලා සිටි පිරිමින් 1,879 දෙනෙකුට දකුණු කොරියාව සමාව දීමට තීරණය කර තිබේ.
එය සිදුවන්නේ හමුදා සේවය ප්රතික්ෂේප කිරීමට සාධාරණ හේතුවක් ලෙස 'හෘදය සාක්ෂිය හෝ ආගමික විශ්වාසයන්' අධිකරණය විසින් පිළිගැනීමෙන් පසුවය.
දකුණු කොරියාවේ සිටින ශාරීරික ආබාධයකින් තොර සියලුම පුරුෂයන් වයස 28 වනවිට මාස 24ක් දක්වා හමුදා සේවයේ යෙදිය යුතුය.
හමුදා සේවය ප්රතික්ෂේප කර දඬුවම් ලබන අය මාස 18ක සිර දඬුවමකට ලක්වන අතර බොහෝ විට රැකියාවක් සොයා ගැනීමට මහත් පරිශ්රමයක් දරයි.
අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ හමුදා සේවය ප්රතික්ෂේප කරන පිරිස් දකුණු කොරියානු සමාජ අපකීර්තියට මුහුණ දෙන බවත් ඔවුන්ගේ සිර දඬුවමෙන් පසු රැකියාවක් සොයා ගැනීමටද ඔවුන්ට දැඩි අරගලයක් කිරීමට සිදුවන බවයි.