බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් සිටි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක එමිලීනෝ සාලා සමග ඉංග්‍රීසි ඕඩයේදී අතුරුදන් වූ යානයේ තිබී මළ සිරුරක් ගොඩට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය ජනවාරි 21දා මෙම ක්‍රීඩකයා ගමන්ගත් යානය හදිසියේම රේඩාර් තිරයෙන් අතුරුදන් වූ අතර, එම අවස්ථාවේදී ඔහුට අමතරව යානයේ නියමුවා පමණක් එහි ගමන් කරමින් සිටියේය.
එහිදී, යානය සොයා මූලික මෙහෙයුම් සිදුකළද එය හමු නොවීමෙන් ජිඕ ඕෂන් 3 යාත්‍රාව යොදාගනිමින් සාගර අභ්‍යන්තරයේ මෙහෙයුමක් ඇරඹීය. ඒ අනුව, සෝනාර් විශ්ලේෂණයක් මගින් යානය පිළිබඳ හෝඩුවාවක් සෙවීමේදී මෙසේ ඉංග්‍රීසි ඕඩයේ සාගර පතුලෙන් යම් විශේෂ වස්තුවක් පිළිබඳ තොරතුරු ලැබී තිබුණි.
පසුව දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාකරන කුඩා රොබෝ සබ්මැරීනයක් ඒ වෙත යවා පරීක්ෂා කිරීමේදී, පපිබර් මලීබූ යානයේ සුන්බුන් හමුවූ තිබූ අතර, ඒ පිළිබඳ තවදුරටත් සිදුකළ මෙහෙයුම්වලදී මෙසේ මළ සිරුරක් සොයාගැනීමට හැකිවී තිබේ.
ඒ අනුව, මෙම මළ සිරුර මේ වනවිට ගොඩබිමට රැගෙන විත් මූලික මරණ පරීක්ෂණය සිදුවන බවත්, සිරුරු ක්‍රීඩකයාගේද, ගුවන් නියමුවාගේද යන්න මෙතෙක් නිවේදනය කර නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.
28 හැවිරිදි වියේ පසුවූ පාපන්දු ක්‍රීඩකයා සමග අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ යැයි විශ්වාස කෙරෙන ගුවන් නියමුවා 59 හැවිරිදි ඉබොස්ටොන්ය.