බන්ධනාගාරගතව සිටින පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් සෞඛ්‍ය හේතූන් මත ප්‍රතිකාර ලබාගැනීමට සති 6ක නිදහසක් ලබාදී තිබේ.
රාජ්‍ය මුදල් අවභාවිත කරමින් ආයෝජන සිදුකර ඇති බවට චෝදනා ලබා පසුගිය වසරේදී ඔහු වරදකරුවූ අතර, මේ වනවිට වසර 7ක සිර දඬුවමක් විඳිමින් සිටියි. කෙසේ වෙතත්, මෙම චෝදනා හිටපු අගමැතිවරයා ප්‍රතික්ෂේප කරයි.
69 වැනි වියෙහි පසුවන නවාස් ෂරීෆ් හෘදයාබාධයකින් සහ වකුගඩු ආබාධයකින් පෙළෙන බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබාගැනීමට ඔහුට රටින් පිටතට යාමට අවසරයක් නොලැබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇති අතර, මෙම නිදහස් කාලසීමාව අවසානයේදී යළිත් බන්ධනාගාරයට බාරවිය යුතු බව දන්වා තිබේ.
ඔහුගේ නීතීඥයන් උසාවියට දන්වා තිබුණේ, හිටපු අගමැතිවරයාට හදිසි ප්‍රතිකාර අවශ්‍යව ඇති බවත්, ඒවා බන්ධනාගාරය තුළදී ලබාගත නොහැකි බවත්ය.