ස්ලොවැකියාවේ ජනපති ධුරයට ප්‍රථම වරට කාන්තාවක් පත්වෙමින්, දූෂණ විරෝධී නීතිවේදිනියක වන සුසැනා කැපුටෝවා පසුගියදා පැවති ජනපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ.
දේශපාලන අත්දැකීමක් නැතත්, දූෂණ විරෝධී නීතිවේදිනියක ලෙස කටයුතු කළ ඇය පළමු වටයේ ඡන්ද විමසීමෙන් බහුතර බලයක් ලබා නොසිටියාය.
කෙසේ වෙතත්, මෙම මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද විමසීමේදී, ප්‍රබල රාජතාන්ත්රිකයෙකු වූ මොරාස් සෙෆ්කොවික්ද පරාජයට පත්කරමින් ඇය ජයග්‍රහණය ලැබීය.
එහිදී, ඇයගේ මෙම මැතිවරණ ආගමනය හොඳ සහ නරක අතර තරගයක් ලෙස සඳහන් වූ අතර, පසුගිය වසරේදී එරට විමර්ශණාත්මක මාධ්‍යවේදියෙකුගේ ඝාතන සිද්ධියද ඇයගේ ජයග්‍රහණයට පාර කපා තිබුණි.